BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානවලට කුරුටු ගී ප්‍රහාර

T

The Leader Desk

January 11, 2025 • 4:15 AM

 ඔස්ට්‍රේලියාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානවලට කුරුටු ගී ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයක බිත්ති මත යුදෙව් විරෝධී පාඨ සටහන් කිරීමක් පිලිබඳ රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
  • ඊශ්‍රායල ජාතිකයින් වැඩි වශයෙන් වෙසෙන නැගෙනහිර සිඩ්නි නගරයේ නිවෙසක් ද යුදෙව් විරෝධී පාඨයන්ගෙන් විකෘති කර තිබූ  බව වාර්තා වේ.
  • තවත් ආසන්න ප්‍රදේශයක ප්‍රදර්ශනය කෙරුණු වීදි පෝස්ටරයක ද එවැනි ප්‍රකාශ සටහන් කර තිබූ බව පොලිසිය පවසයි.
  •   ඊයේ (10) දකුණුදිග සිඩ්නි නගරයේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල විය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද උදෑසන සිඩ්නි නුවර නව නගරයේ (Newtown) යුදෙව් දේවස්ථානයක් වෙතින් එම සිදුවීම වාර්තා වේ.

එහි තවත් යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් වෙත ද යුදෙව් විරෝධී ප්‍රහාර එල්ල වී  තිබේ.  

පසුගිය වසරේ ද ඔස්ට්‍රේලියාව තුළ, ඊශ්‍රායල යුදෙව් විරෝධී ක්‍රියා ගණනාවක් වාර්තා විය.

සිඩ්නි නුවර තවත් ගොඩනැගිලි සහ මෝටර් රථ මත යුදෙව් විරෝධී සටන් පාඨ සහ චිත්‍ර ඇඳ තිබූ සිද්ධීන් එහිදී වාර්තා විය.

විරෝධතා කරුවෝ මෙල්බර්න් නගරයේ ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථානයකට ගිනි තැබීමට ද කටයුතු කළහ.

ඊශ්‍රායල ජාතිකයින් වැඩි වශයෙන් වෙසෙන නැගෙනහිර සිඩ්නි නගරයේ නිවෙසක් ද යුදෙව් විරෝධී පාඨයන්ගෙන් විකෘති කර තිබූ  බව වාර්තා වේ. තවත් ආසන්න ප්‍රදේශයක ප්‍රදර්ශනය කෙරුණු වීදි පෝස්ටරයක ද එවැනි ප්‍රකාශ සටහන් කර තිබූ බව පොලිසිය පවසයි.

 

73ec8703d236a41b41fc47ade2a12649
ඊයේ (10) දකුණුදිග සිඩ්නි නගරයේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල විය. ඒ පිලිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කාර්ය සාධක බලකායක් පත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ බහුවාර්ගික ජන සමාජය තුළ මෙවැනි දේ සිදුවීමට තවත් ඉඩ නොතබන බව එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ඊයේ පැවසීය.

2023 වසරේ ඊශ්‍රායලයේ සිදු කළ හමාස්  ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල වෙමින් පවතී. ඊට එරහිව රජය තවමත් ප්‍රමාණවත් පියවර ගෙන නැතැයි, එරට ක්‍රියාත්මක ඇතැම් යුදෙව් සංවිධාන චෝදනා කරති.  

(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...