BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

දකුණු කොරියානු අධිකරණයකින් හිටපු ජනපතිට වරෙන්තු

T

The Leader Desk

December 31, 2024 • 9:18 AM

දකුණු කොරියානු අධිකරණයකින් හිටපු ජනපතිට වරෙන්තු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියානු අධිකරණයක් එරට හිටපු ජනපති යූන් සුක් යියොල් (Yoon Suk Yeol) අත්අඩංගුවට ගැනීමට අද, වරෙන්තු නිකුත් කළේය.
  • ජනපතිවරයා ලබන ජනවාරි 6 වන දිනට පෙර අත්අඩංගුවට ගැනීමට එම වරෙන්තුව මගින් බලය පවරා තිබේ.
  •   සාධාරණ හේතු රහිතව ජනපතිවරයා සිය ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නොපැමිණීම සහ ඔහුට එරෙහි අපරාධ චෝදනා ඇතැයි යන කරුණු මත පදනම්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇත.
  • හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශකයින් ගත් උත්සාහයන් තෙවරක්ම අසාර්ථක විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසු ගිය 03වන දින, එරට හමුදා නීතිය පැනවීමට ඔහු ගත් තීරණය හමුවේ, ඔහුට එරෙහි පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් යියොල් ජනපති ධුරයේ කටයුතු කිරීම අත්හිටවිණි. ඔහු විසින් පනවන ලද හමුදා නීතියද වහා ඉවත් කර ගැනීමට සිදු විය.

දකුණු කොරියානු ජනපතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. ජනපතිවරයා ලබන ජනවාරි 6 වන දිනට පෙර අත්අඩංගුවට ගැනීමට එම වරෙන්තුව මගින් බලය පවරා තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු සියොල් අගනුවර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නියමිතය.

 

සාධාරණ හේතු රහිතව ජනපතිවරයා සිය ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නොපැමිණීම සහ ඔහුට එරෙහි අපරාධ චෝදනා ඇතැයි යන කරුණු මත පදනම්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇත. හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශකයින් ගත් උත්සාහයන් තෙවරක්ම අසාර්ථක විය.  

හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම මගින් යියොල්, දකුණු කොරියාවට එරෙහි කැරැල්ලකට නායකත්වය දුන් බව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කර තිබේ. එම චෝදනාව, එරට ජනාධිපතිවරයකුට මුක්තිය භාවිතයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි චෝදනා අතරින් එකක්ද වේ.

ජනපතිවරයා අත්අඩංගුවට ගැනීම කවදා, කෙසේ සිදුවේ දැයි, මෙතෙක් අනාවරණය වී නොමැත. ඔහුගේ නිවස සෝදිසි කිරීම පිණිසද අධිකරණ වරෙන්තු නිකුත් කර තිබේ. එම වරෙන්තු අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනෙමින් පවතින බව එරට ජනාධිපති ආරක්ෂක සේවය පැවසීය.

ධුරය අත්හිටවූ මුත්, ජනපති අසුන අහිමි නොවූ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගැනීම යෝග්‍ය පියවරක් නොවන බව එරට මහජන බලය පක්ෂයේ වැඩ බලන නායක ක්වෙයොන් සෙයොන්ග්-දොන්ග් (Kweon Seong-dong) කියා සිටී. වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව පාර්ලිමේන්තු බහුතරයක් හෙබි විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීතිවේදී කිම් යොන්ග්-මින් (Kim Yong-min) ද, අද පැවසීය. 

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු කොරියානු අධිකරණයකින් හිටපු ජනපතිට වරෙන්තු | The Leader