BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

කුරිරු යුද්ධයක අවසන දකින ගාසා දිනපොත

T

The Leader Desk

January 18, 2025 • 4:58 AM

කුරිරු යුද්ධයක අවසන දකින ගාසා දිනපොත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා යුද්ධය අවසන් කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය නව සටන් විරාමයකට එළැඹ තිබේ.
  •   ඊශ්‍රායල හමුදා ද ක්‍රමිකව ගාසා තීරයෙන් ඉවත් කෙරෙනු ඇත.
  • සටන් විරාමයේ දෙවන අදියර සාකච්ඡා, මුල් අදියර ක්‍රියාත්මක කර දින 16ක් ගිය තැන ආරම්භ වීමට නියමිතය.
  •   මීට  මාස 15කට පමණ පෙර ඇරඹි බිහිසුණු ගාසා යුද්ධයේ දින පොත මෙසේ දිග හැරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අදියර තුනකින් යුත් එම සටන් විරාමයේ මුල් අදියර, සති හයකින් ගෙවී යයි.  

ඒ යටතේ, හමාස් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් සහ ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීනුවන්, දෙපාර්ශවය අතර හුවමාරු කෙරේ.  

ඊශ්‍රායල හමුදා ද ක්‍රමිකව ගාසා තීරයෙන් ඉවත් කෙරෙනු ඇත.

සටන් විරාමයේ දෙවන අදියර සාකච්ඡා, මුල් අදියර ක්‍රියාත්මක කර දින 16ක් ගිය තැන ආරම්භ වීමට නියමිතය.  

එහි තෙවන අදියර යටතේ, ගැටුම් අතරතුර මිය ගිය ඉතිරි පුද්ගල මෘත දේහ ද ලබා දී අවසන, තිරසර සටන් විරාමයක් දක්වා පසුබිම සකස් කෙරේ.  

මීට  මාස 15කට පමණ පෙර ඇරඹි බිහිසුණු ගාසා යුද්ධයේ දින පොත මෙසේ දිග හැරේ.

2023, ඔක්.07:
සන්නද්ධ හමාස් සන්නද්ධ සාමාජිකයින් දකුණු ඊශ්‍රායලයට කඩා වැදී ජනාවාස පීරමින් වෙඩි තබයි.

 



නිරායුධ ඊශ්‍රායල සිවිල් වැසියන් 1200ක් ඝාතනය කෙරේ.

250කට අධික පිරිසක් හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයට පත්වෙති. ඊශ්‍රායලය ප්‍රති-ප්‍රහාර අරඹයි.

ඔක්.08:
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක්. ගාසා හි පලස්තීනුවන්ට සහාය පිණිස එම ප්‍රහාර සිදු කළ බව පවසයි.

ඔක්.13:
මිලියනයකට අධික ජනගහනයක් වෙසෙන ගාසා නගරයෙන් දකුණුදිග බලා ඉවත්වන්නැයි ඊශ්‍රායලය, එහි පදිංචිකරුවන්ට දන්වයි.

ගාසා ජන සංහාරය ඇරඹේ.

ඔක්.19:  
යේමනයේ සිට ඊශ්‍රායලය දෙසට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක්, එක්සත් ජනපද නාවුක යාත්‍රාවක් මගින් ව්‍යර්ථ කෙරේ.

 

ඉරානයේ සහාය හිමි හුති සංවිධානයේ සාමාජිකයින් පිරිසක්, ඊශ්‍රායලය සහ රතු මුහුදේ යාත්‍රා කරන නෞකා ඉලක්ක කර අඛණ්ඩ ප්‍රහාර එල්ල කරති.


ඔක්.21:
ඊජිප්තුව පසු කර එන මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට රෆා දේශ සීමාව ඔස්සේ, ගාසා තීරයට ඇතුළු වීමට අවසර.

ගාසා තීරයේ, ආහාර, පානීය  ජලය, ඖෂධ සහ ඉන්ධන සීඝ්‍රයෙන් අවසන් වේ.

ඉදිරි මාස කිහිපය තුළ හට ගත හැකි උග්‍ර මානුෂීය අර්බුදයට පිළියම් පිණිස, අමතර ආධාර ට්‍රක් රථවලට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දෙන්නැයි, බටහිර රටවල් රැසක්  ඊශ්‍රායලයෙන් ඉල්ලයි.  

ඔක්.27:
ඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණ අරඹයි.



නොවැ.15:
දින කිහිපයක ප්‍රහාරවලින් අනතුරුව, ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ශිෆා රෝහලට ඇතුළු වෙති.

සති කිහිපයක් තුළ උතුරු ගාසා තීරයේ සියළු රෝහල් අකර්මන්‍ය වෙතැයි බිය පළවේ.

