BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ජපානයේ භූමි කම්පාවක් - මියසාකි සහ කොචි වෙත සුනාමි රළ

T

The Leader Desk

January 14, 2025 • 5:17 AM

ජපානයේ භූමි කම්පාවක් - මියසාකි සහ කොචි වෙත සුනාමි රළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ නිරිතදිග ක්යුෂු (Kyushu) හි භූ කම්පනයක් සිදුව තිබේ.
  • මේ වන විට එහි සුනාමි තත්ත්වයක් හටගෙන ඇත.
  • 0 සිට 7 දක්වා වූ භූ කම්පන ප්‍රබලත්වය පිලිබඳ එරට පරාසය තුළ ඊයේ (13) භූ කම්පන තීව්‍රත්වය 5ට අඩු අගයක් බව කාලගුණ බලධාරීහු පවසති.
  • 9.19ට පමණ භූ කම්පනය සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට මියසාකි (Miyazaki) පළාතේ සිදු වූ එම භූ කම්පනය රිච්ටර් මාපක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් බව ජපාන කාලගුණ ඒජන්සිය පවසයි.  

මියසාකි සහ කොචි (Kochi) පළාත් වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ වන විට එහි සුනාමි තත්ත්වයක් හටගෙන ඇත.

0 සිට 7 දක්වා වූ භූ කම්පන ප්‍රබලත්වය පිලිබඳ එරට පරාසය තුළ ඊයේ (13) භූ කම්පන තීව්‍රත්වය 5ට අඩු අගයක් බව කාලගුණ බලධාරීහු පවසති. එරට වේලාවෙන් ඊයේ ප.ව. 9.19ට පමණ භූ කම්පනය සිදු විය.

445737

 

ප්‍රදේශයේ සියලු දුම්රිය ගමන් වාර තාවකාලිකව නතර කර තිබේ.

එම භූ කම්පනය සහ ඉදිරියේදී ඇති වෙතැයි අපේක්ෂිත ප්‍රබල නන්කායි (Nankai) භූ කම්පනය අතර කිසියම් සබඳතාවක් පවතී දැයි සෙවීමට විද්‍යාඥන් විසින් වහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

(විදෙස් මාධ්‍ය ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...