BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

අනතුරටපත් දකුණු කොරියාවේ ජෙජු ගුවන් යානයේ එන්ජිමක කුරුළු පිහාටු

T

The Leader Desk

January 17, 2025 • 8:22 AM

අනතුරටපත් දකුණු කොරියාවේ ජෙජු ගුවන් යානයේ එන්ජිමක කුරුළු පිහාටු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය මස දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොටුපොළේ දී 179 දෙනකුට මරු කැඳවමින් සිදුවූ ජෙජු ගුවන් අනතුර පිලිබඳ පරීක්ෂනවල නියුතු විශේෂඥයින්ට යානයේ එන්ජින් යන්ත්‍ර තුළින් කුරුළු පිහාටු සහ රුධිරය හමු වූ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • අනතුරට පෙර ගුවන් නියමුවන්, යානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට විනාඩි දෙකකට මත්තෙන් ගුවන් පාලක මධ්‍යස්ථානයෙන්, අවට ගුවන් කලාපයේ පක්ෂි  ගැවසීම් පිලිබඳ නියමුවන් දැනුම්වත් කර ඇතැයි, මීට පෙර වාර්තා විය.
  • ඒ හේතුවෙන්, ගුවන් යානය තුළ හදිසි තත්ත්වයක්ද නිවේදනය කර ඇත.
  •   අනතුරුව පළමු ගොඩ බස්වීම අතහැර ගුවන් තොටුපොල වටා වටයක් පියාසර කර, ගුවන් ධාවන  පථයේ ප්‍රති-විරුද්ධ දිශාවෙන් යානය ගොඩ බැස්වීමට පියවර ගෙන ඇතැයි, දකුණු කොරියානු  බලධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


දකුණු කොරියාවේ ජෙජු ගුවන් සේවයට අයත් 7C2216 දරන 737-800 වර්ගයට අයත් එම මගී ගුවන් යානය තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොටුපොල තෙක් පියාසර කරමින් තිබිණි.

ගුවන් යානය ගොඩ බැස්වීමට ආසන්නයේ, යානයේ පක්ෂීන් ගැටීම නිසා, අදාළ ගියර අක්‍රීයව ගියේය.

අනතුරුව ගුවන් නියමුවා විසින් යානය හදිසි ගොඩ බැස්වීමකට යොමු කර තිබිණි.

LNFOZRUUN5KM7FDNTKTVI64224

ගොඩ බැස්වීමේ රෝද ක්‍රියාත්මක නොවූ මොහොතක, යානයේ බඩපත සහිත බඳ කොටස, ගුවන් ධාවන පථය මත ස්පර්ශ වීමට සලස්වා (belly-landing)  සිදු කළ එම හදිසි ගොඩ බැස්වීමේ ක්‍රියාවලියේ අවසන් අදියරේදී, ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා  ගොස්, ඊට මීටර 200ක පමණ දුරින්, ගුවන් යානා මාර්ග දර්ශක ඇන්ටෙනා සවි කිරීමට ඉදිකර තිබූ කොන්ක්‍රීට් පැති බැම්මක වැදී, ගිනි ජාලාවක්ව පුපුරා, දැවී විනාශ විය.

අනතුරට පෙර ගුවන් නියමුවන්, යානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට විනාඩි දෙකකට මත්තෙන් ගුවන් පාලක මධ්‍යස්ථානයෙන්, අවට ගුවන් කලාපයේ පක්ෂි  ගැවසීම් පිලිබඳ නියමුවන් දැනුම්වත් කර ඇතැයි, මීට පෙර වාර්තා විය.

අනතුරට මිනිත්තු හතරකට පමණ පෙර, ගුවන් යානයේ එක් නියමුවකු විසින්, එහි පක්ෂීන් ගැටීම පිළිබඳව පාලක මැදිරියට දන්වා තිබේ. ඒ හේතුවෙන්, ගුවන් යානය තුළ හදිසි තත්ත්වයක්ද නිවේදනය කර ඇත.

