BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ලොවම ආදරය කළ සිනමා තරු රැසකගේ නිවෙස් හොලිවුඩ් ගින්නේ දැවේ

T

The Leader Desk

January 10, 2025 • 9:01 AM

ලොවම ආදරය කළ සිනමා තරු රැසකගේ නිවෙස් හොලිවුඩ් ගින්නේ දැවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරදිගින් සහ බටහිරින් එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරය වට කළ කැලිෆෝර්නියා ලැව් ගිනි ඊයේ (09) ඉමහත් විනාශයක් සිදු කරමින් තව දුරටත් දරුණු ලෙස ව්‍යාප්ත විය.
  •   ගින්නෙන් එම ප්‍රදේශයේ අක්කර 34,00කට අධික නොඑසේව, වර්ග කිලෝමීටර 53 ක භූමි භාගයක් සහමුලින්ම අළු ධූලි බවට පත්ව  ඇත.
  • මේ වන විට ගින්නෙන් පුද්ගල මරණ හතක්  වාර්තා වෙතත්, මිය ගිය පුද්ගලයින් සොයා නිවෙසින් නිවෙසට කෙරෙන සෝදිසි මෙහෙයුම් තවමත් අහවර නැති බැවින්, මිය ගිය සංඛ්‍යාව එකහෙලා ප්‍රකාශ කිරීමට නොහැකි බව පොලිස් බලධාරීහු පවසති.
  •   සමස්ත ප්‍රදේශයම පරමාණු බෝම්බ ප්‍රහාරයකට හසුව ඇති සෙයක් දිස්වෙතැයි, රොයිටර්ස් පුවත් සේවයද ප්‍රකාශ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


නිවාස 10,000කට අධික සංඛ්‍යාවක් සහ තවත් දේපළ විශාල ප්‍රමාණයක් ගින්නෙන් දැවී විනාශ වී ගොස්ය.

ගින්න මේසා පැතිර යාමට තරම් අනුබල දුන් දැඩි සුළං ප්‍රවාහය,  මඳකින් හෝ අලස වීම ගිනි භටයින්ට ඉමහත් අස්වැසිල්ලක් විය. එහෙත්, එය තාවකාලික විවේකයක් පමණි.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ දරුණුම ලැව් ගින්න මෙයැයි පැවසේ.

 

ගින්නෙන් එම ප්‍රදේශයේ අක්කර 34,00කට අධික නොඑසේව, වර්ග කිලෝමීටර 53 ක භූමි භාගයක් සහමුලින්ම අළු ධූලි බවට පත්ව  ඇත. අසල ජනාවාස සියල්ල අළු දුමාරයෙන් වැසී ගොසිනි. සිව් දෙසින් ආ ලැව් ගිනි පහකින්, ලොස් ඇන්ජලීස් නගරය දැවී අළුව ගියේය.

මේ වන විට ගින්නෙන් පුද්ගල මරණ හතක්  වාර්තා වෙතත්, මිය ගිය පුද්ගලයින් සොයා නිවෙසින් නිවෙසට කෙරෙන සෝදිසි මෙහෙයුම් තවමත් අහවර නැති බැවින්, මිය ගිය සංඛ්‍යාව එකහෙලා ප්‍රකාශ කිරීමට නොහැකි බව පොලිස් බලධාරීහු පවසති.

 


සමස්ත ප්‍රදේශයම පරමාණු බෝම්බ ප්‍රහාරයකට හසුව ඇති සෙයක් දිස්වෙතැයි, රොයිටර්ස් පුවත් සේවයද ප්‍රකාශ කරයි.

ගින්නෙන්, මේ වන විට සිදු ව ඇති විනාශයේ තරම ඇමෙරිකානු ඩොලර් බිලියන 135ත් 150ත් අතර විය හැකි යැයි, එරට ඇතැම්, පුද්ගලික තක්සේරු ආයතන වාර්තා කර  තිබේ. නිවාස සහ ජීවිත රක්ෂණ වාරික තව තවත් ඉහළ යනු ඇත.

ලොස් ඇන්ජලීස් නගරය තිබුණාටත් වඩා ශක්තිමත්ව යළි ඉදි කිරීමට යුහුසුළුව ක්‍රියා කරන බව එහි නගරාධිපති කැරන් බාස් පවසන්නීය. ඇය මෙම විපත කළමනාකරණය කළ ආකාරය දැනටමත්, එරට මීළඟ ජනපති ධුරය දෙස බලා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

gettyimages 2192007403

ඉකුත් අඟහරුවාදා (07), එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් හදිසි විපත් තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේය. ඉදිරි දින 180 ඇතුළත  ලැව් ගින්නෙන් වැනසුණු සියල්ලේ සුන්බුන් ඉවත් කිරීමට සහ තාවකාලික කූඩාරම් ඉදි කිරීමින්  සහන සැලසීමට අවශ්‍ය අරමුදල් 100% කින් උපයෝජනය කරමින්, කඩිනම් පියවර ගන්නා ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

හොලිවුඩ් ගින්න

ලොව පුරා සිනමා රසිකයින්ගේ ජනාදරයට පත්  තාරකාවන් රැසක් වෙසෙන හොලිවුඩ් පුරවරයද ගින්නෙන් වැනසී ගියේය.  

