BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ගාසා තීරය අත්පත් කර ගැනීමට ට්‍රම්ප්ට අවශ්‍ය ඇයි? ඔහුට එය කළ හැකි ද?

T

The Leader Desk

February 7, 2025 • 7:19 AM

ගාසා තීරය අත්පත් කර ගැනීමට ට්‍රම්ප්ට අවශ්‍ය ඇයි? ඔහුට එය කළ හැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසාව ඇමෙරිකාවට "පවරා ගැනීමට" සහ "අත්පත් කර ගැනීමට" ඇති හැකියාව පිළිබඳවත්, එහි ජනයා වෙනත් ස්ථානයක නැවත පංදිචි කරවීමේ ක්‍රියාවලිය පිළිබඳවත් ට්‍රම්ප් කළ යෝජනාව කම්පනයක් ඇති කිරීමට මෙන් ම හෙළා දැකීම්වලට ද ලක්ව තිබේ.
  •   නරඹන්න: ට්‍රම්ප් පවසන්නේ එක්සත් ජනපදයට ගාසා තීරය 'අත්පත් කර ගෙන' එය නැවත ගොඩනැගිය හැකි බව ය.
  •   මාස 15ක් පුරා පැවති සටන්වලින් පසු එහි ගොඩනැගිලිවලින් තුනෙන් දෙකක් පමණ විනාශ වී හෝ හානි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත.
  • ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම අදහස "අවධානය යොමු කළ යුතු එකක්" බව පැවසුව ද, එය අරාබි රටවල් සහ ඇතැම් ඇමෙරිකානු මිත්‍ර රටවල් විසින් මුළුමනින් ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මෙම අදහස් පළ කෙරුණේ, හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර සහ ගාසා තීරයේ පශ්චාත්-ගැටුම්වල අනාගතය පිළිබඳ ප්‍රශ්න මතු වන පසුබිමක ය.
 

නරඹන්න: ට්‍රම්ප් පවසන්නේ එක්සත් ජනපදයට ගාසා තීරය 'අත්පත් කර ගෙන' එය නැවත ගොඩනැගිය හැකි බව ය.

 

මාස 15ක් පුරා පැවති සටන්වලින් පසු එහි ගොඩනැගිලිවලින් තුනෙන් දෙකක් පමණ විනාශ වී හෝ හානි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත.

ට්‍රම්ප්ගේ මෙම අපැහැදිලි යෝජනාව, ගාසා තීරය සහ බටහිර ඉවුර ඇතුළත් පලස්තීන රාජ්‍යයක් ඊශ්‍රායලයේ එක් පසෙකින් පැවතීමේ අවශ්‍යතාව පිළිබඳ පුළුල්ව පැතිරුණු ජාත්‍යන්තර සම්මුතිය උඩු යටිකුරු කරමින් දශක කිහිපයක් පුරා මැද පෙරදිග පිළිබඳව පැවති ඇමෙරිකානු ප්‍රතිපත්තියේ විශාල වෙනසක් බවට ඉඟි කළ හැකි ය.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම අදහස "අවධානය යොමු කළ යුතු එකක්" බව පැවසුව ද, එය අරාබි රටවල් සහ ඇතැම් ඇමෙරිකානු මිත්‍ර රටවල් විසින් මුළුමනින් ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ කියන්නේ ඇයි?

 

ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් ත්‍රස්තයින්ට අනතුරු අඟවයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් නිවැරදිව හෙළි වන එක් කරුණක් වන්නේ, ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැටුම විසඳීමට අපොහොසත් වී ඇතැයි යන්න ය.

සාම යෝජනා ඉදිරිපත් වුව ද වරින්වර ජනාධිපතිවරුන් ඇවිත් ගිය ද ප්‍රශ්න ඔඩු දුවා තිබේ. 2023 ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය සහ ඉන් ඇවිළුණු ගාසා තීරයේ යුද්ධයේ ප්‍රතිවිපාක බිහිසුණු විය.

දේපළ වෙළෙඳාමෙන් මිලියන ගණන් ඉපැයූ ව්‍යාපාරියෙකු වශයෙන් ට්‍රම්ප්ගේ නිරීක්ෂණය සම්පූර්ණයෙන් ම වලංගු ය: ගාසා තීරය නැවත ගොඩ නගන්නේ නම් [ඇතැම් ස්ථානවල මුල සිට ම], ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්ට සුන්බුන් අතර දිවි ගෙවීම තේරුමක් නැති දෙයකි.

