BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

තිබ්බතයේ, හිමාලය කඳු පාමුල දරුණු භූ කම්පනයක්

T

The Leader Desk

January 7, 2025 • 7:41 AM

තිබ්බතයේ, හිමාලය කඳු පාමුල දරුණු භූ කම්පනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද උදෑසන උතුරු හිමාල තීරයේ කඳු පාමුලෙක, තිබ්බතයේ අතිශය පූජනීය නගරාසන්නයක, රිච්ටර් මාපක 7.0ක භූ කම්පනයක් සිදු විය. භූ කම්පනයේ ආසන්න පසු අගය රිච්ටර් මාපක 6.9 සිට 6.8ක් වූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.
  • 9.00ට පමණ එම දරුණු භූ කම්පනය හට ගැනිණි.
  •   පොළොව අභ්‍යන්තරයේ කි.මී.10ක් පමණ දුරින් එහි අපි කේන්ද්‍රය වූ බව චීන භූ කම්පන මධ්‍යස්ථානය වාර්තා කළේය.
  • 5 ක් ඇතුළත ග්‍රාමීය ජනාවාස හයක් පිහිටා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි ෂිගත්සේ (Shigatse) නගරයේ සහ ඒ අවට ගොඩනැගිලි රැසකට ඉන් හානි සිදු විය. භූ කම්පනයෙන් භීතියට පත් අවට ජනාවාසවල පදිංචිකරුවෝ, දේශ සීමාව ආසන්නයේ පිහිටි නේපාල සහ ඉන්දීය බිම් කඩ වෙත පලා ගියහ.

එරට වේලාවෙන් පෙ.ව. 9.00ට පමණ එම දරුණු භූ කම්පනය හට ගැනිණි.  

පොළොව අභ්‍යන්තරයේ කි.මී.10ක් පමණ දුරින් එහි අපි කේන්ද්‍රය වූ බව චීන භූ කම්පන මධ්‍යස්ථානය වාර්තා කළේය. ඊට කි,මී. 5 ක් ඇතුළත ග්‍රාමීය ජනාවාස හයක් පිහිටා තිබේ.


ADTthokw

 

අනතුරින් සිදුව ඇති විපත සුළුපටු නොවේ යැයි, චීන මාධ්‍ය පවසයි. ඒ පිලිබඳ තවමත් නිශ්චිත තොරතුරු තහවුරු කර නොමැත.

විපත සිදු වූ  ප්‍රදේශය ආසන්නයේ පිහිටි ලත්සේ (Lhatse) හි වීදි දෙපස වූ කඩ සාප්පු, භූ කම්පනයත් සමග විනාශව ඇති අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මධ්‍යයේ සංසරණය වෙතැයි, රොයිටර්ස් පුවත් සේවය කියයි. වීදි මග, සුන්බුන් පතිතව ඇති අයුරු ද එහි දක්නට තිබේ.

ප්‍රාදේශීය සහන නිලධාරීහු භූ කම්පනයෙන් විපතට පත් ජනතාව සොයා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි, චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. සහන නිලධාරීන් විසින්  පූර්ණ විපත්  පශ්චාත් තක්සේරු වාර්තා ද ඉදිරිපත් කෙරෙනු  ඇත.

භූ කම්පන කේන්ද්‍රයේ සිට කි.මී.400ක් තරම් දුරින් පිහිටි නේපාලයේ කත්මන්ඩු අගනුවරටද එම කම්පනය බලපා තිබේ. නිවෙස්හි රැඳී සිටි ජනතාව  වහා පිටතට දිව ගිය බව එරට මාධ්‍ය පවසයි.

 


භූතානයේ තිම්පු අගනුවර සහ නේපාලයට යාබද උතුරු ඉන්දීය බිහාර් ප්‍රන්තයද භූ කම්පනයේ බලපෑමට නතු විය. කම්පනයෙන් නිවෙස් බිත්ති දෙදරා ගිය බව ප්‍රදේශවාසීහු පවසති.

කෙසේ වෙතත්, භූ කම්පනයෙන් ඉන්දීය භූමියෙහි සිදුව ඇති විපත් මෙතෙක් වාර්තා වී නැතැයි, බලධාරීහු පවසති.

රිච්ටර් මාපක 6.8 ක භූ කම්පනයක් යනු අතිශය දරුණු විපත් සිදු විය හැකි ආපදා තත්ත්වයක් වේ. භූ කම්පන කලාපය පුරා සේවයේ නියුතු පොලිස් හා ආරක්ෂක හමුදා භට පිරිස් මෙන්ම, සිවිල් සහන කණ්ඩායම් ද පසු විපත් කළමනාකරණ සහ ගලවා ගැනීමේ ක්‍රියාන්විත වෙත යොමු කර තිබේ.

නිරිතදිග චීන, නේපාල  සන උතුරු ඉන්දීය ප්‍රදේශ රැසක් බහුල ලෙස භූ කම්පන සිදු වන රේඛාවෙක පිහිටියේය. ඉන්දියානු අර්ධද්වීපික සහ යුරේසියානු භූ තල එකිනෙක ගැටීමෙන්, එහි නිරන්තර භූ කම්පන සිදු වේ.


IndiaTv2d1e12 earthquake tibet
2008 වසරේ චීනයේ සිචුවාන් හි සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ලයින් 70,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්  වූහ.

2015 වසරේ නේපාලයේ, කත්මන්ඩු අගනුවර ආසන්නයේ සිදු වූ රිච්ටර් මාපක 7.8ක භූ කම්පනයෙන්, පුද්ගල ජීවිත 9000කට අධික සංඛ්‍යාවක් අහිමි වූ අතර දහස් ගණනක්  තුවාළ ලදහ.

නේපාලයේ පිහිටි සංචාරක ආකර්ෂණය දිනූ පූජනීය ගොඩනැගිලි සහ යටිතල පහසුකම් රැසක් ද එම ස්වභාවික විපතින් විනාශ විය. එය නේපාල ඉතිහාසයේ සිදු වූ දරුණුතම භූ කම්පනය සේ සැලකේ.

(Reuters  ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...