BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ප්‍රධානී නවාෆ් සලාම් ලෙබනනයේ අග්‍රාමාත්‍ය ධුරයට

T

The Leader Desk

January 14, 2025 • 11:33 AM

ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ප්‍රධානී නවාෆ් සලාම් ලෙබනනයේ අග්‍රාමාත්‍ය ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ප්‍රධානී නවාෆ් සලාම් (Nawaf Salam) නම් කෙරේ.
  • මේ වන විට, රටින් බැහැරව සිටින නව අග්‍රාමාත්‍ය සලාම්, අද යළි ලෙබනනයට පැමිණීමට නියමිතය.  එරට පාර්ලිමේන්තුවේ ආසන 128න් 84ක් දිනා ගැනීමට ඔහු සමත් විය.
  •   සලාම්ගේ නව රජයේ පාර්ශ්ව කරුවෙක් ලෙස කටයුතු කිරීමට මේ මොහොතේ අදහස් කර නැතැයි, ඔවුහු පවසති.
  • ජාතික අවශ්‍යතාව  උදෙසා, සාමකාමීව  සහ ඥානාන්විතව එහෙත්, අවධානයට ලක්වීමෙන් බැහැරව කටයුතු කිරීමට අදහස් කරන්නේ යැයි, එම සංවිධානය කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට ජනපති ජෝසෆ් අවුන් (Joseph Aoun) විසින් එම නම් කිරීම සිදු කර තිබේ. 

හිස්බුල්ලා සංවිධානය ඊට දැඩි විරෝධය පළ කර සිටී. 

අග්‍රාමාත්‍යවරයා නම් කිරීමත් සමග ආංශික සමාජ කොටස් අතර එරට දේශපාලන බල සමතුලිතතාව නව මානයකට යොමු වී ඇතැයි විචාරකයෝ පවසති.

 

සිරියාවේ සිදු වූයේ කුමක්ද?

ඉරාන සහාය හිමි ෂිඅයිට් මුස්ලිම් කල්ලියක් වන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට ඉකුත් වසරේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පසු බැසීමට සිදු විය. එම සංවිධානයේ මිත්‍ර පාර්ශ්වයක් වූ සිරියාවේ බෂාර් අල් අසාද් ගේ රජය ද සන්නද්ධ කැරැල්ලකින් පෙරළා දැමිණි.

මේ වන විට, රටින් බැහැරව සිටින නව අග්‍රාමාත්‍ය සලාම්, අද යළි ලෙබනනයට පැමිණීමට නියමිතය. 

එරට පාර්ලිමේන්තුවේ ආසන 128න් 84ක් දිනා ගැනීමට ඔහු සමත් විය. ඒ අනුව, ලෙබනනයේ නව රජයක් පිහිටුවීමට, ජනපති විසින් ඔහුට ඇරයුම් කර තිබේ.  

නව අග්‍රාමාත්‍යවරයාට ක්‍රිස්තියානි, අරාබි ආගමික කොටස් මෙන්ම සුන්නි මුස්ලිම්වරු ද සහාය පළ කර සිටිති. හිස්බුල්ලා මිත්‍ර සහ විරෝධී කණ්ඩායම් ද ඒ අතර වෙති.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ෂිඅයිට් වරුන්ගේ ආසන සියල්ල හිමි හිස්බුල්ලා සහ ෂිඅයිට් පාර්ශ්වයේ අමාල් සංවිධානයේ නීතිවේදීහු, අග්‍රාමාත්‍ය ධුරය සඳහා සිය පාර්ශ්වයෙන් කිසිවකු නම් කිරීමෙන් වැළකී සිටියහ.

 

සලාම්ගේ නව රජයේ පාර්ශ්ව කරුවෙක් ලෙස කටයුතු කිරීමට මේ මොහොතේ අදහස් කර නැතැයි, ඔවුහු පවසති. ලෙබනනයේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් මිකාටි (Najib Mikati ) තව දුරටත් බලයේ තබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය. 

