BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීම ගැන පුටින් සමාව ඉල්ලයි

T

The Leader Desk

December 29, 2024 • 5:26 AM

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීම ගැන පුටින් සමාව ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25 දා කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
  • රුසියානු හමුදාව විසින් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එය යුක්‍රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වන විට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
  • පුටින්ට අමතරව රුසියන් රජය මෙන්ම රුසියාවේ හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතැයි එම වාර්තාවල දැක්වේ.
  • ගුවන් යානය කඩා වැටීම පිළිබඳ විමර්ශන අවසන් වන තුරු මෙම අත්හිටුවීම පවතිනු ඇති බවද සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ එම ගුවන්යානයයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වීමත් සමගය‍.

රුසියානු හමුදාව විසින් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එය යුක්‍රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වන විට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පුටින්ට අමතරව රුසියන් රජය මෙන්ම රුසියාවේ හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතැයි එම වාර්තාවල දැක්වේ.

 

මේ අතර රුසියානු ජනාධිපති පුටින්ගේ ශෝක පණිවිඩ නිකුත් කිරීමට පෙරම අසර්බයිජානයේ ගුවන් සමාගම් කිහිපයක් රුසියානු නගර බොහොමයකට ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. ගුවන් යානය කඩා වැටීම පිළිබඳ විමර්ශන අවසන් වන තුරු මෙම අත්හිටුවීම පවතිනු ඇති බවද සඳහන් වේ.

අසර්බයිජාන මගී ගුවන් යානය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව පළමුව අනාවරණය කරන ලද්දේ අමෙරිකාවේ බුද්ධි අංශය විසිනි.

 



මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අසර්බයිජාන බාකු අගනුවර සිට දකුණු දිග චෙව්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබූ ගුවන් යානයකටය.

යානය පියාසර කරමින් තිබූ අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 67 දෙනෙකු ගමන් කරමින් තිබුණි. ප්‍රහාරයෙන් 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 29 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් විය. අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාමි අලියෙව් පසුගියදා ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.

| adaderana

සබැඳි පුවත් :

අසර්බයිජාන ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බව ඇමෙරිකාව කියයි

දකුණු රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් අතරේ අසර්බයිජාන මගී ගුවන් යානයක් කඩා වැටේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...