BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ගාසා තීරයේදී, ලෝක ආහාර වැඩසටහනට අයත් ආධාර රථ පෙළකට ඊශ්‍රායලය වෙඩි තබයි

T

The Leader Desk

January 7, 2025 • 11:11 AM

ගාසා තීරයේදී, ලෝක ආහාර වැඩසටහනට අයත් ආධාර රථ පෙළකට ඊශ්‍රායලය වෙඩි තබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයට පිවිසුණු ලෝක ආහාර වැඩසටහනට අයත් ට්‍රක් රථ පෙළකට ඊශ්‍රායල හමුදා ඊයේ (06) ප්‍රහාර එල්ල කළහ.
  • ප්‍රහාරයෙන් එහි සිටි කාර්ය මණ්ඩල සේවකයින් අට දෙනාගෙන් කිසිවකුට හානියක් වී නැතත්, ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාර 16ක් ඒ වෙත එල්ල වී තිබේ.
  • මෙම නවතම ඊශ්‍රායල හමුදා ප්‍රහාරය, ගාසා තීරයේ සේවයේ නියුතු ජාත්‍යන්තර සහන සේවකයින්, කාර්ය මණ්ඩල සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන මුහුණ පා ඇති අතිශය භයානක ජීවිතාන්තරායය තව දුරටත් ඉස්මතු කර ඇතැයි, ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.
  • අවතැන් පලස්තීන ජනතාව වෙත අත්‍යවශ්‍ය  ආධාර රැගෙන යන්නන්ගේ ආරක්ෂාව උදෙසා ප්‍රවර්ධිත වැඩසටහනක් වහා ක්‍රියාත්මක කරන ලෙස, ඔවුහු ඊශ්‍රායල හමුදාවන්ගෙන් උදක්ම ඉල්ලා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

අවතැන් පලස්තීනුවන් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යමින් සිටි එම වැඩසහනට අයත් ට්‍රක් රථ තුනකට ඉන් හානි සිදු විය.

ප්‍රහාරයෙන් එහි සිටි කාර්ය මණ්ඩල සේවකයින් අට දෙනාගෙන් කිසිවකුට හානියක් වී නැතත්, ඊශ්‍රායල හමුදා වෙඩි ප්‍රහාර 16ක් ඒ වෙත එල්ල වී තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන, එම ප්‍රහාරය පිළිකුලෙන් හෙලා දකී.

 

මධ්‍යම ගාසා හි සිට උතුරේ පිහිටි ගාසා නගරයට ධාවනය කරමින් පැවති ට්‍රක් රථ තුන වෙත, වාඩි ගාසා හමුදා මුර පොළ ආසන්නයේදී ඊශ්‍රායල හමුදා විසින් එම වෙඩි තැබීම සිදු කර තිබේ. 

එම රථ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට අයත් බව විශාලව සහ පැහැදිලිව එහි සටහන් කර තිබු බවත්, අදාළ රාජකාරීමය කටයුතු පිණිස ධාවනය කෙරෙන බවට ඊශ්‍රායල හමුදා වෙතින්  පූර්ව අවසරය ලබා තිබූ බවත්, එම වැඩසටහන කියා සිටී.

මෙම නවතම ඊශ්‍රායල හමුදා ප්‍රහාරය, ගාසා තීරයේ සේවයේ නියුතු ජාත්‍යන්තර සහන සේවකයින්, කාර්ය මණ්ඩල සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන මුහුණ පා ඇති අතිශය භයානක ජීවිතාන්තරායය තව දුරටත් ඉස්මතු කර ඇතැයි, ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි. අවතැන් පලස්තීන ජනතාව වෙත අත්‍යවශ්‍ය  ආධාර රැගෙන යන්නන්ගේ ආරක්ෂාව උදෙසා ප්‍රවර්ධිත වැඩසටහනක් වහා ක්‍රියාත්මක කරන ලෙස, ඔවුහු ඊශ්‍රායල හමුදාවන්ගෙන් උදක්ම ඉල්ලා සිටිති.

image1170x530cropped

 

ආධාර රැගෙන යන ජාත්‍යන්තර සංවිධානවලට අයත් රථ සහ එහි කාර්යමණ්ඩල ආරක්ෂාව පිලිබඳ හැකි සියලු පියවර ගෙන ඇති බවත්, ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන බවත්, ඊශ්‍රායල හමුදා පවසති. 

වෙඩි තැබීමේ සිදුවීම යළි සමාලෝචනය කොට, මෙහෙයුම් ක්‍රියා පිළිවෙත් නිවැරදිව සිදු කර තිබේදැයි පරික්ෂා කොට, විමර්ශනයේදී හඳුනාගැනෙන තොරතුරු මත පදනම්ව, ඒ පිලිබඳ විශ්ලේෂණයක් ලබා දෙන බව ඔවුහු කියා සිටිති.

ගාසා තීරයේ වත්මන් මානුෂීය අර්බුදය විසඳීමට මැදිහත්ව සිටින ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන රැසක් හමුදා වෙඩි ප්‍රහාරවලට මැදි වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත චෝදනා එල්ල වේ. හමාස් සංවිධානය සමූලඝාතනය කිරීමේ ඊශ්‍රායල ඉලක්ක අතරේ, එහි මානුෂීය ක්‍රියාන්විතවල නිරත සිය සියලු කාර්ය මණ්ඩල ජීවිත බියකරු ලෙස අනාරක්ෂිතව ඇතැයි, එම සංවිධාන චෝදනා කරති.  

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...