යුක්‍රේනය, ඊයේ (07) රැය පුරාවට රුසියාව අභ්‍යන්තරයට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන්, එංගල්ස් නගරයේ ඉන්ධන ගබඩාවක ගින්නක් හට ගැනිණි.
එරට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක ගුවන් යානා සඳහා වෙන් කළ ගුවන් තොටුපොළක් ද එහි පිහිටියේය.
ප්‍රහාරය සාර්ථක බව යුක්‍රේන හමුදා අද ප්‍රකාශ කළහ.
රුසියාවේ වොල්ගා නදිය දෙපස පිහිටි එංගල්ස් සහ සරටොව් නගර දෙකම ඊයේ, එම යුක්‍රේන සමූහ ඩ්‍රෝන ප්‍රහාරයට ලක් විය.
සිය ප්‍රහාරයත් සමග එම නගරයන්හි විශාල පිපිරුම් සිදු වූ බව යුක්‍රේනය පවසයි.
ප්‍රහාරයෙන් ගිනි ගැනීමට ලක් වුයේ එංගල්ස් - 2 හමුදා ගුවන් තොටුපොළට ඉන්ධන සපයන, ක්‍රිස්ටල් ඉන්ධන ගබඩාව බව ද යුක්රේන හමුදා පවසති.
රුසියාවේ සංග්‍රාමික සේවා සැපයුම් ජාලයට ඉමහත් හානි සිදු කළ එම ප්‍රහාරය හමුවේ, සාමකාමී යුක්‍රේන ජනාවාස සහ සිවිල් ඉලක්ක වෙත යළි යළිත් ප්‍රහාර එල්ල කිරීමේ රුසියාවේ ශක්තිය ප්‍රශස්ත ලෙස බිඳලූ බව යුක්‍රේනය කියා සිටී.
මෙම ප්‍රහාරයට යුක්‍රේනය, දිගු දුර ඩ්‍රෝන ප්‍රහාරක යානා යොදා ගත්තේය. ඒවා බටහිරින් ලද යුධාධාර නොව, යුක්‍රේනයේම නිෂ්පාදිත අවි බව එම හමුදා පවසති.
රුසියානු-යුක්‍රේන යුද්ධයට දැන් තෙවසරකි. ගිය වසරේ, යුක්‍රේනය, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATACMS බැලස්ටික් මිසයිල සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත "කුණාටු හේමලයෝ" හෙවත් ස්ටෝර්ම් ෂැඩෝස් (Storm Shadows) මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දීම ආරම්භ කළේය. රුසියාව ඊට පිළිතුරු දුන්නේ, රුසියාවේම නිෂ්පාදිත ඔරෙෂ්නික් (Oreshnik) හයිපර් සොනික් මිසයිලයෙනි. එය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් සුළං කපා, ඉලක්කය හඹා යන අති ප්‍රබල අවියෙකි.
යුක්‍රේනය, බටහිර අවි යොදා රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කරන සැම අවස්ථාවකම, රුසියාව ඊට දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට සපථ කර තිබේ. "ඊයේ ප්‍රහාරයට අපි යොදා ගත් ඩ්‍රෝන යානා අපේම රටේ, අපේම නිෂ්පාදන," යැයි, යුක්‍රේනය පවසන්නේ, එම බිය නිසාවෙන් වන්නට ද පිළිවන.
මන්ද, ඊයේ රුසියාව අභ්‍යන්තරයට එල්ල වූ යුක්‍රේන ප්‍රහාරය බිහිසුණු වන්නේ, ඉන් ක්‍රිස්ටල් තෙල් ගබඩාව ගිනිගත් නිසාම නොවේ. රුසියානු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක ගුවන් යානා දියත් කෙරෙන එංගල්ස් - 2 හමුදා ගුවන් තොටුපොළ ද ඒ ආසන්නයේම පිහිටි හේතුවෙනි.
