BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කරයි

T

The Leader Desk

January 7, 2025 • 3:30 PM

දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් දෙසැම්බර 29 වන දා දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොටුපොළේ සිදුවූ ජෙජු ගුවන් අනතුරේ වගකීම පිළිගෙන සිය ධුරයෙන්
  • අනතුර පිලිබඳ තමා සතුව බරපතල වගකීමක් ඇති සේ අත්‍යන්තයෙන් වටහා ක්‍රියා කරන බව අමාත්‍ය පාර්ක් සඞ්-වූ (Park Sang-woo ) අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
  •   අනතුර පිලිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සිය තීරණය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
  • දකුණු කොරියාවේ ජෙජු ගුවන් සේවයට අයත් බොයිං ගුවන් අනතුරින් 179 දෙනකු ජීවිතක්ෂයට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි, එරට ප්‍රවාහන අමාත්‍යවරයා අද නිවේදනය කළේය.

අනතුර පිලිබඳ තමා සතුව බරපතල වගකීමක් ඇති සේ අත්‍යන්තයෙන් වටහා ක්‍රියා කරන බව අමාත්‍ය පාර්ක් සඞ්-වූ (Park Sang-woo ) අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.  

අනතුර පිලිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව සිය තීරණය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

දකුණු කොරියාවේ ජෙජු ගුවන් සේවයට අයත් බොයිං ගුවන් අනතුරින් 179 දෙනකු ජීවිතක්ෂයට පත්විය. එය, එරට මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම ගුවන් අනතුර සේ සැලකේ.  

ගුවනේදී පක්ෂීන් ගැටී, අනතුරුව ගුවන් යානයේ ගොඩ බැස්වීමේ රෝද අක්‍රීයව පැවති අවස්ථාවක, එහි බඩපත සහිත බඳ, ගුවන් ධාවන පථයේ ස්පර්ශවීමට සලස්වමින් සිදු කළ හදිසි ගොඩ බැස්වීමේ අවසන් අදියරේදී එය අනතුරට ලක්ව ගිනි ගෙන මගී සහ කාර්ය මණ්ඩලයේ ජීවිත ද සමගින් විනාශ විය.

දිවි ගලවා ගත හැකි වූයේ ගුවන් කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට පමණි.

ගුවන් යානය ධාවන පථයෙන් ලිස්සා ඉවත ඇදී  ගොස් ගැටුණු, කොන්ක්‍රීට් පැති  බැම්ම, එම ධාවන පථයට අනවශ්‍ය සේ ඉතා ආසන්නව සහ ස්ථාවරව ඉදි කර තිබීම, අනතුරට ආසන්නතම හේතුව බව, ඒ පිලිබඳ විමර්ශනයේ නියුතු විශේෂඥයෝ ද දැන් පෙන්වා දෙති.

ගුවන් තොටුපොළක, දුර්වල දර්ශන පථයක් පවතින අවස්ථාවල ගුවන් ධාවන පථය වෙත ළඟාවන ගුවන් යානා වෙත මග කියන දිසා දර්ශක එම පැති බැම්ම මත සවි කර තිබිණි.

එම ඉදි කිරීමේ දී ප්‍රමාණවත් සහ නිසි ආරක්ෂක පියවර අනුගමනය කළේදැයි ගැටළු මතුවන නමුදු, එය දකුණු කොරියාව තුළ සහ ඉන් පිටත ගුවන් තොටුපොළවල  පැවතිය යුතු ආරක්ෂක නිර්දේශ මත ඉදි කරන ලද්දක් බව එරට නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ජූ ජොඞ්-වෑන්  පැවසීය.  එම ඉදි කිරීම එම ස්ථානයේ සිදු කළේ මන්දැයි, පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විටත්, ගුවන් යානය සතු  දත්ත පද්ධතියේ සහ වාචික සන්නිවේදන සහිත 'කළු පෙට්ටියේ' අඩංගු තොරතුරු විශේෂඥ අවධානයට ලක් වෙමින් පවතී. එම විමර්ශන පිණිස අවම වශයෙන් තෙදිනක්වත් ගත වෙතැයි අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ඇරඹෙන මූලික පරීක්ෂණ සඳහා තවත් දෙදිනක් ගත වන බව විමර්ශකයෝ පවසති.

එම මූලික කරුණු මත පදනම්ව, ගුවනේදී ක්‍රියාවිරහිත වූයේ යානය සතු එක් එන්ජිමක්ද, නොඑසේව එන්ජින් යන්ත්‍ර දෙකමද යන්න පිළිබඳවද අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත.

ගුවන් යානයේ ගොඩ බස්වන රෝද අක්‍රීය වුයේ කෙසේ දැයි සහ පක්ෂීන් ගැටීමෙන් පසු ප්‍රධාන ගුවන් නියමුවා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර, ඒ බව ගුවන් පාලක මැදිරියට දන්වා, ගොඩ බැස්වීමේ දෙවන ප්‍රයත්නයක් වෙත ගියේ මන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.    

(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)


සබැඳි පුවත් :

ජෙජු අනතුර සිදු වූ දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොට ලබන 14 තෙක් වැසේ

ජෙජු ගුවන් අනතුර ගැන ද්වේශ සහගත, සාවද්‍ය තොරතුරු පළ කරන්නන් සොයා දඬුවම් කරන්න' - ද. කොරියා වැඩ බලන ජනපති

වසර අවසානය ගුවන් ක්ෂේත්‍රයට අපලයි ! - දකුණු කොරියා අනතුරට හේතුව අනවශ්‍ය ඉදිකිරීමක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...