BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

නිදහස ලබන ප්‍රාණ ඇපකාරිනියන් ගේ නම් ප්‍රකාශ කෙරේ - ගාසා සටන් විරාමය ක්‍රියාවට නැංවේ

T

The Leader Desk

January 19, 2025 • 3:15 PM

නිදහස ලබන ප්‍රාණ ඇපකාරිනියන් ගේ නම් ප්‍රකාශ කෙරේ - ගාසා සටන් විරාමය ක්‍රියාවට නැංවේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙටි ප්‍රමාදයකින් පසු ගාසා සටන් විරාමය ආරම්භ වේ.
  • එම නාම ලේඛනය තමා අත තබන තෙක් ගාසා තීරයේ ප්‍රහාර නොනවත්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කිරීමත් සමග, ගාසා තීරයේ ප්‍රහාර යළිත් දැඩි කෙරිණි.
  • නොනැවතුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ සටන් විරාමය ආසන්නයේ, අවම වශයෙන් පලස්තීනුවන් 13 දෙනකුවත් මිය ගොස්, විසි පස් දෙනකුට වැඩි පිරිසක් තුවාළ ලද බව  පලස්තීන සෞඛ්‍ය බලධාරීහු කියා සිටියහ.
  • පැය තුනක පමණ ප්‍රමාදයකින් පසු, සටන් විරාමය ග්‍රෙනිච් වේලාවෙන්  0915 ට ආරම්භ විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාසා වේලාවෙන් අද පෙ.ව.8.30ට ආරම්භ වීමට නියමිතව තිබූ එය, කල්තියා ප්‍රාණ ඇපකරු නාම ලේඛනය නිකුත් නොකිරීම හේතුවෙන් ප්‍රමාද විය.

එම නාම ලේඛනය තමා අත තබන තෙක් ගාසා තීරයේ ප්‍රහාර නොනවත්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කිරීමත් සමග, ගාසා තීරයේ ප්‍රහාර යළිත් දැඩි කෙරිණි.

අද නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකාරිනියන් තිදෙනාගේ නාම ලේඛනය ලබා දීම, භූමියේ පවතින තාක්ෂණික හේතු මත ප්‍රමාද වූ බවත්, අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, එය නිසිතැනට යොමු කිරීම තවදුරටත් අසීරු  වූ බවත්, නම් සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ හමාස් සාමාජිකයකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

නොනැවතුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ සටන් විරාමය ආසන්නයේ, අවම වශයෙන් පලස්තීනුවන් 13 දෙනකුවත් මිය ගොස්, විසි පස් දෙනකුට වැඩි පිරිසක් තුවාළ ලද බව  පලස්තීන සෞඛ්‍ය බලධාරීහු කියා සිටියහ.

පැය තුනක පමණ ප්‍රමාදයකින් පසු, සටන් විරාමය ග්‍රෙනිච් වේලාවෙන්  0915 ට ආරම්භ විය.

මීට පැය කිහිපයකට පෙර සිට ගාසා තීරයේ වෙඩි තැබීම් සහ ගුවන් ප්‍රහාර නතර වී තිබේ.

ප්‍රහාරක වෙඩි හඬ හෝ බෝම්බ පිපිරීම් හඬ කිනම් තැනකින් හෝ නෑසෙන බව ගාසා තීරයෙන් වාර්තා වේ.

සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමග, සන්නද්ධ හමාස් සටන් කරුවන්, මුහුණු ආවරණ පැළඳ, මෝටර් රිය මත නැගී, තුවක්කු ඔසවමින්, ප්‍රීති ප්‍රමෝදයට පත් වෙමින් සිටින ඡායාරූප, මාධ්‍යයට නිකුත් කර තිබේ.  

සිය භාරයේ පසුවන රොමී ගොනෙන් ( Romi Gonen), ඩොරන් ස්ටෙන්බ්‍රෙජර් ( Doron Steinbrecher) සහ එමිලි දමාරි ( Emily Damari) අද නිදහස ලබන බව හමාස් සංවිධානය පවසයි.

එම එක්  ප්‍රාණ අපැකාරිනියක වෙනුවෙන්, ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීනුවන් 30 දෙනකු බැගින් නිදහස් කිරීමට නියමිතය.  

වහාම ක්‍රියාත්මක වන පරිදි මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු වෙමින් පවතී.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර "ප්‍රාණ ඇපකරු  චතුරශ්‍රයේ" විශාල පිරිස් ඒකරාශී වෙමින් සිටින වීඩියෝ දර්ශන මාධ්‍ය මගින් විකාශය කරමින් තිබේ.

ගාසා තීරයේ පශ්චාත් යුද පාලනය කාගේ භාරයේ පවතී දැයි මෙතෙක් නිශ්චිතව සඳහන් නොවේ. එහි පවතින සංකීර්ණ භාවය හේතුවෙන්, සටන් විරාම මුල් අදියර තුළ ඒ පිලිබඳ කරුණු ඇතුළත් කර නැත.

හමාස් බලය පවතින තෙක් යුද්ධය නතර නොකරන බව ඊශ්‍රායලය විසින් අවධාරය කර තිබේ. ඉදිරියේදී එහි පලස්තීන අධිකාරියේ පාලනය ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි.

මීට දශක තුනකට පමණ පෙර පලස්තීන අධිකාරිය බිහි විය. එහෙත්, බටහිර ඉවුරේ ඔවුන් සතු පාලන බලය සීමා සහිත විය. 2007 දී හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ බලය, පලස්තීන අධිකාරිය වෙතින් පැහැර ගැනිණි.

ගාසා තීරයේ පාලන බලය පලස්තීනුවන් සතු විය යුතු යැයි ජාත්‍යන්තරය කියා සිටී.

කෙසේ වෙතත්, එහි නව  පළාත් පරිපාලන ක්‍රමවේදයක් පිළිබඳව ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා  ද මීට පෙර සිදු කර තිබේ.

සංශෝධිත පලස්තීන අධිකාරිය වෙත බල හුවමාරුව තෙක්  එම පළාත් පරිපාලන ක්‍රියාවලිය පවත්වා ගැනීම එහි අපේක්ෂාවයි.

(REUTERS  ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර: Fighting halts in Gaza as ceasefire takes effect after brief delay

සබැඳි පුවත් :

ගාසා සටන් විරාමය ප්‍රමාදයි - ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලා අස්වේ

ගාසා සටන් විරාමය ඇරඹේ

කුරිරු යුද්ධයක අවසන දකින ගාසා දිනපොත

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...