ජනපතිවරණ ජය වෙනුවෙන් අවුන් ට සහාය දැක්වූයේ මෙවන් තත්ත්වයක් අපේක්ෂාවෙන් නොවන බව හිස්බුල්ලා සංවිධානය පවසයි.  නව රජය විසින් හිස්බුල්ලා පාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කර ඇතැයි, ඔවුහු චෝදනා කරති. ජාතික අවශ්‍යතාව  උදෙසා, සාමකාමීව  සහ ඥානාන්විතව එහෙත්, අවධානයට ලක්වීමෙන් බැහැරව කටයුතු කිරීමට අදහස් කරන්නේ යැයි, එම සංවිධානය කියා සිටී.

පසුගිය සතියේ, ලෙබනන ජනපතිවරණය ජයගත් හමුදාපති, ජෙනරාල් අවුන්, එක්සත් ජනපදයේ සහ සෞදි අරාබියේ ද සහාය දිනා සිටී. දීර්ඝ කාලයක් ලෙබනනයේ දේශපාලන තන්ත්‍රය තුළ බලපරාක්‍රමය ව්‍යාප්ත කර සිටි හිස්බුල්ලා සංවිධානය, අවුන් ගේ ජයග්‍රහණය හමුවේ, තව දුරටත් නිෂ්ක්‍රීය වී තිබේ.

Newly-elected Lebanese President Joseph Aoun reviews the honor guard upon his arrival at the Lebanese Parliament to be sworn in as a new president, in Beirut, Lebanon, Thursday, Jan. 9, 2025. (AP Photo/Hussein Malla)ජෙනරාල් අවුන්

 

සලාම් අග්‍රාමාත්‍යවරයාගේ නව රජය යටතේ, ලෙබනනය ප්‍රතිසංස්කරණ රැසකට බඳුන් වෙතැයි අපේක්ෂා කෙරේ. හිස්බුල්ලා සංවිධානයට එරෙහි ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් වැනසුණු ප්‍රදේශ යළි ඉදිකර නගා සිටුවීම, බොහෝ කාලයක් අකර්මන්‍යව පැවති ආර්ථික ප්‍රතිසංස්කරණ සක්‍රීය කිරීම මෙන්ම, 2019 වසරේ ලෙබනන මූල්‍ය පද්ධතියේ බිඳ වැටීමට හේතු සොයා ප්‍රත්‍යක්ෂ ලෙස යථාවත් කිරීම නව රජය වෙත පැවරෙන අභියෝග අතර මුල් තැන ගන්නේය.

විදෙස් රටවල පවතින අනේක අවස්ථාවලින් විපුල ඵල නෙලා ගැනීමට ඉතා සුමට එහෙත් වේගවත් රාජ්‍යය ස්ථාපනයකට කටයුතු සම්පාදනය කරන බව ජනපති අවුන් පවසයි.

ලෙබනනයේ ආංශික කොටස් අතර බලය බෙදීයාමේ ක්‍රමවේදය තුළ, එරට අග්‍රාමාත්‍ය ධුරය සුන්නි මුස්ලිම් ජාතිකයකුට හිමිවේ. රජයේ සියලු තනතුරු සඳහා ආගමික සහසම්බන්ධය මත පුද්ගලයින් තෝරා පත් කර ගැනේ. ජනපති ධුරය සිරියානු සම්භවයක් සහිත කිතුණුවකු සතුය. පාර්ලිමේන්තු කථානායක ධුරය හිමි වන්නේ ෂිඅයිට් මුස්ලිම්වරයකුටය. 

මීට පෙර, ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ප්‍රධානත්වයට පත් සලාම්, සිය ප්‍රථම නඩු කටයුත්ත ලෙස, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා විසින් සිදු කෙරෙන සමූල ඝාතනවලට එරෙහිව දකුණු අප්‍රිකානු ජාතිකයකු ගොනු කළ නඩුවක්, 2024 දී විභාග කිරීම ආරම්භ කළේය. 

එම නඩුව පදනම් විරහිත එකක් යැයි ප්‍රකාශ කරමින් ඊශ්‍රායලය, එය මුළුමනින්ම බැහැර කළේය. 

 



ජනපතිවරණය ජයගත් අවුන් ද මීට පෙර, එක්සත් ජනපද සහාය ලද ලෙබනන හමුදා ප්‍රධානියා විය. ඔහු, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර එක්සත් ජනපද සහායයෙන් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියකු ලෙස ද කටයුතු කළේය. 

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...