BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය උපරිමයට - ගිනි අවදානමත් ඉහළට

T

The Leader Desk

January 5, 2025 • 3:46 AM

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය උපරිමයට - ගිනි අවදානමත් ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්නිදිග ඕස්ට්‍රේලියාවේ, තාප තරංග බලපෑම අද දින ඉතා උග්‍ර ලෙස වැඩි වී ඇතැයි වාර්තා වේ.
  • අද, මෙල්බර්න් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යනු ඇතැයි ද කාලගුණ අනාවැකි පළ කර ඇත.
  •   දැනටමත් සෙල්සියස් අංශක 32.9 ක උෂ්ණත්ව සීමාවේ පවතින නිරිත දිග ඕස්ට්‍රේලියාවේ මිල්ජ්යුරා (Mildura) නුවර උෂ්ණත්වය, සෙල්සියස් අංශක 42 තෙක් ඉහළ යනු ඇතැයි අනතුරු අඟවා තිබේ.
  • පෙර වසරවලට සංසන්දනාත්මකව, එය ජනවාරි මස සාපේක්ෂ උෂ්ණත්ව අගය ද ඉක්මවා යාමකැයි, කාලගුණ විද්‍යාඥයෝ පවසති.  වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසක දෙවන පෙළ, ඉහළම ගිනි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පරිසර උෂ්ණත්වය ඉහළ යාමෙන්, ලඳු කැලෑ ආශ්‍රිත ලැව් ගිනි බිය හේතුවෙන්, එරට වික්ටෝරියා ප්‍රාන්තයේ, බාහිර පරිසරයේ ගිනි ආශ්‍රිත සියළු ක්‍රියාකාරකම් තහනම් කර තිබේ. 

ලඳු කැලෑ ලැව් ගිනි සමය හමුවේ ඔස්ට්‍රේලියාව පූර්ව විපත් පෙර සූදානම තර කර තිබේ. 

ඉකුත් සතියේ එරට ගිනි භටයෝ, වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ (Grampians National Park) හටගත් ලැව් ගිනි පාලනයට ඉමහත්  පරිශ්‍රමයක්  දැරූහ. නිවාස සහ ගොවි බිම් රැසක් පීරා එම ගින්න පැතිර ගිය බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 

එරට දෙවන විශාලතම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවිය හැකි බවට කාලගුණ මධ්‍යස්ථානය අද නිවේදනය කළේය. අද, මෙල්බර්න් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ යනු ඇතැයි ද කාලගුණ අනාවැකි පළ කර ඇත.

 

දැනටමත් සෙල්සියස් අංශක 32.9 ක උෂ්ණත්ව සීමාවේ පවතින නිරිත දිග ඕස්ට්‍රේලියාවේ මිල්ජ්යුරා (Mildura) නුවර උෂ්ණත්වය, සෙල්සියස් අංශක 42 තෙක් ඉහළ යනු ඇතැයි අනතුරු අඟවා තිබේ. පෙර වසරවලට සංසන්දනාත්මකව, එය ජනවාරි මස සාපේක්ෂ උෂ්ණත්ව අගය ද ඉක්මවා යාමකැයි, කාලගුණ විද්‍යාඥයෝ පවසති. 

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසක දෙවන පෙළ, ඉහළම ගිනි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය උපරිම  අගයට පැමිණෙනු ඇතැයි ද කාලගුණ කාර්යංශය පවසයි. එය ඉහළම ගිනි අවදානම් තත්ත්වයක් බව ද එම කාර්යංශය කියා සිටී. බටහිර ඔස්ට්‍රේලියාවේ සියළු ප්‍රාන්ත, නිව් සවුත් වේල්ස් සහ ටැස්මෙනියාව වෙතද, අද, තාප තරංග බලපෑම හමුවේ උෂ්ණත්වය ඉහළ යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 

 

wildfireaus
තත්ත්වය යම් තාක් දුරට සමනය කිරීමේ ශීත සුළං ප්‍රවාහ අද රාත්‍රිය වන විට අග්නිදිග ඔස්ට්‍රේලියාව වෙත හමා එනු  ඇතැයි අපේක්ෂා කෙරේ.

2019-2020 කාල වකවානුවේ, 'කළු ගිම්හානයේ' (Black Summer) හටගත් දරුණු ලැව් ගිනිවලට සාපේක්ෂව, එරට මෑත කාලීන ලැව් ගිනි වකවානු යම් තාක් සන්සුන් ස්වභාවයක් ගත්  බව කාලගුණ අංශ කියා සිටී. ඔස්ට්‍රේලියාවේ, 'කළු ගිම්හානයේ' හටගත් ලැව් ගිනි හේතුවෙන්, තුර්කිය හා සමාන භූමි ප්‍රමාණයක් විනාශ විය. ඉන් ඔස්ට්‍රේලියානුවෝ 33 දෙනෙක් සහ වන සතුන් බිලියන ගණනක් මිය ගියහ. 

(Reuters  ඇසුරින් සටහන |  හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...