BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

හිටපු ජනපති පාක්ෂිකයෝ දකුණු කොරියානු අධිකරණයක් වනසති

T

The Leader Desk

January 19, 2025 • 4:01 AM

හිටපු ජනපති පාක්ෂිකයෝ දකුණු කොරියානු අධිකරණයක් වනසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියානු අධිකරණයක්, අත්අඩංගුවේ පසුවන හිටපු ජනපති යූන් සුක් යියොල් හට අද, තවත් දින 20 ක රැඳවුම් නියෝග කල් දිගුවක් නිකුත් කළේය.
  • අධිකරණ පරිශ්‍රයේ භීෂණකාරී මහජන විරෝධතා දක්නට වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.  පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට පත් යූන්, එරට රාජ්‍ය රැඳවුම් භාරයට පත් ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ඉතිහාස ගත වේ.
  •   ඉකුත් දෙසැම්බර 3 දා, ඔහු එරට හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග, පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් ඔහු ධුරයේ කටයුතු කිරීම අත්තිටවිණි.
  • පනවන ලද හමුදා නීතිය ද, පැය කිහිපයක් ඇතුළත ඔහු විසින්ම ඉවත් කර ගැනීමට පියවර ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒසමග, අධිකරණ භූමිය වටලා සිටි ඔහුගේ කෝපාවිෂ්ට ආධාරකරුවෝ සිය ගණනක් අධිකරණයේ ජනෙල්, දොරගුළු කඩා බිඳ ඊට ඇතුළු වූහ. අධිකරණ පරිශ්‍රයේ භීෂණකාරී මහජන විරෝධතා දක්නට වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 


පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට පත් යූන්, එරට රාජ්‍ය රැඳවුම් භාරයට පත් ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ඉතිහාස ගත වේ.
 
ඉකුත් දෙසැම්බර 3 දා, ඔහු එරට හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග, පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් ඔහු ධුරයේ කටයුතු කිරීම අත්තිටවිණි. පනවන ලද හමුදා නීතිය ද, පැය කිහිපයක් ඇතුළත ඔහු විසින්ම ඉවත් කර ගැනීමට පියවර ගැනිණි. එහෙත්, ඒසමග දකුණු කොරියානු ඉතිහාසයේ, දශක ගණනාවකට පසු, දරුණු දේශපාලන කැළඹීමක් හටගත්තේය. එය මේතාක් විසඳෙන ලකුණු පෙනෙන්නට නැත.
446694
 
එරට වේලාවෙන් අද අළුයම 3.00ට පමණ, නව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. එකෙණෙහි, අධිකරණය වටා රැස්ව සිටි ඔහුගේ ආධාරකරුවෝ පොලිස් බාධක නොතකා අධිකරණ ශාලාව තුළට කඩා වැදුණහ. විරෝධතාකරුවන් අධිකරණ ශාලාව ඉදිරිපිට සවි කර තිබූ ගිනි නිවීමේ උපකරණ බිඳ දමමින්, ඒ තුළට පිවිස අනතුරුව අධිකරණ ශාලාවේ වූ කාර්යාලීය උපකරණ සහ ගෘහ භාණ්ඩ වනසමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන නිකුත් වී තිබේ. 

පොලිසිය විසින් පැය කිහිපයකට පසු තත්ත්වය සමනය කර තිබේ.
 
 
මේ දක්වා, විරෝධතාකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිසිය පවසයි. නීති විරෝධී ක්‍රියාකාරකම්වල යෙදුණු සියලු විරෝධතාකරුවන් සොයා අත්අඩංගුවට ගන්නා බවද පොලිසිය සඳහන් කරයි. විරෝධතාව හේතුවෙන් පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නැතැයි, එරට හදිසි සේවා ආරංචිමාර්ග පවසයි.
යූන් අත්අඩංගුවට පත් මුල් අවස්ථාවේ ඔහුගෙන් ප්‍රශ්න කිරීම පිණිස විමර්ශකයින්ට පැය 48ක කාලයක් හිමි විය. අනතුරුව, ජනපතිවරයා නිදහස් කෙරීම හෝ තවත් දින 20 ක රැඳවුම් නියෝග පිණිස නව වරෙන්තු ලබා ගැනීම සිදු කළ යුතු විය. 

කෙසේ වෙතත්, ජනපතිවරයා දිගින් දිගටම විමර්ශකයින්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය. 

