BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

නවසීලන්තයේ කන්දකට නීත්‍යනුකූලව මිනිසෙකු සතු අයිතිවාසිකම් පිරිනැමේ

T

The Leader Desk

January 31, 2025 • 7:02 AM

නවසීලන්තයේ කන්දකට නීත්‍යනුකූලව මිනිසෙකු සතු අයිතිවාසිකම් පිරිනැමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තාරනාකි කන්ද පූජනීයත්වයෙන් සලකනු ලබන අතර එය දේශීය මෞරි ජනයාගේ මුතුන් මිත්තෙකු ලෙස සැලකේ.
  • ඉන් අදහස් වන්නේ, තාරනාකි මෞන්ගා හෙවත් තාරනාකි කන්දට අනන්‍යතාවක් හිමි වන බව ය.
  • එය කළමනාකරණය කිරීම සඳහා දේශීය ගෝත්‍ර, ඉවි ගෝත්‍රිකයින් සහ රජය එක්ව කටයුතු කරනු ඇත.
  • යටත් විජිතකරණයේදී තාරනාකි කලාපයේ මෞරිවරුන්ට සිදුවූ අසාධාරණකම් සඳහා වන්දි ගෙවීම මෙම ගිවිසුමේ අරමුණ යි - පුළුල් ලෙස ඉඩම් රාජසන්තක කිරීම ද ඊට අයත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නවසීලන්ත කන්දකට පුද්ගලයෙකුට සමාන නීත්‍යනුකූල අයිතියක් ලබා දී ඇති ගිවිසුමක් වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව නීතියක් බවට පත්ව තිබේ.

ඉන් අදහස් වන්නේ, තාරනාකි මෞන්ගා හෙවත් තාරනාකි කන්දට අනන්‍යතාවක් හිමි වන බව ය. එය කළමනාකරණය කිරීම සඳහා දේශීය ගෝත්‍ර, ඉවි ගෝත්‍රිකයින් සහ රජය එක්ව කටයුතු කරනු ඇත.

යටත් විජිතකරණයේදී තාරනාකි කලාපයේ මෞරිවරුන්ට සිදුවූ අසාධාරණකම් සඳහා වන්දි ගෙවීම මෙම ගිවිසුමේ අරමුණ යි - පුළුල් ලෙස ඉඩම් රාජසන්තක කිරීම ද ඊට අයත් වේ.

"අතීත වැරදි නිසා ඇති වූ වේදනාව අප පිළිගත යුතුයි, එවිට අපට අනාගතය දෙස බලා ඉවි ගෝත්‍රික ජනතාවට ඔවුන්ගේ ම අභිලාෂයන් සහ අවස්ථාවන් සාක්ෂාත් කර ගැනීමට සහය විය හැකි යි," සාකච්ඡා සම්බන්ධීකාරක නවසීලන්ත රජයේ අමාත්‍ය පෝල් ගෝල්ඩ්ස්මිත් පැවසීය.


නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් බ්‍රහස්පතින්දා (ජන: 30) තාරනාකි මෞංගා සාමූහික වන්දි පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත කරන ලදී. ඒ, කන්දට නීත්‍යනුකූල නමක් ලබා දෙමින් සහ එහි අවට කඳු මුදුන් සහ භූමිය ආරක්ෂා කිරීම තහවුරු කරමිනි.

කඳු ඇතුළු ස්වාභාවික ලක්ෂණ මුතුන් මිත්තන් සහ ජීවීන් ලෙස සලකන මෞරි ලෝක දැක්මට ද එය අදාළ වේ.

"අද, තාරනාකි, අපේ මෞංගා [කන්ද], අපේ මෞංගා ටූපුනා [මුතුන් මිත්තන්ගේ කන්ද], අයුක්තියේ, නොදැනුවත්කමේ, වෛරයේ විලංගුවලින්, විලංගුවලින් නිදහස් වී තිබෙනවා," මෞරි දේශපාලන පක්ෂයේ සම නායක ඩෙබී නගරේවා-පැකර් පැවසීය.

