BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් අත්අඩංගුවට

T

The Leader Desk

January 15, 2025 • 10:44 AM

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද, දකුණු කොරියානු බලධාරීහු, දෝෂාභියෝගයකින් ධුරය අත්හිටුවන ලද, එරට හිටපු ජනපති යූන් සුක් යියොල් (Yoon Suk Yeol) අත්අඩංගුවට ගත්හ.
  • පසුගිය දෙසැම්බර මස 3 දා, ඔහු විසින් දකුණු කොරියාව තුළ හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග, ජන කැළඹීමක් හට ගැනිණි.
  • බලධාරීන්ට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පැය 48ක කාලයක් ඉතිරිව තිබේ.
  • ඉන් අනතුරුව ඔහුව තවදුරටත් රඳවා තබා ගැනීමට අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් තවත් දින 20කට නව අධිකරණ වරෙන්තු ලබා ගතයුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍යයට එරෙහි කැරැල්ලක් සංවිධානය කළේ යැයි චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව, විමර්ශන නිලධාරීහු පවසති. 

ලේ වැගිරීමක් වළක්වනුවස්, විමර්ශකයින්ට අවනත වූ බව, යූන් ප්‍රකාශ කළේය.

ධුරයේ සේවය අත්හිටවූ, එහෙත්, එහි රැඳී සිටි දකුණු කොරියානු ජනපතිවරයකු, රාජ්‍ය අත්අඩංගුවට පත් ප්‍රථම අවස්ථාව මෙය වේ. පසුගිය දෙසැම්බර මස 3 දා, ඔහු විසින් දකුණු කොරියාව තුළ හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග, ජන කැළඹීමක් හට ගැනිණි. වහා පාර්ලිමේන්තුවට රැස් වූ නීති සම්පාදකයෝ, ඔහුට එරෙහි දෝෂාභියෝගයක් සම්මත කර ගත්හ. යූන් විසින් ම, එම හමුදා නීතිය කෙටි වේලාවක් තුළ ඉවත් කර ගැනිණි. එහෙත්, පාර්ලිමේන්තු දෝෂාභියෝගය සම්මත වීම  හමුවේ, ඔහු ධුරයේ කටයුතු කිරීම අත්හිටවිණි.

 

මීට ප්‍රථම ඔහුව අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය විමර්ශන නිලධාරීන් දැරූ තැත, ජනපති  ආරක්ෂක භටයින්ගේ, හමුදා සාමාජිකයින්ගේ සහ පාක්ෂික විරෝධතා හමුවේ ව්‍යර්ථ විය. 

එහෙත්, අද උදෑසන පොලිස් නිලධාරීන් 3000ක් පමණ යූන් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස වෙත ගමන් කිරීමත් සමග, භීෂණකාරී ගැටුමක් වලක්වනුවස්, රාජ්‍ය නිලධාරීන්ට අවනත වීමට තීරණය කළ බව පවසා ඔහු විසින්ම පොලිස් භාරයට පත් විය. 

පසුව, ඔහු රැගත් මෝටර් රිය සංචිතය, සියොල්  නුවර  පිහිටි, 'බෙවර්ලි හිල්ස්' ප්‍රදේශය වෙත ගමන් කළ  බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි. එය ප්‍රධාන විමර්ශක කාර්යාලයට ළඟාවීමත් සමග, ආරක්ෂකයින්, ඔහු රැගත් මෝටර් රථය වට කර ගත් අතර, එය ගොඩනැගිල්ලේ පිටුපස පෙදෙස වෙත අනු ධාවනය කෙරිණි. 

 



එම ආරක්ෂක පියවර හේතුවෙන්, රැස්ව සිටි විශාල මාධ්‍යවේදීන් පිරිසකට, ඒ  මොහොතේ දර්ශන හෝ ප්‍රකාශ සටහන් කරගැනීම සහ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ගිලිහී ගියේය.

බලධාරීන්ට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පැය 48ක කාලයක් ඉතිරිව තිබේ. ඉන් අනතුරුව ඔහුව තවදුරටත් රඳවා තබා ගැනීමට අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් තවත් දින 20කට නව අධිකරණ වරෙන්තු ලබා ගතයුතුය. නොඑසේව, ඔහුව නිදහස් කළ යුතුය.

යූන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ඔහුගේ නීතීඥයෝ පවසති. ඊට හේතුව, එම අධිකරණ වරෙන්තුව ලබා ගැනීමට, පවතින නීති පද්ධතියෙන් බැහැර ක්‍රමවේදයක් අනුගමනය කිරීම බව ඔවුහු පවසති. 

යූන් සම්බන්ධ පරීක්ෂණ සිදු කරන විමර්ශකයින්ට එවැනි වරෙන්තුවක් ලබා ගැනීමේ බලයක් නැතැයි, ඔහුගේ නීතිවේදීහු පවසති. 

 

sk pres
අද අළුයමින්ම විශාල පොලිස් බල ඇණියක් රැගත් බස්රථ යූන් රැඳී සිටි නිවෙස වට කරත්ම ඒ පිලිබඳ සජීව වීඩියෝ දර්ශන මාධ්‍යට මුදා හැරීම ඇරඹිණි.

පොලිස් සේනාංක, යූන් ගේ ආධාරකරුවන් පසෙකට තල්ලු කරමින් නිවෙස් පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව වෙත ගමන් කළහ. ඔවුන් අත, ඉනිමං සහ යාන්ත්‍රික කම්බි කැපුම් යන්ත්‍ර ද විය. 

දකුණු කොරියාවේ පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වය ද නොතකා එම මෙහෙයුම දියත් කෙරිණි.

(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...