BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ජපානයේ වෛද්‍ය විශ්වවිද්‍යාලයක හිටපු කුලපතිවරියක් අත්අඩංගුවට

T

The Leader Desk

January 14, 2025 • 4:40 AM

ජපානයේ වෛද්‍ය විශ්වවිද්‍යාලයක හිටපු කුලපතිවරියක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ තෝකියෝ නුවර කාන්තා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරියක පොලිස් අත්අඩංගුවට පත්වේ.
  • වමොටෝ කිනුකෝ (wamoto Kinuko) නම් එම කුලපතිවරිය 2020 වසරේ අවස්ථා කිහිපයකදී ගෘහනිර්මාණ ශිල්පියකුගේ බැංකු ගිණුමක් වෙත විශ්වවිද්‍යාල අරමුදල් බැර කර ඇතැයි, පොලිසිය පවසයි.
  • මධ්‍යම තෝකියෝ හි විශ්වවිද්‍යාල පහසුකම් ඉදිකිරීමක් වෙනුවෙන් උපදේශන සේවා ලබා ගත් බව පවසා, එම ගෘහනිර්මාණ ශිල්පියා වෙත දීමනා ලෙස අදාල ගෙවීම් සිදු කර ඇත.
  • ඒ අනුව, විශ්වාසය පලුදු කිරීමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

යෙන් මිලියන 120 ක හෙවත් ඇමෙරිකානු ඩොලර් 700,000කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

වමොටෝ කිනුකෝ (wamoto Kinuko) නම් එම කුලපතිවරිය 2020 වසරේ අවස්ථා කිහිපයකදී ගෘහනිර්මාණ ශිල්පියකුගේ බැංකු ගිණුමක් වෙත විශ්වවිද්‍යාල අරමුදල් බැර කර ඇතැයි, පොලිසිය පවසයි. මධ්‍යම තෝකියෝ හි විශ්වවිද්‍යාල පහසුකම් ඉදිකිරීමක් වෙනුවෙන් උපදේශන සේවා ලබා ගත් බව පවසා, එම ගෘහනිර්මාණ ශිල්පියා වෙත දීමනා ලෙස අදාල ගෙවීම් සිදු කර ඇත. ඒ අනුව, විශ්වාසය පලුදු කිරීමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනිණි.

ex uni

 

මේ වනවිට 78 වන වියේ පසුවන ඇය 2019 සිට එම විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කළාය. 

ඇයගේ මෙම අයථා ගනු දෙනුව පිලිබඳ විශ්වවිද්‍යාලයට සම්බන්ධ පිරිස් අධිකරණයේ ඇයට එරෙහි අපරාධ චෝදනා ගොනු කළහ. 

ඒ අනුව, එරට පොලිසිය පසුගිය වසරේ මාර්තු මස, විශ්වවිද්‍යාල මූලස්ථාන ගොඩනැගිල්ල සහ ඇයගේ නිවෙස ද විශේෂ සෝදිසි මෙහෙයුමකට බඳුන් කළේය. පොලිස් භාරයට ගැනුණු අදාළ මූල්‍ය ගනුදෙනුව සම්බන්ධ සියලු ලේඛන පරික්ෂා කර පුද්ගලයින් කිහිප දෙනකුම ප්‍රශ්න කිරීම්වලට බඳුන් කෙරිණි. 

අදාළ ගෘහනිර්මාණ ශිල්පියා වෙත ගිණුම් ගතකළයි පැවසුණු විශ්වවිද්‍යාල අරමුදල් පෙරළා කුලපතිවරියගේ පුද්ගලික ගිණුමක් වෙත බැර කරගෙන ඇතැයි, එහිදී අනාවරණය විය. ඇයට එරෙහි චෝදනා එල්ල වීමත් සමග ඉකුත් අගෝස්තු මස ඇයව සේවයෙන් පහ කෙරිණි.


(විදෙස් මාධ්‍ය ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...