නොවැ.21:
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සතියක සටන් විරාමයක්.

හමාස් අත්අඩංගුවේ පසුවන ප්‍රාණ ඇපකරුවන් හරි අඩක් පමණ නිදහස් කෙරේ.

දෙසැ. 01:

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි ගැටුම් ඇවිලේ.


දෙසැ.04:
ඊශ්‍රායලය, දකුණු ගාසා තීරයේ සුවිසල් භූමි ආක්‍රමණය අරඹයි.

 

5500

දකුණුදිග ප්‍රධාන නගරය වන ඛාන් යුනිස් වෙත එම ආක්‍රමණ දිශා ගත වේ.

2024, ජන. 01:
උතුරු ගාසා තීරයේ ඇතැම් පෙදෙස් වෙතින් ඊශ්‍රායල හමුදා ඉවත් වන බව ප්‍රකාශ කරයි.

ජන. 26:    
ජාත්‍යන්තර යුක්ති අධිකරණය හෙවත් හේග් ජාත්‍යන්තර අධිකරණය, ගාසා සමූලඝාතන වහා නතර කරන ලෙස ඊශ්‍රායලයට දැනුම් දෙයි.

පෙබ.29:
ඊශ්‍රායල හමුදා ඇස්  මානයේම, ආධාර ලබා ගැනීමට පොරොත්තු පෝලිමක සිටි පලස්තීනුවන් 100කට අධික සංඛ්‍යාවක් ඝාතනය කෙරේ.  

මෙතෙක් සටන් අතර සිදු වූ බරපතල ඝාතනයක්.

මාර්තු 07:

ගාසා තීරයේ උග්‍ර සාගත අර්බුදයෙන් ලද පීඩනය හමුවේ, එක්සත් ජනපද  ජනපති ජෝ බයිඩන්ගේ උපදෙස් මත, අත්‍යාවශ්‍ය ආධාර  බෙදා හැරීමට පාවෙන නැංගුරම් පොළක් ඉදි කිරීම ඇරඹ්.


එය මැයි මස තුළ ස්ථාපිත කර අවසන් කිරීමට නියමිත අතර, ඒ මත අත්‍යවශ්‍ය ආධාර බෙදාහැරීම ජුලි මස තෙක් පමණක් ක්‍රියාත්මක කෙරේ.

අප්‍රේල් 01:
ඊශ්‍රායල හමුදා විසින් සිදු කළැයි සැක කෙරෙන ගුවන් ප්‍රහාරයකින්,  ඩමස්කස් නුවර ඉරාන තානාපති කාර්යාලය වැනසෙයි. ඉහළම පෙළ හමුදා නිලධාරියකු ඇතුළු හමුදා නිලධාරීන් 13ක්  මරුට.

 ap24092585913218

අප්‍රේල් 14:
අප්‍රේල් 01 දා ඊශ්‍රායල ප්‍රහාරයට ටෙහෙරානය ප්‍රතිචාර දක්වයි.

ඊශ්‍රායලට තුන්සියයකට අධික ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්.

මැයි 06:
සටන් විරාම යෝජනාවකට එකඟතා පළ කළැයි, හමාස් සංවිධානය පවසයි. එහෙත්, ඊට කිසිදු එකඟතාවක් නැතැයි, ඊශ්‍රායලය කියා සිටී.  

ඊශ්‍රායල හමුදා, ගාසා තීරය සහ ඊජිප්තුව අතර ආවරණ කලාපයක බලය තහවුරු කරති.  

රෆා ප්‍රදේශයෙන්  ඉවත් වන ලෙස පලස්තීනුවන්ට නියෝග.

ගාසා තීරයේ භූමිය මත දේශ සීමා බල අධිකාරිය ඊශ්‍රායල හමුදා යටතට.

ජුනි 23:

 

GettyImages 1473939891 scaled e1679570304898 1

ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන්ට එරෙහි දරුණුතම ක්‍රියාන්විත, ක්‍රම ක්‍රමයෙන් අවසන කරා එළැඹෙමින් ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.


එහෙත්, ගාසා තීරයේ පූර්ණ බලය හමාස් වෙතින් ගිලිහෙන තෙක්, යුද්ධය නතර නොකරන බව අවධාරණය කරයි.

කෙසේ වෙතත්, ගාසා තීරය පුරා තවමත් අඛණ්ඩ දරුණු සටන් ක්‍රියාත්මකය.

ජුනි 25:
සමස්ත ගාසා තීරය, සාගතයේ උපරිම සීමා පසු කරයි.

