BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ගාසා සටන් විරාමය ඇරඹේ

T

The Leader Desk

January 19, 2025 • 4:41 AM

ගාසා සටන් විරාමය ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ග්‍රෙනෙච් වේලාවෙන් අද පැය 06.30ට ගාසා සටන් විරාමය ඇරඹේ.
  • එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීනුවන් 30 දෙනකු බැගින් නිදහස් කෙරේ.  ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශ වෙතින් ඉවත් වීම ආරම්භ කර ඇතැයි, හමාස් මාධ්‍ය පවසයි.
  • නව සටන් විරාමය ක්‍රියාත්මක කිරීමත් සමග, මාස 15කට අධික කාලයක් පැවති ගාසා යුද ගැටුම් නිම කෙරේ.
  • නව සටන් විරාමය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකය.  සති හයක එහි මුල් අදියර යටතේ හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 98 දෙනකු අතුරින් 33 දෙනකු නිදහස් කෙරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අද මධ්‍යහ්නය වනවිට හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකාරිනියන් තිදෙනකු නිදහස් කිරීමට නියමිතය. එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීනුවන් 30 දෙනකු බැගින් නිදහස් කෙරේ. 

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශ වෙතින් ඉවත් වීම ආරම්භ කර ඇතැයි, හමාස් මාධ්‍ය පවසයි.

නව සටන් විරාමය ක්‍රියාත්මක කිරීමත් සමග, මාස 15කට අධික කාලයක් පැවති ගාසා යුද ගැටුම් නිම කෙරේ. ගාසා තීරයේ රෆා සිට ඊජිප්තු - ගාසා දේශසීමාව ඔස්සේ ෆිලඩෙල්ෆි කොරිඩෝව වෙත ඊශ්‍රායල හමුදා ඉවත්වීම ආරම්භ කර තිබේ.

 

ඊජිප්තුව, කටාර් රාජ්‍යය සහ එක්සත් ජනපද මැදිහත්වීම මත පසුගිය මාස කිහිපය පුරා ඊශ්‍රායල-හමාස් සටන් විරාම සාකච්ඡා පැවැත්විණි. 

එක්සත් ජනපද නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිව්රුම් දීමට පැය කිහිපයක් තිබියදී, එය ක්‍රියාත්මක වීම ද විශේෂ සිදුවීමකි. නව සටන් විරාමය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකය. 

සති හයක එහි මුල් අදියර යටතේ හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 98 දෙනකු අතුරින් 33 දෙනකු නිදහස් කෙරෙනු ඇත. හුවමාරු වශයෙන්, ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන් 2000ක පමණ පිරිසක් නිදහස් කෙරේ. ස්ත්‍රීන්, ළමුන්, වයස අවුරුදු 50 ඉක්මවූ පිරිමින්, රෝගීන් සහ තුවාළ කරුවන් ද ඊට අයත්ය.

 

ඊශ්‍රායලය දුන් ප්‍රාණ ඇපකරුවන් 34ක ලැයිස්තුවකට හමාස් අනුමැතිය

ඊශ්‍රායල අත්අඩංගුවෙන් නිදහස ලබන පලස්තීනුවන් අතර පිරිමි පුද්ගලයින් 737ක්  වෙති. ඔවුන්ගෙන් බහුතරය, විවිධ සන්නද්ධ කණ්ඩායම් සෙවණේ, ඊශ්‍රායල වැසියන් ඝාතනය කළ අය වෙති. යුද්ධය ඇරඹි තැන් සිට ඊශ්‍රායල අත්අඩංගුවට පත් පලස්තීන සිවිල් වැසියන්ද ඒ අතර වේ.

අද දින හමාස් භාරයෙන් නිදහස ලබන ප්‍රාණ ඇපකාරිනියන් තිදෙනා රතු කුරුස නිලධාරින් වෙත භාර දීමට නියමිතය. 

 


තමා ජනපති ධුරයේ දිවුරුම් දීමට ප්‍රථම, සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට අවනත නොවුණහොත්, සමස්ත මැද පෙරදිග කලාපයටම අපා දුක් විඳීමට සිදුවෙතැයි, ට්‍රම්ප් අනතුරු ඇඟවීය. එක්සත් ජනපද ජනපතිවරණය ජය ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ දිවුරුම් දීමට ඇත්තේ තවත් පැය කිහිපයකි. 

ගාසා තීරයේ පශ්චාත් යුද පසුබිම කෙසේ වේදැයි තවමත් අවිනිශ්චිතය. ඒ පිලිබඳ නිසි සැලසුම් තවමත් සිදු කෙරී නැත. ගාසා තීරය ප්‍රතිසංස්කරණයට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් සහ තවත් වසර ගණනක්  ගත වනු ඇත. 

