BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ට්‍රම්ප්, 'යක්කු ගස් නගින' වේලාවට දිවුරුම් දෙයි

T

The Leader Desk

January 19, 2025 • 5:33 AM

ට්‍රම්ප්, 'යක්කු ගස් නගින' වේලාවට දිවුරුම් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යළි බලයට සපැමිණීමේ ප්‍රීතිය සැමරීමට එක්සත් ජනපද ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (18) වොෂින්ටන් නුවරට සම්ප්‍රාප්ත වූයේය.
  •   ඉකුත් නොවැම්බර 5 දා පැවති එරට ජනපතිවරණයේදී ප්‍රතිවාදී කමලා හැරිස් පරදා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගත්තේය.
  •   එම ගුවන් යානයෙන්, අසල වර්ජිනියා හි ඩලස් ගුවන් තොටට පැමිණි ට්‍රම්ප් කෙලින්ම ගියේ ස්ටර්ලින්ග් හි පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා සමාජයටය.  එල්විස් ප්‍රෙස්ලි අනුකරණය කරමින් ලියෝ ඩේස් (Leo Days) විසින් ට්‍රම්ප් ඇතුළු පිරිස හරසරින් පිළිගැනිණි.
  • ගිනි කෙළි සංදර්ශනයෙන්ද යුක්ත වූ එම පිළිගැනීමේ අවස්ථාවට ආරාධිතයින් 500ක පමණ පිරිසක් එක්ව සිටියහ.  ට්‍රම්ප්ගේ දැන් වයස අවුරුදු 78 කි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
නගරය වාර්තාගත ශීත කාලගුණ තත්ත්වයක පසුවේ. නව ජනපතිවරයා රැගෙන එම පිණිස ෆ්ලොරීඩාවේ පිහිටි පාම් බීච් ගුවන් තොට වෙත ධුරයෙන් නික්ම යන බයිඩන් ජනපති විසින් එක්සත් ජනපද ගුවන් හමුදා යානයක් පිටත් කර එවා තිබිණි.
 
ඉකුත් නොවැම්බර 5 දා පැවති එරට ජනපතිවරණයේදී ප්‍රතිවාදී කමලා හැරිස් පරදා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගත්තේය. ඊයේ ඔහු පැමිණි ගුවන් යානයේ, ට්‍රම්ප් බිරිය මෙලනියා, දියණි ඉවන්කා සහ ඇගේ සැමියා වන ජරෙඩ් කුෂ්නර් ද වූහ.
 
එම ගුවන් යානයෙන්, අසල වර්ජිනියා හි ඩලස් ගුවන් තොටට පැමිණි ට්‍රම්ප් කෙලින්ම ගියේ ස්ටර්ලින්ග් හි පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා සමාජයටය. 


එල්විස් ප්‍රෙස්ලි අනුකරණය කරමින් ලියෝ ඩේස් (Leo Days) විසින් ට්‍රම්ප් ඇතුළු පිරිස හරසරින් පිළිගැනිණි. ගිනි කෙළි සංදර්ශනයෙන්ද යුක්ත වූ එම පිළිගැනීමේ අවස්ථාවට ආරාධිතයින් 500ක පමණ පිරිසක් එක්ව සිටියහ. 

ට්‍රම්ප්ගේ දැන් වයස අවුරුදු 78 කි. අද සවස 'කැපිටල් වන් එරීනා' ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ඔහු පාක්ෂිකයින් ඇමතීමට නියමිතය. හෙට දිවුරුම් දීමෙන් අනතුරුව මධ්‍යාහ්නයේ ද ඔහු ඒ වෙත පැමිණෙනු ඇත.

 

වොෂින්ටනයේ පවතින අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන්, හෙට (20) සිදු කෙරෙන ට්‍රම්ප්ගේ දිවුරුම් දීම එළිමහනේ නොකොට කැපිටල් රොටුන්ඩා (Capitol Rotunda) අභ්‍යන්තරයේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ. අනතුරුව, ඔහු යළි 'කැපිටල් වන් එරීනා' ගෘහස්ත ක්‍රීඩාංගනය වෙත පෙරහරින් සම්ප්‍රාප්ත වනු ඇත.

එරට වේලාවෙන් හෙට මධ්‍යහ්න 12.00 ට, හෙළ ජන වහරට අනුව කියතොත්, ඉර මුදුන් වන හෙවත් "යක්කු ගස් නගින" වේලාවට  ට්‍රම්ප් එක්සත් ජනපද ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු සමාරම්භක දේශනය පැවැත්වීමට සූදානම්ව සිටී. 

හෙට සිට ඉදිරි සිව් වසරක කාලයටම එක්සත් ජනපද නායකයා ඔහුය. ඔහුගේ සමාරම්භක දේශනයේ තේමාව වන්නේ "එකමුතුකම සහ ශක්තිය සහ වදනින්  එක්වන සාධාරණත්වය" යන්නයි. 

 

09ce21ed2686bf5993495b51c8b2455856512e19
1985 ජනවාරි මස රොනල්ඩ් රේගන් ජනපතිවරයාගේ දෙවන දිවුරුම් දීමෙන් අනතුරුව, එක්සත් ජනපද  ජනපතිවරයකු ශාලා අභ්‍යන්තරයක සිට ධුරයේ දිවුරුම් දෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

මීට පෙර, කැපිටල් ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ දිවුරුම් දීමේ අවස්ථාව නැරඹීමට ප්‍රවේශ පත් 220,000ක් නිකුත් කර තිබිණි. එහෙත්, නව සැලැස්මට අනුව එම කටයුතු  සිදු කෙරෙන, 'කැපිටල් වන් එරීනා' ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඇත්තේ ආසන  20,000ක ධාරිතාවක් පමණි. දිවුරුම් දීමෙන් අනතුරුව හෙට සියළු සංදර්ශන පැවැත්වෙන්නේ එහිය.

ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට ධුරයෙන් නික්ම යන බයිඩන් ද සහභාගී වීමට නියමිතය. 

(REUTERS  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...