හදිසියේ පුපුරා ගිනි ගෙන විනාශ විය. අනතුරින්, එහි රියදුරා ජීවිතක්ෂයට පත් වූ අතර සත් දෙනෙක් සුළු තුවාල ලැබූහ.
එදිනම, පුද්ගලයින් 15 දෙනකුට මරු කැඳවමින් එරට ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලීන්ස් (New Orleans) හි සිදුකළ ට්‍රක් රථ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව මෙම අනතුර සිදු විය.
ලාස් වේගාස් හි පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලය, එක්සත් ජනපද ජනපතිවරණය ජය ගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ, ට්‍රම්ප් සංවිධානයට අයත් වූවකි. මෙම මස 20 වන දින ඔහු එරට ජනපති කාර්යාලයේ වැඩ භාර ගැනීමට සූදානමින් සිටී.
ඊයේ පුපුරා ගිනිගෙන විනාශව ගිය සයිබර් ට්‍රක් රථය නිෂ්පාදිත ටෙස්ලා සාමගමේ ප්‍රධාන විධායක නිලධාරී, එලොන් මස්ක්, ජනපති ට්‍රම්ප් දිනවන 2024 මැතිවරණ සටනේ, ප්‍රධාන කොටස් කරුවකු විය. ඔහුට, මීළඟ එක්සත් ජනපද ජනපතිවරයාගේ උපදේශක ධුරයක් ද පිරිනමා තිබේ.
අනතුර ත්‍රස්ත ක්‍රියාවක්ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වෙනම විමර්ශන සිදු කෙරේ. එරට කොලරාඩෝ සිට එම ට්‍රක් රථය කුලී පදනම මත ලබා ගෙන, එහි පදවා පැමිණි පුද්ගලයා, මේ වන විටත් හඳුනා ඇතැයි, ලාස් වේගාස් නාගරික පොලිසිය පවසයි. එහෙත්, ඔහු පිලිබඳ වැඩි විස්තර කිසිත්, පොලිසිය විසින් මෙතෙක්, මාධ්‍යයට අනාවරණය කර නැත.
කෙසේ වෙතත්, එම පිපිරීම සයිබර් ට්‍රක් රථය තුළ "ඉබේ" සිදුවූවක් නොවන බව මස්ක් පැවසීය. එය, ට්‍රක් රථය තුළ සඟවා තිබූ විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් හෝ බෝම්බයක් පුපුරා යාමෙන් සිදු වූ විනාශයක් බව තහවුරු කර ඇතැයි, එක්ස් (X) පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසීය.
ට්‍රක් රථය පුපුරා ගිය මොහොතේ, එය සතු දත්ත සියල්ල යළි අනාවරණය කර ගත හැකි යැයි ද ඔහු ප්‍රකාශ කළේය. ටෙස්ලා සයිබර් මෝටර් රථ සතු දත්ත නිරන්තරයෙන්, එම සමාගමට අයත් දුරස්ථ පාලක මධ්‍යස්ථාන වෙත සම්ප්‍රේෂණය කෙරේ. ට්‍රක් රථය, 2024 වසරේ නිෂ්පාදිත එකකි.
නිව් ඔර්ලීන්ස් හි පුපුරා ගිය ට්‍රක් රථය සහ ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටල පරිශ්‍රයේ පුපුරා ගිය ටෙස්ලා ට්‍රක් රථය යන මෝටර් රථ දෙකම ටූරෝ (Turo) නම්, එකම මෝටර් රථ හුවමාරු ආයතනයකින් කුලී පදනම යටතේ ලබා ගෙන ඇතැයි අනාවරණය වී තිබේ. එම මෝටර් රථ කුලී පදනම මත ලබා ගත් රියදුරන් දෙදෙනාම, සැක කටයුතු අපරාධ හෝ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් මීට පෙර හඳුනා ඇති බවට තොරතුරු නැතැයි, එම ආයතනය පවසයි.
කෙසේ වුවත්, එම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් සිදු කෙරෙන සියලු නීතිමය සහ පොලිස් විමර්ශනවලට පූර්ණ සහාය දක්වන බව එහි ප්‍රකාශකයකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය.
සයිබර් ට්‍රක් රථය, ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලය වෙත පදවා රැගෙනවිත් ඇත්තේ ඊයේ, එරට වේලාවෙන් පෙ.ව. 8.40 ට පමණ ය. ඒ වන විටත් නිව් ඔර්ලීන්ස් ට්‍රක් රථ ප්‍රහාරය සිදු වී තිබූ බැවින්, පොලිස් නිලධාරීන් ඉදිරි ආරක්ෂක තත්ත්වය සහ සැක කටයුතු සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවද ටූරෝ ආයතනය පවසයි.
ටෙස්ලා සයිබර් ට්‍රක් රථය ගිනි ගෙන මිනිත්තු හතරක් තුළ එහි ලඟා වූ ගිනි භටයෝ, ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වූහ.
ට්‍රම්ප් හෝටලයේ නවාතැන්ගෙන සිටි සියල්ලන්, ආරක්ෂිතව වෙනත් හෝටලයක් වෙත මාරු කර යැවීමට පියවර ගැනිණි.
(Reuters ඇසුරින් සටහන| හ ර් ෂ උදයකාන්ත විසිනි)
ලාස් වේගාස් ට්‍රම්ප් හෝටලයේ ටෙස්ලා සයිබර් රථයක් පුපුරා ගිනි ගනී ! තවත් ත්‍රස්ත ක්‍රියාවක් දැයි සැක !!
T
The Leader Desk
January 2, 2025 • 3:27 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊයේ (01) නව වසර උදාවේ, එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලයේ දොර කඩ, ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක්
- එදිනම, පුද්ගලයින් 15 දෙනකුට මරු කැඳවමින් එරට ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලීන්ස් (New Orleans) හි සිදුකළ ට්‍රක් රථ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව මෙම අනතුර සිදු විය.
- මෙම මස 20 වන දින ඔහු එරට ජනපති කාර්යාලයේ වැඩ භාර ගැනීමට සූදානමින් සිටී.
- ඊයේ පුපුරා ගිනිගෙන විනාශව ගිය සයිබර් ට්‍රක් රථය නිෂ්පාදිත ටෙස්ලා සාමගමේ ප්‍රධාන විධායක නිලධාරී, එලොන් මස්ක්, ජනපති ට්‍රම්ප් දිනවන 2024 මැතිවරණ සටනේ, ප්‍රධාන කොටස් කරුවකු විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