නව සටන් විරාමය කුමන මොහොතක හෝ බිඳ වටේ දැයි යන සැකය ද තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැත. ගාසා යුද්ධයෙන්, දශක ගණනක් තිස්සේ එය පාලනය කළ හමාස් සංවිධානය පරාජයට පත් විය. ඔවුන්ගේ නායකින් රැසක් සහ සන්නද්ධ සාමාජිකයින් දහස් ගණනක් යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් විය. 

 



හමාස් සංවිධානයට යළි බලයට ඒමට කිසිදු ඉඩක් නොතබන බව ඊශ්‍රායලය සපථ කර සිටී. ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ විශාල ප්‍රදේශයක් මුළුමනින්ම ජන ශුන්‍ය කර ඇත. එමගින්, එම ප්‍රදේශවල නිදහසේ සැරිසැරීමේ පූර්ණ අයිතිය ඊශ්‍රායල හමුදා සතුව පවතී.

හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස ලැබීම, 2023 ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ ආරක්ෂාව ගිලිහී යාම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිනාංශික රජය කෙරෙහි පවතින මහජන විරෝධය යම් තාක් දුරට සමනය වීමකි. ඉතිහාසයේ එක් දිනක් තුළ එරට ආරක්ෂාව ගිලිහී ගිය ප්‍රථම අවස්ථාව එය වේ.

කෙසේවෙතත්, හමාස් සංවිධානයට එරෙහි යුද්ධය හැකිතාක් කඩිනමින් යළි අරඹන ලෙස දැඩි මතධාරීහු නෙතන්යාහු හට උදක්ම බල කර සිටිති. එසේ නොකළහොත්, පක්ෂයෙන් ඉවත් වන බවට ද අනතුරු අඟවති.  

 

ගාසා තත්වය බරපතලයි !
යළි ගාසා යුද ගැටුම් හට ගතහොත්, හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත සදහටම අවිනිශ්චිත වනු ඇත. 

ගාසා යුද්ධය, සමස්ත මැද පෙරදිග කලාපයම භීතියෙන් වෙලා ගත්තේය. ඉරාන හිතවාදී ලෙබනන හිස්බුල්ලා සංවිධානයද සටනට ඈඳිණි. ඊශ්‍රායලය සමග ගැටුමින්, එම සංවිධානයට ද අත්වූයේ අන්ත පරාජයකි. 

වසරකුත් මාස කිහිපයක කාලයක් තුළ මැද පෙරදිග කලාපය වෙනසකට බඳුන්ව ඇත. ඉරානයේ බල පරාක්‍රමය ද ගිලිහී යමින් පවතී. එහෙත්, න්‍යෂ්ටික අනතුර කිසිසේත් පහව ගොස් නැත. දශක ගණනක සිරියානු අසාද් රජය ද පෙරලා දැමිණි. එය ද ඉරානයට මරු පහරකි. 

ඊශ්‍රායලය තමන්ට එරෙහි ජාත්‍යන්තර අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරයි. ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ එම චෝදනා ගොනු කළ දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයේ උදහසට ලක්ව සිටී.

 

රටවල් 20 ක මැරුවාට වැඩි දරුවන් ගණනක් ගාසා තීරයේ සති තුනට මරලා
ගාසා යුද්ධය, 2023 ඔක්තෝබර 7 දා හමාස් ත්‍රස්තයින් විසින් මුලපුරන ලද්දකි. දකුණු ඊශ්‍රායලයේ ඔවුන් විසින් සිදුකළ ත්‍රස්තවාදී වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 1200ක් ජීවිතක්ෂයට පත් විය. ඊශ්‍රායල වැසියන් ඇතුළු සිවිල් පුරවැසියන් 250ක් හමාස් ප්‍රාණ ඇපයට පත් විය. එතැන් සිට ඇවිලි ගාසා යුද්ධයෙන් ඊශ්‍රායල හමුදා භටයින් 400කට අධික සංඛ්‍යාවක් ද මරුමුවට පත් වූහ.

මාස 15කට ආසන්න කාලයක් පැවති  දරුණු ගාසා ගැටුම්වලින් පලස්තීනුවන් 47,000කට අධික පිරිසක් මරු වැළඳ ගත්හ. වත්මන, මිලියන ගණනක ගාසා ජනගහනය, එම තීරයේම අවතැන්ව සිටිති.

(REUTERS  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

සබැඳි පුවතක් :
කුරිරු යුද්ධයක අවසන දකින ගාසා දිනපොත

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...