BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට නිවසේදී පිහි ප්‍රහාරයක් !

T

The Leader Desk

January 16, 2025 • 6:23 AM

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට නිවසේදී පිහි ප්‍රහාරයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය බොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
  • බ්‍රහස්පතින්දා (ජන:16) අලුයම මෙම ප්‍රහාරය සිදු වූයේ ඛාන් සිය පවුලේ සාමාජිකයින් සමග වෙසෙන මුම්බායි නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවසක් තුළ ය.
  • මධ්‍යම රාත්‍රියෙන් පසු ඔහුගේ නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සහ ඔහු අතර ඇති වූ ගැටුමක් අතරතුර සෙයිෆ් අලි ඛාන් තුවාල ලබා ඇතැයි මුම්බායි නාගරික පොලිසිය බීබීසී මරාති සේවයට පැවසිය.
  • ඛාන්ගේ පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැති නමුත් ඔහුගේ ප්‍රචාරක කණ්ඩායම පැවසුවේ, එය "සොරකමක් කිරීමට තැත් කිරීමක්" බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වේ.


බ්‍රහස්පතින්දා (ජන:16) අලුයම මෙම ප්‍රහාරය සිදු වූයේ ඛාන් සිය පවුලේ සාමාජිකයින් සමග වෙසෙන මුම්බායි නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවසක් තුළ ය.

මධ්‍යම රාත්‍රියෙන් පසු ඔහුගේ නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සහ ඔහු අතර ඇති වූ ගැටුමක් අතරතුර සෙයිෆ් අලි ඛාන් තුවාල ලබා ඇතැයි මුම්බායි නාගරික පොලිසිය බීබීසී මරාති සේවයට පැවසිය.

ඛාන්ගේ පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැති නමුත් ඔහුගේ ප්‍රචාරක කණ්ඩායම පැවසුවේ, එය "සොරකමක් කිරීමට තැත් කිරීමක්" බව ය.

සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි ලීලාවතී රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.

එම රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නීරජ් උත්තමානි බීබීසී මරාති සේවයට පැවසුයේ, සෙයිෆ් අලි ඛාන්ට පිහි පහර 6ක් එල්ල වී ඇති අතර, ඉන් දෙකක් ගැඹුරු තුවාල සහිත ඒවා බව ය.

"එක පිහි පහරක් කොඳු ඇට පෙළට ළඟින් ම එල්ල වෙලා. ඔහුට විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යකර්මයක් කළා," ඔහු පැවසීය.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

"රංගන ශිල්පියාගේ නිවසට නාඳුනන පුද්ගලයෙක් ඇතුළු වෙලා. ඊට පස්සේ නළුවා සහ ඒ පුද්ගලයා අතර බහින්බස් වීමක් ඇති වෙලා," මුම්බායි පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ඩික්සිට් ගෙදාම් පැවසීය.

සෙයිෆ් අලි ඛාන් නියෝජනය කරමින් බ්‍රහස්පතින්දා පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස රසිකයින්ගෙන් ඉල්ලා සිටින බව ය.

"මාධ්‍යවලින් සහ රසිකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා, ඉවසීමෙන් කටයුතු කරන ලෙස. ඒක දැන් තිබෙන්නේ, පොලිසිය භාරයේ. අපට ලැබෙන තොරතුරු අපි ඉදිරිපත් කරනවා," එහි සඳහන් විය.

(සටහන | නියාස් ෆරූකී - බීබීසී, දිල්ලි)
BBC සිංහල සේවය 




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...