ඊයේ ප්‍රහාරයට එක්වූ යුක්‍රේන ඩ්‍රෝන යානා 11ක් සරටොව් ඉහළ අහසේ වෙඩි තබා බිම හෙළූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද පැවසීය. තවත් රුසියානු කලාප සහ අසොව් මුහුදු සීමාවට ඉහළින් පියාසර කළ යුක්‍රේන ප්‍රහාරක ඩ්‍රෝන 21ක් ද බිම හෙලීමට රුසියානු හමුදා සමත් වූහ.
නිසල රාත්‍රී යාමය දෙවනත් කරමින් ඊයේ පිපිරුම් හඬ රැසක් ඇසුණු බව එංගල්ස් වාසීහු පවසති.
මොස්කව් අගනුවරට ගිනිකොණ දෙසින්, කි.මී 730ක පමණ දුරින් එංගල්ස් හමුදා ගුවන් තොටුපොළ පිහිටා තිබේ.
ඒ, යුක්‍රේන දේශ සීමාවේ සිට තවත් කිලෝ මීටර සිය ගණනක දුරකිනි. 2022 දෙසැම්බරයේ, ඊට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානයක් බිම හෙලීමට ගත් උත්සාහයේදී, රුසියානු හමුදා සාමාජිකයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඊයේ ප්‍රහාරයෙන් අනතුරට පත් කිසිවකු පිලිබඳ මෙතෙක් අසන්නට නැත.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක ගුවන් තොටුපොළක් නූලෙන් බේරෙයි - තෙල් ගබඩාවක් ඇවිලෙයි
T
The Leader Desk
January 8, 2025 • 3:19 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- යුක්‍රේනය, ඊයේ (07) රැය පුරාවට රුසියාව අභ්‍යන්තරයට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන්, එංගල්ස් නගරයේ ඉන්ධන ගබඩාවක ගින්නක් හට ගැනිණි.එරට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක ගුවන් යානා සඳහා වෙන් කළ ගුවන් තොටුපොළක් ද එහි පිහිටියේය.ප්‍රහාරය සාර්ථක බව යුක්‍රේන හමුදා අද ප්‍රකාශ කළහ. රුසියාවේ වොල්ගා නදිය දෙපස පිහිටි එංගල්ස් සහ සරටොව් නගර දෙකම ඊයේ, එම යුක්‍රේන සමූහ ඩ්‍රෝන ප්‍රහාරයට ලක් විය.සිය ප්‍රහාරයත් සමග එම නගරයන්හි විශාල පිපිරුම් සිදු වූ බව යුක්‍රේනය පවසයි.ප්‍රහාරයෙන් ගිනි ගැනීමට ලක් වුයේ එංගල්ස් - 2 හමුදා ගුවන් තොටුපොළට ඉන්ධන සපයන, ක්‍රිස්ටල් ඉන්ධන ගබඩාව බව ද යුක්රේන හමුදා පවසති. රුසියාවේ සංග්‍රාමික සේවා සැපයුම් ජාලයට ඉමහත් හානි සිදු කළ එම ප්‍රහාරය හමුවේ, සාමකාමී යුක්‍රේන ජනාවාස සහ සිවිල් ඉලක්ක වෙත යළි යළිත් ප්‍රහාර එල්ල කිරීමේ රුසියාවේ ශක්තිය ප්‍රශස්ත ලෙස බිඳලූ බව යුක්‍රේනය කියා සිටී.මෙම ප්‍රහාරයට යුක්‍රේනය, දිගු දුර ඩ්‍රෝන ප්‍රහාරක යානා යොදා ගත්තේය. ඒවා බටහිරින් ලද යුධාධාර නොව, යුක්‍රේනයේම නිෂ්පාදිත අවි බව එම හමුදා පවසති.