පසුව, ඊයේ (18) ඔහු පැය 05ක කාලයක් අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දුන්නේය. අනතුරුව, සැකකරු විසින් එම අධිකරණ කටයුතුවලට අදාළ සාක්ෂි වනසා දැමීමට ඉඩ ඇතැයි යන සැකය මත, විමර්ශකයින්ගේ ඉල්ලීමට අවසර දෙමින්, යූන් තවදුරටත් රැඳවුම් භාරයේ තැබීමට අධිකරණය නියෝග නිකුත් කළේය. 
 

නව නියෝග යටතේ ඔහුව තවත් දින 20ක කාලයකට රැඳවුම් භාරයේ තබා ගැනීමට අවසර හිමිය.
 
එරට නීතිය අනුව, සැකකරුවකු ශාරීරික පරික්ෂාවකට ලක් කිරීමට නම්, අත්අඩංගු වරෙන්තුවක් මත ඔහුව රැඳවුම් භාරයට ලක් කළ යුතුය. ඉන්පසු බන්ධනාගාර රැඳවි නිල ඇඳුම අන්දවා එම පරික්ෂාව සිදු කෙරේ. අත්අඩංගුවට පත් ජනපතිවරයා සියොල්  නුවර රැඳවුම් මධ්‍යස්ථානයේ හුදෙකලා කුටියක තවදුරටත් රඳවා තැබීමට කටයුතු කෙරෙනු ඇත.
"ජනපති යූන් සුක් යියොල් සහ අප නීති පද්ධතිය, මෙම අනීතික ක්‍රියාව කිසිවිට අත්නොහැර ඊට එරෙහිව අඛණ්ඩව කටයුතු කරනවා" යි, ඔහුගේ නීතිඥයෝ පවසති. 
 

 
යූන් ගේ සාම්ප්‍රදායික මහජන බලය පක්ෂය, නව අධිකරණ තීරණය "අනේ පව්" කියමින් සමච්චලයට ලක් කළේය. බලයෙන් පහ නොකරන ලද ජනපතිවරයකු අත්අඩංගුවේ රඳවා තැබීමේ ප්‍රතිවිපාක අධිකරණය දන්නේ දැයි, එම පක්ෂය, නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කර සිටී. 

එහෙත්, අධිකරණ තීන්දුව, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යථාවත් කිරීමේ ඉතා හොඳ පියවරක් බවත්, අන්ත දක්ෂිණාන්ශිකයින්ගේ විරෝධතා හේතුවෙන් සිදුවන්නේ ජාතික අර්බුදය තවදුරටත් ඔඩු දිවීම පමණක් බවත්, එරට ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයෝ පවසති. 

පසු ගිය බදාදා (15)  දකුණු කොරියානු බලධාරීහු, යූන් අත්අඩංගුවට ගත්හ. රාජ්‍යයට එරෙහි කැරැල්ලක් සංවිධානය කළේ යැයි චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත්  බව, විමර්ශන නිලධාරීහු කියා සිටියහ. ලේ වැගිරීමක් වළක්වනුවස්, විමර්ශකයින්ට අවනත වූ  බව, යූන් ප්‍රකාශ කළේය.
 
sk pres
 
හිටපු ජනපතිවරයා, හමුදා නීතිය ප්‍රකාශයට පත් කර, දකුණු කොරියාවට එරෙහි කැරැල්ලකට නායකත්වය දුන් බව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කර ඇත. රජයට එරෙහි කැරළි ගැසීම හෝ සංවිධානය කිරීම එරට ජනාධිපතිවරයකුට මුක්තියේ බලය භාවිතා කර ප්‍රතික්ෂේප කළ නොහැකි චෝදනා අතරින් එකකි.
යූන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ඔහුගේ නීතීඥයෝ පවසති. ඊට හේතුව, එම අධිකරණ වරෙන්තුව ලබා ගැනීමට, පවතින නීති පද්ධතියෙන් බැහැර  ක්‍රමවේදයක් අනුගමනය කිරීම බව ඔවුහු පෙන්වා දෙති.  යූන් සම්බන්ධ පරීක්ෂණ සිදු කරන විමර්ශකයින්ට එවැනි වරෙන්තුවක් ලබා ගැනීමේ බලයක් නැතැයි, ඔහුගේ නීතිඥයෝ කරුණු දක්වති. 

(REUTERS  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

සබැඳි ලිපි :
'නෑ මම කියන්නෙම නෑ'-  අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනපති ප්‍රශ්න කිරීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් අත්අඩංගුවට

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...