BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

තිබ්බත භූ කම්පනයෙන් සියයකට ආසන්න පිරිසක් මරුට

T

The Leader Desk

January 7, 2025 • 4:40 PM

තිබ්බත භූ කම්පනයෙන් සියයකට ආසන්න පිරිසක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද තිබ්බතයේ සිදු වූ දරුණු භූ කම්පනයෙන් අවම වශයෙන් 95 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, චීන මාධ්‍ය පවසයි.
  • ස්වභාවික විපතින් තිබ්බත පාර්ශ්වයේ පුද්ගලයින් 130කට වැඩි පිරිසක් තුවාළ ලබා ඇත.
  • ආරක්ෂක සාමාජිකයින් සහ ගිනි භටයින් ඇතුළු 1500කට අධික ප්‍රාදේශීය සහන සේවක කණ්ඩායමක් පශ්චාත් විපත් සහන ක්‍රියාන්විතවල නිරතව  සිටිති.
  • භූ කම්පනයට ලක් වූ තිබ්බත ෂිගත්සේ (Shigatse) පළාත, 800,000කට අධික ජනගහණයකින් යුත් ප්‍රදේශයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිවාස සිය ගණනක් ද මුළුමනින්ම විනාශව පවතී.

ස්වභාවික විපතින් තිබ්බත පාර්ශ්වයේ පුද්ගලයින් 130කට වැඩි පිරිසක් තුවාළ ලබා ඇත.

ආරක්ෂක සාමාජිකයින් සහ ගිනි භටයින් ඇතුළු 1500කට අධික ප්‍රාදේශීය සහන සේවක කණ්ඩායමක් පශ්චාත් විපත් සහන ක්‍රියාන්විතවල නිරතව  සිටිති.

 චීන ජනපති ෂී  ජින්පින්, භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස කඩිනම් ඒකාබද්ධ මෙහෙයුමකට උපදෙස් නිකුත් කළේය.

භූ කම්පනයට ලක් වූ තිබ්බත ෂිගත්සේ (Shigatse) පළාත, 800,000කට අධික ජනගහණයකින් යුත් ප්‍රදේශයකි. එහි නිවාස බොහොමයක් මුළුමනින්ම 'බිමට සමතලා' වී ඇතැයි, තිබ්බත ගිනි ආරක්ෂක ඒකකය පැවසීය.

විනාශව ගිය නිවෙස් සුන් බුන් වලට සිරවී සිටින්නන් සොයා, සහන සේවකයෝ තවදුරටත් අසීරු මෙහෙයුම් හි නිරතව සිටිති.

භූ කම්පනය සිදු වූ ප්‍රදේශයේ හිමාලය තරණය කෙරෙන උතුරු ද්වාරය පිහිටා තිබේ. චීනය, එරටට අයත් එවරස්ට් කඳු තරන කලාපය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තේය.

චීනය, විපතට පත් පුද්ගලයින් වෙත තාවකාලික කූඩාරම්, ශීත කබා, ජංගම ඇඳන්, පොරෝන සහ ඇඳ ඇතිරිලි ආදී භාණ්ඩ 22,000කට අධික සංඛ්‍යාවක් ද පිටත් කර හැරීය.

මුහුදු මට්ටමේ සිට මීටර 4000-5000ත් අතර පිහිටි ටින්ග්‍රි ප්‍රදේශයේ වූ ගම්මාන සියල්ල, භූ කම්පනයත් සමග, 'වෙව්ලා' ගිය බව ප්‍රදේශවාසීහු පවසති.  

ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව, රිච්ටර් මාපක 4.4ක පසු කම්පන 150කට අධික සංඛ්‍යාවක් සමස්ත කලාපයට බලපෑ බැව්  වාර්තා වේ.

තිබ්බතයේ, භූ කම්පන අපි කේන්ද්‍රයේ සිට කි.මී.20 ක දුරින්, 6,900කට අධික ජනගහනයෙන් යුත් නාගරික  කලාප තුනක් සහ ග්‍රාමීය ප්‍රදේශ 22ක් පිහිටා තිබේ. විපතින් එහි, 1,000කට අධික නිවෙස් සංඛ්‍යාවක් විනාශව ගොසිනි.  

තිබ්බත ලාසා කොටසේ පමණක් 1950ගණන්වල සිට රිච්ටර් මාපක 6ට ඉහළ  භූ කම්පන 21ක් වාර්තා වී තිබේ. මීට පෙර, රිච්ටර් මාපක 6.9ක  බරපතලම භූ කම්පනය, එහි මේන්ලිඞ්  (Mainling) වෙතින් වාර්තා විය.

අද උදෑසන සිදු වූ තිබ්බත භූ කම්පනය, අපි කේන්ද්‍රයට කි.මී.400ක් පමණ එපිටින් පිහිටි නේපාලයටද දැනුනේය. තමා නිදමින් සිටි සයනය සිය දරුවා විසින් සොලවනු ඇතැයි සිතා මුලින් ඒ පිලිබඳ අවධානයක් නොදැක්වූ මුත්, නිවසේ ජනෙල් පියනක් අසාමාන්‍ය ලෙස සෙලවෙනු දැකීමෙන්, එය භූ කම්පනයක් බව දැන තැති ගත්තේ යැයි, කත්මන්ඩු අගනුවර පදිංචිකාරිනියක වන මීරා අධිකාරී පැවසීය.

භූ කම්පනය, භූතානයේ තිම්පු අගනුවර සහ උතුරු ඉන්දීය බිහාර් ප්‍රාන්තය තෙක් බල පා තිබේ.  

(Reuters  ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)


සබැඳි ලිපියක් :

තිබ්බතයේ, හිමාලය කඳු පාමුල දරුණු භූ කම්පනයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...