රුසියානු-යුක්‍රේන යුද්ධයට දැන් තෙවසරකි. ගිය වසරේ, යුක්‍රේනය, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATACMS බැලස්ටික් මිසයිල සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත "කුණාටු හේමලයෝ" හෙවත් ස්ටෝර්ම් ෂැඩෝස් (Storm Shadows) මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දීම ආරම්භ කළේය. රුසියාව ඊට පිළිතුරු දුන්නේ, රුසියාවේම නිෂ්පාදිත ඔරෙෂ්නික් (Oreshnik) හයිපර් සොනික් මිසයිලයෙනි. එය ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් සුළං කපා, ඉලක්කය හඹා යන අති ප්‍රබල අවියෙකි. යුක්‍රේනය, බටහිර අවි යොදා රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කරන සැම අවස්ථාවකම, රුසියාව ඊට දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට සපථ කර තිබේ. "ඊයේ ප්‍රහාරයට අපි යොදා ගත් ඩ්‍රෝන යානා අපේම රටේ, අපේම නිෂ්පාදන," යැයි, යුක්‍රේනය පවසන්නේ, එම බිය නිසාවෙන් වන්නට ද පිළිවන. මන්ද, ඊයේ රුසියාව අභ්‍යන්තරයට එල්ල වූ යුක්‍රේන ප්‍රහාරය බිහිසුණු වන්නේ, ඉන් ක්‍රිස්ටල් තෙල් ගබඩාව ගිනිගත් නිසාම නොවේ. රුසියානු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක ගුවන් යානා දියත් කෙරෙන එංගල්ස් - 2 හමුදා ගුවන් තොටුපොළ ද ඒ ආසන්නයේම පිහිටි හේතුවෙනි.ඊයේ ප්‍රහාරයට එක්වූ යුක්‍රේන ඩ්‍රෝන යානා 11ක් සරටොව් ඉහළ අහසේ වෙඩි තබා බිම හෙළූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද පැවසීය. තවත් රුසියානු කලාප සහ අසොව් මුහුදු සීමාවට ඉහළින් පියාසර කළ යුක්‍රේන ප්‍රහාරක ඩ්‍රෝන 21ක් ද බිම හෙලීමට රුසියානු හමුදා සමත් වූහ.නිසල රාත්‍රී යාමය දෙවනත් කරමින් ඊයේ පිපිරුම් හඬ රැසක් ඇසුණු බව එංගල්ස් වාසීහු පවසති.මොස්කව් අගනුවරට ගිනිකොණ දෙසින්, කි.මී 730ක පමණ දුරින් එංගල්ස් හමුදා ගුවන් තොටුපොළ පිහිටා තිබේ.ඒ, යුක්‍රේන දේශ සීමාවේ සිට තවත් කිලෝ මීටර සිය ගණනක දුරකිනි. 2022 දෙසැම්බරයේ, ඊට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානයක් බිම හෙලීමට ගත් උත්සාහයේදී, රුසියානු හමුදා සාමාජිකයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.ඊයේ ප්‍රහාරයෙන් අනතුරට පත් කිසිවකු පිලිබඳ මෙතෙක් අසන්නට නැත.(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)
- රුසියාවේ සංග්‍රාමික සේවා සැපයුම් ජාලයට ඉමහත් හානි සිදු කළ එම ප්‍රහාරය හමුවේ, සාමකාමී යුක්‍රේන ජනාවාස සහ සිවිල් ඉලක්ක වෙත යළි යළිත් ප්‍රහාර එල්ල කිරීමේ රුසියාවේ ශක්තිය ප්‍රශස්ත ලෙස බිඳලූ බව යුක්‍රේනය කියා සිටී.
- යුක්‍රේනය, බටහිර අවි යොදා රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කරන සැම අවස්ථාවකම, රුසියාව ඊට දරුණු ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට සපථ කර තිබේ.
- රුසියානු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක ගුවන් යානා දියත් කෙරෙන එංගල්ස් - 2 හමුදා ගුවන් තොටුපොළ ද ඒ ආසන්නයේම පිහිටි හේතුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