බදාදා (08), එහි වූ ගොම්මන් ගින්න (Sunset Fire) හොලිවුඩ් පුරය වෙළා ගත්තේය. එහි වැසියෝ මෝටර් රථවල නැගී පලා යන්නට වූහ. ඉන්, මහ මග දෙපස මහත් රථ වාහන තදබදයක් ද ඇති විය. පහත නිම්නයට දිස්වන හොලිවුඩ් පුරවරයේ ගාම්භීර හොලිවුඩ් අකුරු පෙළ ට ද ගින්නෙන් ගැලවීමක් නොවීය.

ලොස් ඇන්ජලීස් ලැව් ගින්න, හොලිවුඩ් පුරයේ වූ සිනමා තාරකාවන්ගේ සහ තවත් ජනප්‍රිය නළු නිලියන් රැසකගේ නිවෙස් ගිල ගත්තේය.

 

58c749647109de71714f939981ceef64Jamie Lee Curtis
ගින්නෙන් විපතට පත් සියල්ලන් වෙනුවෙන් අවශ්‍ය සහන කටයුතු පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියනක ධන පරිත්‍යාගයක් කරන බව සිනමා නිළි ජැමී ලී කර්ටිස් (Jamie Lee Curtis) ප්‍රකාශ කළා ය. ඔස්කාර් සම්මාන ලාභිනියක වන ඇයගේ නිවස ද ලැව් ගින්නට හසු විය. හොලිවුඩයෙන් පලා යන්නන් අතරට ඇය ද එක්වූවාය.  

එක්සත් ජනපද රියැලිටි තරුවක් වන ස්පෙන්සර් ප්‍රැට් (Spencer Pratt), එක්ස් (X) සමාජ  වේදිකාවේ මෙවන් සටහනක් තැබුවාය.

spencer pratt california home destroyed wildfire 010825 fff83b11377340599971be33f9c45a3c

" අප නිවස ගින්නෙන් දැවී යනු මම බලා සිටියෙමි. මම ඒ ගින්න තුළ විනාශය මෙන්ම ආදරය ද දුටිමි. විනාශය නම්, ගින්නෙන් අප නිවස දැවී අළුව යාමය. ආදරය නම්, මා පුතුගේ සයනය හදවතක ආකාරයක්  මවමින් ගින්නෙන් වෙළී යනු දැකීමය. ඒ දසුන, මේ නිවස තුළ වූ සෙනෙහසේ සංකේතයක් බඳුය. ඒ නිවස, එදා මෙදා තුර, අප පවුල සෙනෙහසින් වෙලා තැබීමට කෙතරම් නම් සහාය විණිද? වසර ගණනක ඒ සෙනෙහෙබර මතක අප හදවත් හි ඉතුරු කළාට ස්තුතියි."  

හොලිවුඩ් පුරවරය ආසන්නයේ, සිනමා නළු බිලී ක්‍රිස්ටල් (Billy Crystal) 1979 සිට විසු නිවස ඇතුළු, සිනමා නළු නිලියන් රැසක් විසූ පැසිෆික් පැලිසේඩ්ස් (Pacific Palisades) හි අක්කර 12,00කට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ විය. පැරිස් හිල්ටන් (Paris Hilton), මළිබු වෙරළේ පිහිටි සිය දර්ශනීය මන්දිරය ගින්නෙන් දැවී විනාශව යනු රූපවාහිනියෙන් බලා සිටියාය.

ඉහත සඳහන් වන්නේ, හොලිවුඩ් පුරයට බලපෑ එම ලැව් ගින්නෙන් නිවාස, දේපළ අහිමි වූ ජාත්‍යන්තරයේ ජනාදරයට පත් සිනමා තාරකාවන් අතලොස්සකගේ නම් පමණි.

 

876a2600 cec3 11ef abf7 3ba5cea0e39b

ජාත්‍යන්තර විපත් අවස්ථාවල නොමිලයේ අත්‍යවශ්‍ය ආහාර පාන සැපයීම පිලිබඳ ලෝකප්‍රකට ස්පාඥ්ඥ ජාතික සූපවේදී ජොසේ අන්ද්‍රෙස් (Jose Andres) ගින්නට හසු වූ පෙදෙස් වෙතින් පලා එන්නන් වෙනුවෙන් පැසිෆික් වෙරළ තීරයේ අධිවේගී මාර්ගය අසබඩ ජංගම ආහාර දන්සලක් විවෘත කළේය.

ලැව් ගිනි හට ගැනීමත් සමග එක්සත් ජනපද ප්‍රාන්ත ගණනාවක සහ කැනඩාවේ සිට ගිනි නිවන භට පිරිස් හා ගිනි රථ රැසක් වහා කලිෆොර්නියාව බලා පිටත් විය.

හොලිවුඩ් ගින්න ව්‍යාප්තවීම පාලනය කිරීමට ද ගිනි භටයෝ සමත් වූහ.

(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...