නගරේවා-පැකර් යනු නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පිහිටි තාරනාකි ඉවි ගෝත්‍රිකයින් අට දෙනාගෙන් එක් අයෙකි. ඔවුන්ට මෙම කන්ද පූජනීය වස්තුවකි.

පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීම නැරඹීම සඳහා බ්‍රහස්පතින්දා ප්‍රදේශයේ තවත් සිය ගණනක් මෞරිවරු නවසීලන්ත පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

gettyimages 1233606193

18 වන සියවසේදී බ්‍රිතාන්‍ය ගවේෂක ජේම්ස් කුක් විසින් එයට ලබා දුන් එග්මොන්ට් යන නම තවදුරටත් නිල වශයෙන් හැඳින්වෙන්නේ නැත. ඒ වෙනුවට එය තාරනාකි මෞංගා ලෙස හඳුන්වනු ලබන අතර අවට ජාතික වනෝද්‍යානයට එහි මෞරි නාමය ද ලබා දෙනු ඇත.

තාරනාකි අයිවි ගෝත්‍රිකයෙකු වන අයිෂා කැම්බල් 1News වෙත පැවසුවේ, ඇයට මෙම උත්සවයට සහභාගි වීම වැදගත් බවත්, කන්ද "අපව සම්බන්ධ කරන අතර ජනතාවක් ලෙස අපව එකට බැඳ තබන්නේ එයයි" කියා ය.

නවසීලන්තය රටක් ලෙස ස්ථාපනය කර ආදිවාසීන්ට ඔවුන්ගේ ඉඩම් සහ සම්පත් සම්බන්ධයෙන් යම් යම් අයිතිවාසිකම් ලබා දුන් වයිටැංගි ගිවිසුම උල්ලංඝණය කිරීමට වන්දි ලබා දීමේ උත්සහයක් ලෙස, තාරනාකි මෞංගා ගිවිසුම මෞරි ප්‍රජාව සමග රජය ඇති කර ගත් නවතම ගිවිසුමයි.

1860 ගණන්වලදී තාරනාකි කන්ද සහ දේශීය මෞරි වැසියන්ගෙන් අක්කර මිලියනයකට අධික ඉඩම් රාජසන්තක කිරීම සම්බන්ධයෙන් රජයෙන් සමාව අයැදීමත් සමග මෙම එකඟතාව ඇති විය.

"ගිවිසුම උල්ලංඝණය කිරීම්වල අර්ථය වන්නේ, තාරනාකිහි වානෝ [පුළුල් පවුල], හපු [උප ගෝත්‍රය] සහ ඉවි ගෝත්‍රිකයින් වෙත අතිමහත් හා සංකීර්ණ හානියක් සිදු කර ඇති බවත්, දශක ගණනාවක් තිස්සේ අතිමහත් හානියක් සිදු කර ඇති බවත්," පෝල් ගෝල්ඩ්ස්මිත් පිළිගත්තේ ය.

download 6

කන්දට ප්‍රවේශ වීම වෙනස් නොවන බවට එකඟ වී ඇති බවත්, "සියලු ම නවසීලන්ත වැසියන්ට ඉදිරි පරම්පරාවන් සඳහා මෙම අතිවිශිෂ්ට ස්ථානය නැරඹීමට සහ භුක්ති විඳීමට හැකි වනු ඇති," බවත් ඔහු තවදුරටත් පැවසීය.

නවසීලන්තයේ ස්වභාවික පිහිටීම් අතරින් නීත්‍යනුකූල පුද්ගලභාවයක් ලබා දුන් පළමු කන්ද මෙය නොවේ.

2014දී, උරේවේරා ස්වදේශික වනාන්තරය එවැනි තත්වයක් ලබා ගත් පළමු අවස්ථාව බවට පත් වූ අතර, පසුව 2017 දී වැන්ගනුයි ගඟ ද එම තත්ත්වය ලබා ගත්තේ ය.


(සටහන | කැත්රින් ආම්ස්ට්‍රෝං)
බීබීසී

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...