BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් මුදා හරී - ඇමරිකානු රාජ්‍ය ලේකම් දකුණු කොරියාවේ සංචාරයක

T

The Leader Desk

January 6, 2025 • 7:58 AM

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් මුදා හරී - ඇමරිකානු රාජ්‍ය ලේකම් දකුණු කොරියාවේ සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියාව අද සිය දේශ සීමාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මැද දුර බැලස්ටික් මිසයිලයක් මුදා හැරියේය.
  • උතුරු කොරියානු මිසයිලයක් බවට සැක කෙරෙන රොකට් අවියක් මුහුදට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක සේවය ද අද ප්‍රකාශ කළේය.
  • වොෂින්ටනය, ඕනෑම මොහොතක දකුණු කොරියාවේ ආරක්ෂාව වෙනුවෙන් නොපැකිළව ඉදිරිපත් වන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා එහිදී අවධාරණය කළේය.
  • උතුරු කොරියානු තර්ජනයන්ට එරෙහිව, දෙරට අතර සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්ෂක සන්නිවේදන තර කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අද, උග්‍ර දේශපාලන අර්බුදයක පසුවන දකුණු කොරියාවේ සංචාරයක නිරත වේ. 


උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් දියත් කළ බව දකුණු කොරියාව තහවුරු කරයි. උතුරු කොරියානු මිසයිලයක් බවට සැක කෙරෙන රොකට් අවියක් මුහුදට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක සේවය ද අද ප්‍රකාශ කළේය.

බ්ලින්කන්, දකුණු කොරියානු වේලාවෙන් අද උදෑසන, එරට වැඩ බලන ජනපති, චෝයි සැඞ්-මොක් හමු විය. වොෂින්ටනය, ඕනෑම මොහොතක දකුණු කොරියාවේ ආරක්ෂාව වෙනුවෙන් නොපැකිළව ඉදිරිපත් වන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා එහිදී අවධාරණය කළේය. උතුරු කොරියානු තර්ජනයන්ට එරෙහිව, දෙරට අතර සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්ෂක සන්නිවේදන තර කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

 

දකුණු කොරියාවේ හිටපු ජනපති, යූන් සුක් යියොල් පසුගිය දෙසැම්බර 03 දා, රටම කළඹවමින් එරට හමුදා නීතිය ප්‍රකාශයට පත් කළේය. ඊට පැය  කිහිපයකට පසු, පාර්ලිමේන්තු විරෝධය හමුවේ එය ඉවත් කර ගැනීමට ඔහුට සිදු වූ අතර, බහුතර අමාත්‍ය මණ්ඩල දෝෂාභියෝගයකින් ඔහු සිය ධුරයේ රැඳී සිටීම අත්හිටවිණි. 

අද, සිදු කෙරුණු උතුරු කොරියානු බැලස්ටික් මිසයිල දියත් කිරීම, පසුගිය නොවැම්බර් මස 05 දා, එරට කෙටිදුර බැලස්ටික්  මිසයිල හතක් අත්හදා බැලීමෙන් අනතුරුව, සිදු කරන ලද පළමු අත්හදා බැලීම වේ.

මේ අතර, දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන්, හිටපු ජනපති යූන් සුක් යියොල් අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයකින් මීට පෙර නිකුත් කරන ලද වරෙන්තුව අද කල් ඉකුත් වේ. ඊට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය විමර්ශන නිලධාරීන් ඉකුත් සිකුරාදා (03) ගත්  තැත, ජනපති ආරක්ෂක සේවයේ, එරට හමුදා සාමාජිකයින්ගේ සහ ජන විරෝධය හමුවේ ආපසු හරවා ගැනීමට සිදු විය.

 

එම වරෙන්තුව තව දුරටත් බලාත්මක කරන ලෙස අධිකරණය  ඉදිරියේ ඉල්ලීමක් සිදු කරන බව, රාජ්‍ය විමර්ශන නිලධාරීහු අද ප්‍රකාශ කළහ.   

අද උදෑසන යූන් ගේ සමීප ආධාරකරුවෝ එරට දී මාධ්‍ය හමුවක් පැවැත්වීය. ක්‍රිස්තියානි පාස්ටර් වරයකු වන ජුන් ක්වඞ්-හූන් ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. හිටපු ජනපතිවරයා වෙනුවෙන් කෙරෙන සටන, ඔහුගේ නිදහස උදෙසා සිදු කරන ජාත්‍යන්තර අරගලයක් බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

දකුණු කොරියාව තුළ ෆොක්ස් ප්‍රවෘත්ති චැනලයේ (Fox News) මාධ්‍ය වාර්තාකරුවකු නොමැති වීම දැඩි අඩුවක් බව එහිදී අවධාරණය කෙරිණි. එම චැනලය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර වඩාත් ජනප්‍රිය, එක්සත් ජනපදයේ ක්‍රියාත්මක රූපවාහිනී චැනලයකි.


(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...