BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

තායිලන්තය කැසිනෝ සහ සූදු ක්‍රීඩා නීතිගත කරයි

T

The Leader Desk

January 14, 2025 • 11:42 AM

තායිලන්තය කැසිනෝ සහ සූදු ක්‍රීඩා නීතිගත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තයේ කැසිනෝ සහ සූදු ක්‍රීඩාව නීති ගත කරමින් නව පනතක් සම්මත කර තිබේ.
  • එහෙත්, අනීතිකව, එම ක්‍රීඩා, පාපන්දු ඔට්ටු සහ විවිධ ලොතරැයි  මගින් විශාල මුදල් සම්භාරයක් අතිනත සංසරණය වන බව රජය කියා සිටී.
  •   කැම්බෝඩියාව, සිංගප්පූරුව, ෆිලිපීනය, ලාඕසය සහ මියෙන්මාරය ද විශාල ලෙස කැසිනෝ සංකීර්ණ පවත්වමින් ලාභ ඉපැයීමේ යෙදී සිටී.
  • අසල්වැසි රටවල එම ක්‍රමවේදවලට අනුගත නොවීම, එරට ආර්ථික වර්ධනයට සහ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට අහිතකර ලෙස බල පා ඇතැයි, තායිලන්ත රජය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කෙටුම්පතකට කැබිනට් අනුමැතිය හිමි වූ බව තායිලන්ත අග්‍රාමාත්‍ය පතොඞ්තාන් ශිනවත්‍රා ඊයේ (13) ප්‍රකාශ කළාය. 

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, නව රැකී රක්ෂා බිහි කිරීම සහ ආයෝජන ප්‍රවර්ධනය ඉලක්ක කර එම පියවර ගෙන තිබේ. නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහා පරිමාණ විනෝදාස්වාද ක්‍රීඩා සංකීර්ණවල සූදු ක්‍රීඩාවට අවසර හිමිවේ.

තායිලන්තය තුළ මෙතෙක් පැවති නීති යටතේ කැසිනෝ, සූදුව සහ ඒ ආශ්‍රිත සියලු ක්‍රීඩා තහනම් විය. එහෙත්, අනීතිකව, එම ක්‍රීඩා, පාපන්දු ඔට්ටු සහ විවිධ ලොතරැයි  මගින් විශාල මුදල් සම්භාරයක් අතිනත සංසරණය වන බව රජය කියා සිටී. එරට නීතියෙන් මෙතෙක් අවසර හිමි වූයේ, තුරග තරග වැනි තෝරාගත් සූදු ක්‍රීඩා අතලොස්සකට සහ නිල ලොතරැයියකට පමණි.

government to take its changes by legalising casino complex operations and online gambling in thailand

 

කැම්බෝඩියාව, සිංගප්පූරුව, ෆිලිපීනය, ලාඕසය සහ මියෙන්මාරය ද විශාල ලෙස කැසිනෝ සංකීර්ණ පවත්වමින් ලාභ ඉපැයීමේ යෙදී සිටී. අසල්වැසි රටවල එම ක්‍රමවේදවලට අනුගත නොවීම, එරට ආර්ථික වර්ධනයට සහ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට අහිතකර ලෙස බල පා ඇතැයි, තායිලන්ත රජය පවසයි.   

තායිලන්තය, අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය සේ සැලකේ. නව නීති සම්පාදන සමග, එළැඹෙන වසර කිහිපය තුළ එරට විශාල විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. සූදුව නීතිගත කිරීමෙන්, ජනතාවට වඩා ආරක්ෂාකාරී විනෝදාස්වාද පරිසරයක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, රජයේ අපේක්ෂාව වී තිබේ.  

 

කැසිනෝ බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා 150%කින් වැඩි කරයි
එරට මීට පෙර පැවති රජයන් කිහිපයක්ම එම නීති අනුමත කිරීමට උත්සාහ ගත්තද පාර්ලිමේන්තුවේ බලය හිමි බොදු බහුතරයේ විරෝධය මත, ඒ සෑම ප්‍රයත්නයක්ම නිෂ්ඵල විය. නව නීති සම්පාදන යටතේ විදෙස් ආයෝජන 5%ත් 10%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි වසර කිහිපයෙදී සංචාරක ප්‍රවර්ධනය මගින් එරට අපේක්ෂිත රාජ්‍ය ආදායම බාත් බිලියන 120ත් බිලියන 220ත් අතර පවතී. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ත් බිලියන 6.32ත් අතර මූල්‍ය වටිනාකමකි. 

නව රැකියා 9,000ත් 15,000ත් අතර සංඛ්‍යාවක්  බිහිවෙතැයි ද, රජය කියා සිටී.     

(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...