 



අනතුරුව පළමු ගොඩ බස්වීම අතහැර ගුවන් තොටුපොල වටා වටයක් පියාසර කර, ගුවන් ධාවන  පථයේ ප්‍රති-විරුද්ධ දිශාවෙන් යානය ගොඩ බැස්වීමට පියවර ගෙන ඇතැයි, දකුණු කොරියානු  බලධාරීහු පවසති.

නියමුවා විසින් ගුවන් යානය තුළ හදිසි තත්ත්වයක් නිවේදනය කිරීමට මිනිත්තු දෙකකට පෙර, පාලක මධ්‍යස්ථානයෙන්, අවට ගුවන් කලාපයේ පක්ෂී ගැවසීම් පිලිබඳ ගුවන් යානය දැනුම්වත් කර තිබේ.

අනතුර සිදු වූ ස්ථානයෙන් හමු වූ ගුවන් යානයේ එක් එන්ජින් යන්ත්‍රයක තිබී, කුරුළු පිහාටු හමු වූ බවත්, යානයේ පක්ෂීන් ගැටීමෙන් එහි අනතුරුදායක තත්ත්වයක් හට ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති.

එහෙත්, ගුවන් යානය සතු එන්ජින් යන්ත්‍ර දෙකෙහිම කුරුළු පිහාටු සහ රුධිරය හමු වී ඇත්දැයි යන පැනයට පිළිතුරු දීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 

jeju main 1735652321890 hpMain 4x3

 දකුණු කොරියාවේ මෙතක් වාර්තා වන දරුණුම ගුවන් අනතුර මෙය  වේ.  

ගුවන් යානයේ දත්ත සහ හඬ පටිගත වන "කළු පෙට්ටි" දෙකම අනතුරට  විනාඩි හතරකට පමණ පෙර අක්‍රීයව ගොස් ඇතැයි, පසු ගිය දා අනාවරණය විය. එය ඉතා දුලබ සිදුවීමක් බව ගුවන් අනතුරු විශේෂඥයෝ විමතිය පළ  කරති.

ගුවනේ පියාසර කරන ගුවන් යානයක එන්ජින් යන්ත්‍ර දෙකෙහිම පක්ෂීන් ගැටීමද ගුවන් අනතුරු ඉතිහාසයේ විරල සිදුවීම්ය.

එහෙත්, එවැනි දුලබ අනතුරු සිදුවූ ඇතැම් අවස්ථාවන්හි දී පවා, ගුවන්  නියමුවන්ගේ දක්ෂතාවෙන් එවැනි අනතුරු වලින් ගුවන් යානය, කාර්ය මණ්ඩලය සහ මගීන් බේරා ගත් අවස්ථා ද ඉතිහාසයේ සඳහන්ය.  

240105134510 01 miracle on the hudson doc

2009 වසරේ එක්සත් ජනපදයට ඉහළ අහසේ සිදුවූ එවැනි  අනතුරකදී, ගුවන් නියමුවා ගුවන් යානය හඩ්සන් නදියට බස්වා සියලු ජීවිත බේරා ගත්තේය. 2019 වසරේ රුසියාවේදී සිදුවූ තවත් එවන්  අනතුරකදී, ගුවන් යානය තිරිගු යායකට  සාර්ථකව ගොඩ බැස්වීමට නියමුවා පියවර ගත්තේය.


(REUTERS  ඇසුරින් සටහන |  හ ර් ෂ උදයකාන්ත විසිනි)

සබැඳි පුවත් :

ජෙජු ගුවන් අනතුරේ අත්‍යවශ්‍යම තොරතුරු අතුරුදන් - දකුණු කොරියා විමර්ශන පිලිබඳ සැකයක්

දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කරයි

ජෙජු අනතුර සිදු වූ දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොට ලබන 14 තෙක් වැසේ

ජෙජු ගුවන් අනතුර ගැන ද්වේශ සහගත, සාවද්‍ය තොරතුරු පළ කරන්නන් සොයා දඬුවම් කරන්න' - ද. කොරියා වැඩ බලන ජනපති

වසර අවසානය ගුවන් ක්ෂේත්‍රයට අපලයි ! - දකුණු කොරියා අනතුරට හේතුව අනවශ්‍ය ඉදිකිරීමක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...