BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ගාසා නව සටන් විරාම කතා සූදානම අතරේ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඊයෙත් මරණ රැසක්

T

The Leader Desk

January 5, 2025 • 5:05 AM

ගාසා නව සටන් විරාම කතා සූදානම අතරේ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඊයෙත් මරණ රැසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ඊයේ (04), 70කට අධික පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් 17 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වූයේ, ගාසා නගරයේ නිවාස දෙකක් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනි.
  • මිය ගිය වැඩි පිරිස කාන්තාවන් සහ කුඩා ළමෝ වෙති.  ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළ කිසිවෙක් එහි නොවූ බව ද ප්‍රදේශවාසීහු පවසති.
  • එය මුළුමනින්ම අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් බව ඔවුහු කියා සිටිති.
  • ගොඩනැගිලිවලට යටවී තිබී හමුවන බොහාමයක් මළ සිරුරු කුඩා දරුවන්ගේ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ අළුයම දෙකේ සිට එම ප්‍රහාර එල්ල කෙරුණු බව ප්‍රදේශ වාසීහු පවසති. මිය ගිය වැඩි පිරිස කාන්තාවන් සහ කුඩා ළමෝ වෙති. 

ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළ කිසිවෙක් එහි නොවූ බව ද ප්‍රදේශවාසීහු පවසති. එය මුළුමනින්ම අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක් බව ඔවුහු කියා සිටිති.

ප්‍රහාරයෙන් විනාශයට පත් ගොඩනැගිලි සුන් බුන් අතර තවමත් සිරවී සිටින පුද්ගලයින් සොයා ප්‍රදේශවාසීහු දිගින් දිගටම වෙහෙසකර කාර්යයක නිරත වෙමින් සිටිති. ගොඩනැගිලිවලට යටවී තිබී හමුවන බොහාමයක් මළ සිරුරු කුඩා දරුවන්ගේ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසති. ප්‍රහාරයෙන් පැය ගණනකට පසුවද, නිවෙස් තුළ වූ ගෘහ භාණ්ඩ තවමත් ගිනි ගනිමින් ඇතැයි වාර්තා වේ.

 

ගාසා නගරයේ, තවත් නිවාසයක් වෙත ඊයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනකුවත් මිය ගොස් ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි. අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනකුවත් ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී ඇතැයි, සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරති. 

උතුරු ගාසා තීරයේ බෙයිට් හනෞන් හි ඉකුත් සතියේ අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදා පවසති. හමාස් ත්‍රස්තවාදීන්ට අයත් එහි වූ හමුදා සංකීර්ණයක් මුළුමනින්ම විනාශ කළ බව ඊශ්‍රායල හමුදා කියා සිටිති. පසු ගිය තෙමස තිස්සේ එම ප්‍රදේශයන්හි ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත තර කර තිබේ.

ඊයේ, හමාස් සංවිධානය සිය අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල හමුදා සාමාජිකාවක වන ලිරී ඇල්බග් (Liri Albag) ගේ වීඩියෝවක් මුදාහැරීමට කටයුතු කළහ. ඊශ්‍රායල ක්‍රියාන්විත හමුවේ ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත දිනෙන් දින තර්ජනයට ලක්වෙමින් ඇති බවත්, ඊශ්‍රායල පාර්ශ්වයෙන් ගැටලුවට වහා විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙසත්, ඇය එහි ප්‍රකාශ කරයි.

 

ප්‍රාණ ඇපකරුවන් නිරුප්‍රදිතව රැගෙන ඒමට අවශ්‍ය සියළු පියවර ගන්නා බවත්, හමාස් ත්‍රස්තයින් විසින් ජීවග්‍රහයෙන් ගෙන සිටින ඒ කිසිවකුටත් හානියක් සිදු කළ හොත්, කිසිදු සමාවක් අපේක්ෂා නොකරන ලෙසත්, එම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටී. 

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...