ජුලි 02:
ගාසා තීරයේ දකුණුදිග නගර වන ඛාන් යුනිස් සහ රෆා හි පදිංචි කරුවන් සියල්ලට ඊශ්‍රායලය නව පලා යාමේ නියෝග නිකුත් කරයි.

එය යුද්ධය ඇරඹි දා සිට සිදු  කළ විශාලතම ජන අවතැන් කිරීම බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.  

ජුලි 27:
ඊශ්‍රායල පාලනයේ පවතින ගෝලාන් කඳුකරය වෙත එල්ල කළ හිස්බුල්ලා රොකට් ප්‍රහාරයකින් කුඩා ළමුන් සහ තරුණයින් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

ඊශ්‍රායලය කඩිනම්  ප්‍රතිචාර දැක්වීමට සැරසේ.


91156be0 4fe5 11ef 8f0f 0577398c3339.png

අගෝ. 01:
ජුලි 13 දා සිදු කළ ගුවන් ප්‍රහාරයකින්, හමාස් හමුදා ප්‍රධානී මොහම්මෙද් ඩෙෆ් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදා තහවුරු කරයි.

හමාස් සංවිධානය එය තහවුරු හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකී සිටී. එදින ප්‍රහාරයෙන් පුද්ගලයින් 90ක් ජීවිතක්ෂයට පත් බව පමණක්, පලස්තීන බලධාරීන් පවසයි.

අගෝ. 23:

ගාසා තීරයේ විසි පස් වසරකට පසු, ළදරුවකු දෙවන ගනයේ පෝලියෝ තත්ත්වයකින් ආඝාතයට ලක් වී ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.  


සැප්. 17:
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධාන සාමාජිකයින් සිරුරේ පැළඳ සිටි සන්නිවේදන පේජර උපකරණ දහස් ගණනක් ඊශ්‍රායලය දුරස්ථව පුපුරවා හරී.  

හිස්බුල්ලා සාමාජිකයින් සිය ගණනකට තුවාළ.

සැප්. 28:
බීරුත් නුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මරුට.

 

2024 09 19t140342z 435689375 rc2q3aah8i19 rtrmadp 3 israel palestinians hezbollah nasrallah

ඔක්. 05:
උතුරු ගාසා තීරයේ හමාස් සන්නද්ධ සාමාජිකයින් සොයා ඊශ්‍රායල හමුදා දැඩි ක්‍රියාන්විතයක.

ගාසා නගරබද ජෙබාලියා අවතැන් කඳවුර, බෙයිට් හනෞන් සහ බෙයිට් ලහියා නගර වෙත දරුණු ප්‍රහාර එල්ලේ වේ.

(2025 තෙක් දිග්ගැසුණු එම ඊශ්‍රායල හමුදා  ක්‍රියාන්විතයෙන්, එම ප්‍රදේශ පූර්ණ වශයෙන් ජන ශුන්‍ය කෙරිණි ).  

ඔක්.16:
ඊශ්‍රායල හමුදා රෆා වෙත එල්ල කළ ප්‍රහාරයකින් හමාස් ප්‍රධානී යහ්යා සින්වාර් ඝාතනය කෙරේ.

නොවැ. 21:
ගාසා තීරයේ සිදු කළ යුද අපරාධ, සහ මිනිස් අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ  හමාස් සංවිධානයේ ඉබ්‍රහිම් අල්-මස්රි නොහොත් මොහම්මෙද් ඩෙෆ් ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කරයි.

නොවැ.27:

ලෙබනනයේදී, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයකට එකඟතාව පළ වේ.


 සිරියානු විප්ලවවාදීන්, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී  එරට බෂාර් අල්-අසාද් රජය පෙරළා  දමයි.  

 

2025 01 07t171053z 217941697 rc255calk2ed rtrmadp 3 usa trump

දෙසැ 02:
2025 ජනවාරි 20 දා, තමන් ජනපති ධුරයේ දිව්රුම් දීමට පෙර ගාසා යුද්ධය නතර නොකළ හොත්, සමස්ත මැද පෙරදිග කලාපයම අපායක් කරන බව එක්සත් ජනපද ජනපතිවරණය ජය ගත ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

2025, ජන.15:
දස දහස් ගණනකගේ ජීවිත මරු තුරුළට යවමින්, සමස්ත මැද පෙරදිග කලාපයම අවුළුවා, මාස 15කට අධික කාලයක් ගාසා තීරයේ සිදු කළ සියළු යුද ගැටුම් නතර කරමින්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය නව සටන් විරාමයකට එළැඹේ.  

සටන් විරාමය හෙට  (19) සිට ක්‍රියාත්මකය.


(REUTERS  ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:  Israel-Gaza war: A timeline of key events

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කුරිරු යුද්ධයක අවසන දකින ගාසා දිනපොත | The Leader