BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද අවට පදිංචිකරුවන් ඉවත් කෙරේ

T

The Leader Desk

January 17, 2025 • 10:08 AM

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද අවට පදිංචිකරුවන් ඉවත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දුනීසියාවේ පෙරදිග දිවයින වන හල්මහෙරා (Halmahera) හි පිහිටි ඉබු (Ibu) ගිනි කන්ද මෙම සතියේ සක්‍රීය වීමත් සමග මේ වන විට, ඒ අවට ජනාවාස වෙත දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
  • 4ක් පමණ ඉහළ අහසට විෂ සහිත දුම් රොටු නිකුත් වෙමින් පවතී.
  • එමගින් අවට වායුව දැඩි ලෙස දූෂණයට ලක්ව තිබේ.
  • පසුගිය බදාදා (15) ඉබු ගිනි කන්ද මිනිත්තු දෙකක පමණ කාලයක් පුරා විදාරණයට ලක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අසල පදිංචිකරුවන් 3000ක පමණ පිරිසක් වහා ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීම ආරම්භ කර ඇත.  

පසුගිය දා එහි සිදු වූ නවතම පිපිරීමෙන්, කි.මී. 4ක් පමණ ඉහළ අහසට විෂ සහිත දුම් රොටු නිකුත් වෙමින් පවතී. එමගින් අවට වායුව දැඩි ලෙස දූෂණයට ලක්ව තිබේ.

පසුගිය බදාදා (15) ඉබු ගිනි කන්ද මිනිත්තු දෙකක පමණ කාලයක් පුරා විදාරණයට ලක් විය. ඒ සමග අවට ප්‍රදේශ වෙත දැඩි අනතුරුදායක තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

එදිනම, ජනතාව පදිංචි ස්ථාන වෙතින් ඉවත් කිරීම ආරම්භ කෙරිණි. ගිනි කන්ද අසලම පිහිටි ජනාවාස වල  පුද්ගලයින්ට සහන සේවා ප්‍රමුඛත්වය හිමි විය. ගිනි කන්ද අසල  ජනාවාසවල 13,000කට ආසන පදිංචිකරුවන් පිරිසක් වෙතැයි වාර්තා වේ.

පැසිෆික් ගිනි  වළල්ලේ (Ring of Fire) ස්ථාන කිහිපයකම පිහිටි යමහල් විදාරණයට සමගාමීව ඉබු ගිනි කඳු පිපිරීම ද සිදු විය. 

එම ගිනි වළල්ල මත සක්‍රීය ගිනි කඳු 127ක් පමණ වෙතැයි, වාර්තා වේ. 

 

IBU 250117
එම ගිනිකන්ද මත ඉකුත් වසරේ ද පිපිරීම් මාලාවක් හට ගත්තේය. ඒ සමග, අසල ජනාවාස හතක පදිංචිකරුවන් ඉවත් කිරීමට සිදු විය. 

(REUTERS  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද අවට පදිංචිකරුවන් ඉවත් කෙරේ | The Leader