BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කැනඩා, මෙක්සිකෝ සහ චීන භාණ්ඩවලට බදු පිට බදු

T

The Leader Desk

February 2, 2025 • 4:39 PM

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කැනඩා, මෙක්සිකෝ සහ චීන භාණ්ඩවලට බදු පිට බදු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව, මෙක්සිකෝව හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පනවා තිබේ.
  • ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව හා මෙක්සිකෝව යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා  25 % තීරු බද්දක් හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක තීරු බද්දක් එලෙස පනවා ඇත.
  • අමෙරිකානු  ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය අර්බුදය විසඳීම සඳහා මෙලෙස තීරුබදු ක්‍රියාත්මක බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.
  • තීරු බදු ක්‍රියාත්මක කිරීමත් සමග චීන වාණිජ අමාත්‍යාංශ පවසන්නේ මෙලෙස තීරුබදු පැනවීම චීනයට හා ලෝකයේ සෙසු රටවලට හිතකර නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කැනඩාව, මෙක්සිකෝව යන රටවලට අද (02) සිට ක්‍රියාත්මක වන  පරිදි එම තීරු බදු ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ලබන අඟහරුවාදා සිට තීරු බදු ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව හා මෙක්සිකෝව යන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා  25 % තීරු බද්දක් හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% ක තීරු බද්දක් එලෙස පනවා ඇත.

අමෙරිකානු  ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය අර්බුදය විසඳීම සඳහා මෙලෙස තීරුබදු ක්‍රියාත්මක බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.

තීරු බදු ක්‍රියාත්මක කිරීමත් සමග චීන වාණිජ අමාත්‍යාංශ පවසන්නේ මෙලෙස තීරුබදු පැනවීම චීනයට හා ලෝකයේ සෙසු රටවලට හිතකර නොවන බවයි.

මේ අතර කැනේඩියානු වාණිජ මණ්ඩලය විසින් ද තීරුබදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඔවුන් සඳහන් කළේ තීරු බදු වැඩිවීමත් සමග සෑම අංශයකම පිරිවැය ඉතා ඉක්මනින් වැඩි වන බව හා එය සෑම මිනිසෙක්ටම හා සෑම ව්‍යාපාරයක් සඳහාම බලපැමක් එල්ල කරන බවයි.

තීරු බදු සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා අද රාත්‍රියේදී විශේෂ ප්‍රකාශක් නියමිත බව ද, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.




ඒකපාර්ශ්විකව තීරුබදු පැනවීම නිවැරදි කරන්නැයි චීනය අමෙරිකාවෙන් ඉල්ලයි



අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා 10% ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබේ.

ෆෙන්ටැනයිල් (Fentanyl) නම් ඖෂධය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව හේතුවෙන් අමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදිත සඳහා 10% ක අතිරේක තීරු බද්දක් පනවා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් චීනය තරයේ විරෝධය ප්‍රකාශ කරන බවත්, මේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය හමුවේ තම රටෙහි නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට චීනය සූදානමින් සිටින බවය.

ෆෙන්ටැනයිල් යනු අමෙරිකාවේ දේශීය ගැටලුවක් බවත්, ඔවුන්ගේ ඉල්ලීමකට අනුව, 2019 වසරේ දී ෆෙන්ටැනයිල් වැනි ද්‍රව්‍ය විධිමත් ලෙස ලැයිස්තුගත කළ තම රට, ෆෙන්ටැනයිල් වැනි ද්‍රව්‍ය නිසි ලෙස පාලනය කර ඇති ලොව පළමු රට බවට පත් වූ බවත් චීනය පවසයි.

එමෙන්ම වෙළෙඳ යුද්ධයකින් හෝ තීරුබදු සටනකින් කිසිවෙකුත් ජයග්‍රහනය කර නොමැති බව පෙන්වා දෙන චීනය පවසන්නේ, අමෙරිකාව ඒකපාර්ශ්විකව තීරුබදු පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ද වන බවය.

තවද මෙය අමෙරිකාව තම රටෙහි ගැටලු විසඳීමට අපොහොසත් වීමක් පමණක් නොව, ද්විපාර්ශ්වික සබඳතා සඳහා මෙන්ම සමස්ත ලෝකයට ද අහිතකර වන්නක් බව චීනය පෙන්වා දී තිබේ.

මුලාශ්‍ර : News 1st + adaderana



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...