BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

නිව් ඔර්ලීන්ස් හි ට්‍රක් රථ ප්‍රහාරය සිදු කළේ හිටපු එක්සත් ජනපද හමුදා සාමාජිකයෙක්

T

The Leader Desk

January 2, 2025 • 7:44 AM

නිව් ඔර්ලීන්ස් හි ට්‍රක් රථ ප්‍රහාරය සිදු කළේ හිටපු එක්සත් ජනපද හමුදා සාමාජිකයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද හමුදා ජ්‍යෙෂ්ඨයෙක්, අයිසිස් (ISIS) ධජය රැගත් ට්‍රක් රථයක් ජනකායක් වෙත අධික වේගයන් ධාවනය කර ඊයේ (01) එක්සත් ජනපදයේ,
  • ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු 30 දෙනෙක් තුවාළ ලැබූහ.
  •   නිව් ඔර්ලීන්ස් වැසියන් නව අවුරුදු උදාවේ සැණකෙළි, සංදර්ශන සහ මදුවිත සපිරි ප්‍රිය සම්භාෂණ පවත්වමින් සිටි අවස්ථාවක, එරට වේලාවෙන්, ඊයේ පෙ.ව.3.15ට පමණ සිවිල් පුද්ගලයින් ඉලක්ක කර එම අවාසනාවන්ත ට්‍රක් රථ ප්‍රහාරය එල්ල කර තිබේ.
  • රථය තුළ තිබී ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය  සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලීන්ස් (New Orleans)  හි සිදු කළ ට්‍රක් රථ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙක් මරණයට පත් ව තිබේ. 

රථය, ජනකාය මධ්‍යයට ධාවනය කර අනතුර සිදු කිරීමෙන් පසු, ඔහු  ට්‍රක් රථයෙන් බැස තම අත වූ ගිනි අවියෙන් "හතර අතට" වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.

ෂම්සුදින් ජබ්බාර් (Shamsud-Din Jabbar) නැමති හතලිස් දෙහැවිරිදි එම ඝාතකයා, කලක් ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජනපද හමුදා නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි. සිද්ධිය අවස්ථාවේ, පෙරලා සිදු කළ පොලිස් වෙඩි තැබීමෙන් ඔහුද ජීවිතක්ෂයට පත් විය. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු 30 දෙනෙක් තුවාළ ලැබූහ.

 

නිව් ඔර්ලීන්ස් වැසියන් නව අවුරුදු උදාවේ සැණකෙළි, සංදර්ශන සහ මදුවිත සපිරි ප්‍රිය සම්භාෂණ පවත්වමින් සිටි අවස්ථාවක, එරට වේලාවෙන්, ඊයේ පෙ.ව.3.15ට පමණ සිවිල් පුද්ගලයින් ඉලක්ක කර එම අවාසනාවන්ත ට්‍රක් රථ ප්‍රහාරය එල්ල කර තිබේ. රථය තුළ තිබී ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය  සඳහන් කළේය.

සිදුවීමෙන් පසු, එහි පැවැත්වීමට නියමිතව තිබූ නොත්‍රිදාම සහ ජෝර්ජියා පා පන්දු කණ්ඩායම් අතර වාර්ෂික නව අවුරුදු පා පන්දු තරගය ද අද දිවා භාගය තෙක් අවලංගු කෙරිණි. සිද්ධිය පිටුපස තවත් පිරිස් ඇතැයි බුද්ධි අංශ පවසති. 

 

17357335230666
එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ. 

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...