BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

එක්සත් ජනපද හමුදා යේමන හුති ඉලක්ක වෙත පහර දෙති

T

The Leader Desk

January 1, 2025 • 6:18 AM

එක්සත් ජනපද හමුදා යේමන හුති ඉලක්ක වෙත පහර දෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යේමනයේ හුති ත්‍රස්ත ඉලක්ක වෙත ඊයේ (31) සහ සඳුදා (30) සිට නාවුක, ගුවන් ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද හමුදා පවසති.
  • ත්‍රස්තයින්ට අයත්, අණ දෙන සහ පාලන මධ්‍යස්ථාන කිහිපයක් ද විනාශ කළ බව එක්සත් ජනපද හමුදා පැවසූහ.
  • වසරකට අධික කාලයක් තිස්සේ, රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර වෙලඳ නෞකා, ඉරාන සහාය හිමි හුති කැරලිකරුවන්ගේ නිරන්තර ප්‍රහාරයන්ට ලක්වෙමින් පවතී.
  • ගමනාන්තයන්හි සහ ගෝලීය වෙළඳ පොළ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති අතර එය, ගෝලීය උද්ධමනය කෙරෙහිද අහිතකර ලෙස බලපා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
යේමනයේ සනා අගනුවර සහ වෙරළාසන්න කලාප එම ප්‍රහාරයන්ට ලක් විය. 


හුති සංවිධානය සතු සාම්ප්‍රදායික, උපක්‍රමික අවි ගබඩා සහ කම්හල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කෙරිණි. ඔවුන්ගේ මිසයිල සහ ඩ්‍රෝන මධ්‍යස්ථාන ද ඉන් විනාශයට පත් විය. ත්‍රස්තයින්ට අයත්, අණ දෙන සහ පාලන මධ්‍යස්ථාන කිහිපයක් ද විනාශ කළ බව එක්සත් ජනපද හමුදා පැවසූහ.

වසරකට අධික කාලයක් තිස්සේ, රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර වෙලඳ නෞකා, ඉරාන සහාය හිමි හුති කැරලිකරුවන්ගේ නිරන්තර ප්‍රහාරයන්ට ලක්වෙමින් පවතී. ඒ හේතුවෙන්, ලෝක සේවා සැපයුම් ජාලය ද මේ වන විට අර්බුදයට ලක්ව තිබේ. ගමනාන්තයන්හි සහ ගෝලීය වෙළඳ පොළ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති අතර එය, ගෝලීය උද්ධමනය කෙරෙහිද අහිතකර ලෙස බලපා ඇත.

 

ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය දැක්වීම පිණිස ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඇතුළු මිත්‍ර සන්ධානයට එරෙහි ප්‍රහාර එල්ල කරන බව හුති සංවිධානය පවසයි. 

සතුරු ප්‍රහාරයන්ගෙන් දේශය ආරක්ෂා කර ගැනීමට සියලු පියවර ගන්නා බව හුති මාධ්‍ය ප්‍රකාශක මොහම්මෙද් අබ්දුල්සලාම් (Mohammed Abdulsalam ) ප්‍රකාශ කළේය. 

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...