BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

T

The Leader Desk

January 18, 2025 • 3:44 PM

ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය විරෝධී ඔත්තු බැලීම් සහ ත්‍රස්තවාදය පිලිබඳ අධිකරණ කටයුතුවල නියැලි ඉරානයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්
  • එරට ටෙහෙරාන් නුවරදී අද, එම ද්විපුද්ගල ඝාතනය සිදු කර ඇත.
  • අධිකරණය තුළ දී එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද වෙඩි තබා සිය දිවි නසා ගත් බව ඉරාන අධිකරණ සේවය පවසයි.
  • වෙඩි  වැදීමෙන් මිය ගොස් ඇත්තේ, මැද පෙළ අධිකරණ තනතුරු දරන ෂිඅයිට් මුස්ලිම් ජාතික මොහාම්මද් මොඝීසේ (Mohammad Moghiseh) සහ අලි රසිනි   (Ali Razini) යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනාය.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙදෙනකු වෙඩි තබා ඝාතනය කෙරේ.

එරට ටෙහෙරාන් නුවරදී අද, එම ද්විපුද්ගල ඝාතනය සිදු කර ඇත.

අධිකරණය තුළ දී එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද වෙඩි තබා සිය දිවි නසා ගත් බව ඉරාන අධිකරණ සේවය පවසයි.

වෙඩි තැබීමෙන් එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ආරක්ෂක නිලධාරියකුද තුවාළ  ලැබීය.

වෙඩි  වැදීමෙන් මිය ගොස් ඇත්තේ, මැද පෙළ අධිකරණ තනතුරු දරන ෂිඅයිට් මුස්ලිම් ජාතික මොහාම්මද් මොඝීසේ (Mohammad Moghiseh) සහ අලි රසිනි   (Ali Razini) යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනාය.

එම ද්විපුද්ගල ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.  

ඝාතනය වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙපළ, දීර්ඝ කාලයක සිට, ඉරාන රජයට එරෙහි ඔත්තු බැලීමේ කුමන්ත්‍රණවලට සහ ත්‍රස්තවාදයට එරෙහි, ජාතික ආරක්ෂාව සම්බන්ධ නඩු කටයුතු ගණනාවක නිරතව සිටි බව වාර්තා වේ.

එම ඝාතන, ඊශ්‍රායලයට සම්බන්ධ පුද්ගලයින් සහ එක්සත් ජනපද සහාය ලබන ඉරාන විපක්ෂ සාමාජිකයින් විසින් සිදු කරන ලද්දක් යැයි සැක කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය පවසයි.

මොඝීසේ යනු ත්‍රස්තවාදය වැලක්වීමට යැයි පවසා, දේශපාලන සිරකරුවන් චෝදනාවට ලක් කළ අයෙකැයි ඉරාන විපක්ෂය පවසයි.

රසිනි ද මීට පෙර, 1998 දී ඝාතන තැතකට බඳුන් වූ විනිසුරුවරයෙකි.  


(REUTERS  ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ | The Leader