BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉතාලිය රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදන තාක්ෂණ අර්බුදයක

T

The Leader Desk

January 9, 2025 • 3:38 PM

ඉතාලිය රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදන තාක්ෂණ අර්බුදයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලි හමුදාවන්ට ආරක්‍ෂිත සන්නිවේදන පහසුකම් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් පිලිබඳ කිසිවිට, "ස්ටාර්ලින්ක්" (Starlink) නිර්මාතෘ
  • මිත්‍රත්වය හෝ දේශපාලන දැක්ම මත, තමා කිසිවිට එවැනි තීන්දු තීරණ ක්‍රියාත්මක නොකරන බවද ඇය කියා සිටී.
  • මධ්‍යධරණී කලාපය පුරා සංවේදී කර්තව්‍යයන් රැසක, ඉතාලි රාජ්‍යතාන්ත්‍රික පිරිස් රඳවා සිටිති.
  • දැනට යුරෝපා සංගමය මගින් සම්පාදිත  IRIS2 චන්ද්‍රිකා තාක්ෂණය හා සංසන්දනාත්මකව, මස්ක් ගේ සේවාව අවදානම් රහිත, ආරක්‍ෂිත සහ ඉක්මන් විසඳුමක් සපයනු ඇතැයි අපේක්ෂිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

එලොන් මස්ක් හා සාකච්ඡා නොකළේ යැයි, ඉතාලි අග්‍රාමාත්‍ය ජ්යෝර්ජියා මෙලනි අවධාරණය කරයි.

අග්‍රාමාත්‍යවරිය සහ මස්ක් සතර සමීප සහයෝගිතා පැවතියද, රටේ ආරක්ෂාව සම්බන්ධ අතිශය වැදගත්කමකින් යුත් මාතෘකාවක් පිලිබඳ ස්පේස්-එක්ස්  (SpaceX) හෝ මස්ක් සම්බන්ධ තීරණයන්ට එළඹෙන්නේ ජාතික අවශ්‍යතාවයට මුල්තැන දීමෙන් අනතුරුව පමණකැයි, අග්‍රාමාත්‍යවරිය පවසයි. මිත්‍රත්වය හෝ දේශපාලන දැක්ම මත, තමා කිසිවිට එවැනි තීන්දු තීරණ ක්‍රියාත්මක නොකරන බවද ඇය කියා සිටී.

 ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක අගයකින් යුත්, වසර පහක් තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත එම ව්‍යාපෘතිය, එලොන් මස්ක් ට අයත් සමාගමක් වෙත ලබා දීමට  උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට සියලු විපක්ෂ, අග්‍රාමාත්‍යවරියට චෝදනා එල්ල කර, විරෝධය පළ කර  සිටිති.

"අපි තාමත් ඉන්නේ ඒ පිලිබඳ විමර්ශන අවධියේ. මට තේරෙන්නෑ මේ ඇයි කියලා... ඉන්න, මම ඔබට පැහැදිලි කර දෙන්නම්. පුද්ගලිකව, මේ පිලිබඳ මගේ කිසිම පැහැදිලි අදහසක් නෑ," යි ඇය මාධ්‍ය හමුවකදී පැවසුවාය. "මේක ස්පේස්-එක්ස්  එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්ද? ඇයි..?  ඒක පුද්ගලික කොම්පැනියක් වීම ගැටලුවක්ද? නැත්තන්, ප්‍රශ්නය තියෙන්නේ, එලොන් මස්ක් ගේ දේශපාලන දැක්ම ගැනද?" යි ඇය රැස්ව සිටි මාධ්‍ය වේදීන්ගෙන් පෙරළා ප්‍රශ්න කළාය.

මධ්‍යධරණී කලාපය පුරා සංවේදී කර්තව්‍යයන් රැසක, ඉතාලි රාජ්‍යතාන්ත්‍රික පිරිස් රඳවා සිටිති. එරට ආරක්ෂක නිලයන් ද ඒ අතර වේ.  රජය සහ ඔවුන් අතර ආරක්‍ෂිත සන්නිවේදන පහසුකම් ක්‍රියාත්මක කිරීම පිණිස, එලොන් මස්ක් සතු අභ්‍යවකාශ සන්නිවේදන පද්ධතිය උපයෝගී කර ගැනීමේ යෝග්‍යතාව පිලිබඳ ඉතාලිය මේ දිනවල ශක්‍යතා ඇගයීම් ක්‍රියාවලියක නිරත වේ.

දැනට යුරෝපා සංගමය මගින් සම්පාදිත  IRIS2 චන්ද්‍රිකා තාක්ෂණය හා සංසන්දනාත්මකව, මස්ක් ගේ සේවාව අවදානම් රහිත, ආරක්‍ෂිත සහ ඉක්මන් විසඳුමක් සපයනු ඇතැයි අපේක්ෂිතය.

යුරෝපා සංගමයේ රටවල සහ ඊට අයත් රාජ්‍යායතන අතර ආරක්‍ෂිත සන්නිවේදන හුවමාරු සඳහා පවතින, චන්ද්‍රිකා 280කට අධික  බහු කක්ෂගත චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය මේ වන විට, කළමනාකාරිත්වයෙන් ගිලිහි  අධික වැය පසෙකින් වෙහෙසට පත්ව සිටී. 2030 අවසන් වන තෙක්, එහි මූල්‍ය අර්බුදය නිම වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව පැවසේ.

 ඉතාලිය සතු සංවේදී සන්නිවේදන ක්‍රියාන්විත ආරක්ෂා කරගැනීමේ අසීරු තත්ත්වයක් තෙක් එම ගැටලුව උග්‍රව ඇතැයි, මෙලනි පවසයි.

"මෙහෙමයි, මම මේ විවාදයට ළදරුවෙක්. ඒත් හිතන්න, බැරිවෙලාවත්, හෙට, මේ සියලු තොරතුරු සහ දත්ත වැරදි කෙනකු අතට ගියොත්, ඒකට රජය වගකියන්න ඕනේ. ඒ නිසා, මෙතන ගැටළුවක් නැති විදිහට රඟපාන්න මට බෑ" යි, ඉතාලි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ, එසේනම්, ජාතික ආරක්ෂාව පිලිබඳ  අතිශය සංවේදී  එම ව්‍යාපෘතිය ඇය මේ භාරදීමට සැරසෙන්නේ, නිවැරදිම පුද්ගලයා සතු සමාගමට දැයි, යන පැනයට නිසි පිළිතුර සිය හෘද සාක්ෂිය තුළ සඟවා ගනිමින්  නොවේ දැයි, යන ගැටළුව ද සමගිනි.  

(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...