BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ගිනි තබයි

T

The Leader Desk

January 21, 2025 • 7:35 AM

ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ගිනි තබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අළුයම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ගිනි තබා විනාශ කර තිබේ.
  • එරට සිදු කළ කළ නවතම යුදෙව් විරෝධී ප්‍රහාරය මෙය වේ.  ගිනි තබා විනාශ කළ ළමා සුරැකුම් මධ්‍යස්ථානය, සිඩ්නි නුවර යුදෙව් පාසලට යාබදව පිහිටා තිබේ.  ප්‍රහාරය, එරට වේලාවෙන් අද අළුයම 1.00ට පමණ සිදු කර ඇත.
  •   සිද්ධියට අදාළ සැකකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.
  • එහෙත්, මීට පෙර සිදු කළ යුදෙව් විරෝධී ප්‍රහාරයන්ට වග කිවයුත්තන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාදය මත එවැනි සිදුවීම් හි වර්ධනයක් දක්නට ඇතැයි, නගර වාසීහු චෝදනා කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

විනාශ කළ ගොඩනැගිල්ල මත යුදෙව් විරෝධී සටන් පාඨ ලියා ඇතැයි, වාර්තා වේ. එරට සිදු කළ කළ නවතම යුදෙව් විරෝධී ප්‍රහාරය මෙය වේ. 

ගිනි තබා විනාශ කළ ළමා සුරැකුම් මධ්‍යස්ථානය, සිඩ්නි නුවර යුදෙව් පාසලට යාබදව පිහිටා තිබේ. 

ප්‍රහාරය, එරට වේලාවෙන් අද අළුයම 1.00ට පමණ සිදු කර ඇත. ඉන් කිසිවකුටත් හානි සිදු වී නැතැයි, වාර්තා වේ. 

 



අඛණ්ඩව සිව් දිනක් තුළ සිඩ්නි නගරයෙන් වාර්තාවන දෙවන යුදෙව් විරෝධී ප්‍රහාරය මෙය යි.  

සිද්ධියට අදාළ සැකකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි. එහෙත්, මීට පෙර සිදු කළ යුදෙව් විරෝධී ප්‍රහාරයන්ට වග කිවයුත්තන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාදය මත එවැනි සිදුවීම් හි වර්ධනයක් දක්නට ඇතැයි, නගර වාසීහු චෝදනා කරති.

2023, ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ සිදු කළ හමාස් ත්‍රස්ත ප්‍රහාරයට, එරට හමුදා ප්‍රති-ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග, ඔස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී සිදුවීම් උත්සන්න විය. පසු ගිය දෙමස තුළ, සිඩ්නි හි පමණක් එවැනි සාහසික ක්‍රියා දොළහකට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබේ.

fireq

 

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, අද ත්‍රස්ත ක්‍රියාව හෙළා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කළේය. 

මෙම වසරේ මැයි මස, ඔහු එරට ජාතික මැතිවරණයකට ද ඉදිරිපත් වීමට නියමිතය. එරට යුදෙව් විරෝධී ක්‍රියාකාරකම් මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. ඔස්ට්‍රේලියාව තුළ යුදෙව් විරෝධී අපරාධ මැඬලීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත්ව ඇතැයි, විපක්ෂය චෝදනා කරයි.

එරට යුදෙව් ප්‍රජාවට එල්ල කෙරෙන සාහසික අපරාධ සහ තර්ජනයන් විමර්ශනයට විශේෂ ෆෙඩරල් පොලිස් කාර්ය බලකයයක් ද පිහිටුවා තිබේ.

678f0795e4b096e3c4dfeca1 1737426942075

 

එරට යුදෙව් සංවිධානයකට මරණ තර්ජන එල්ල කළ 44 හැවිරිදි පුද්ගලයකු පසුගිය සතියේ, එම බලකායේ අත්අඩංගුවට පත් විය. ෆෙඩරල් පොලිස් කාර්ය බලකය පිහිටුවීමෙන් පසු ඔවුන් විසින් සිදු කළ පළමු අත්අඩංගුවට ගැනීම එය වේ. 

(REUTERS  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Childcare centre torched in latest antisemitic attack in Australia


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...