ගාසා තීරය යළි ගොඩනැගීම දැවැන්ත කාර්යයක් වනු ඇත. පුපුරා නොගිය බෝම්බ ආදිය සහ කඳු මෙන් ගොඩගැසී ඇති සුන්බුන් ඉවත් කළ යුතු ය. ජල හා විදුලි රැහැන් අලුත්වැඩියා කිරීමට සිදු වනු ඇත. පාසල්, රෝහල්, කඩසාප්පු යළි ගොඩනැගිය යුතු ය.

rubble gaza
ට්‍රම්ප්ගේ මැදපෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා ඇත්තේ, එය සිදුවීමට වසර ගණනාවක් ගත විය හැකි අතර එම කාලය තුළ, පලස්තීනුවන්ට වෙනත් කොහේ හෝ ස්ථානයකට යාමට සිදුවනු ඇති බව ය.

කෙසේ වෙතත්, ඔවුන් සිය මාතෘ භූමිය ආසන්නයේ තබා ගැනීම වෙනුවට එනම්, ගාසා තීරයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල කඳවුරු තුළ තබා ගැනීමේ ක්‍රමයක් සෙවීම වෙනුවට, ට්‍රම්ප් පවසන්නේ, ඔවුන් ස්ථිරව ම භූමියෙන් පිටව යාමට දිරිමත් කළ යුතු බව ය.

ට්‍රම්ප් විශ්වාස කරන්නේ, ඔවුන් නොමැති විට, දහස් ගණනකට රැකියා, ආයෝජන සඳහා අවස්ථා සහ අවසානයේ "ලෝකයේ මිනිසුන්ට ජීවත් වීමට" ස්ථානයක් සපයමින් ඇමෙරිකාවට අයත් "Riviera of the Middle East" ව්‍යාපෘතිය අළු අතරින් නැගී සිටිනු ඇති බව ය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශ මෙතරම් මතභේදාත්මක වන්නේ ඇයි?

ආරම්භ කළ යුත්තේ කොතැනින් ද?

ගාසා සටන් විරාමය ඉරිදා සිට - ගිවිසුමට පැය කිහිපයක් තබා දැඩි ඊශ්‍රායල ගුවන්  ප්‍රහාර

 

ඇමෙරිකානු තානාපති කාර්යාලය ටෙල් අවිව් සිට ජෙරුසලමට ගෙන යාම සහ ගෝලාන් කඳුකරයේ ඊශ්‍රායලයේ ස්වෛරීභාවය පිළිගැනීම ඇතුළුව ඇමෙරිකාවේ මැද පෙරදිග ප්‍රතිපත්තිය උඩු යටිකුරු කිරීම සඳහා ඔහුගේ පළමු ධූර කාලයෙන් වැඩි කාලයක් ගත කළ ජනාධිපතිවරයෙකුට පවා මෙය විස්මයජනක යෝජනාවක් විය.

ඊශ්‍රායල්-පලස්තීන ගැටුම විසඳීමට පලස්තීන භූමියෙන් කොටසක් අත්පත් කර ගැනීම සහ එහි ජනගහනය ඉවත් කිරීම ඇතුළත් වේ යැයි කිසිදු එක්සත් ජනපද ජනාධිපතිවරයකු කිසි විටෙකත් නොසිතුවේ ය.

පැහැදිලිව ම කිවහොත්, මෙය බලහත්කාරයෙන් සිදු කිරීම ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් වනු ඇත.

ඇතැම් පලස්තීනුවන් ගාසා තීරයෙන් පිටවී වෙනත් තැනක තම ජීවිත නැවත ගොඩනගා ගැනීමේ තීරණයක් ගැනීමට ඉඩ තිබේ. 2023 ඔක්තෝබර් මාසයේ සිට, දැනටමත් 150,000ක් පමණ එය කර ඇත.

එහෙත් අනෙක් අයට එසේ කිරීමට මූල්‍යමය හැකියාවක් නොමැති නිසා හෝ ඔවුන් පලස්තීනය ලෙස හඳුන්වන භූමියෙන් කොටසක් වන ගාසා තීරයට ඇති බැඳීම දැඩි වීම නිසා හෝ එසේ කළ නොහැක.

 

gaza 1

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව ගාසා තීරයේ ගොඩනැගිලිවලින් තුනෙන් දෙකක් පමණ විනාශ වී හෝ හානියට පත් වී තිබේ

 

බොහෝ ගාසා වැසියෝ 1948 වසරේදී ඊශ්‍රායල් රාජ්‍යය නිර්මාණය කිරීමේදී පලා ගිය හෝ තම නිවෙස්වලින් පලවා හරින ලද පුද්ගලයින්ගෙන් පැවත එන්නන් වෙති - එම කාල පරිච්ඡේදය පලස්තීනුවන් හඳුන්වන්නේ ව්‍යසනය සඳහා යන අරාබි වචනය නක්බා ලෙස ය.

තවත් ව්‍යසනයක් පිළිබඳ සිතුවිල්ල බොහෝ දෙනෙකුට දරාගත නොහැකි තරම් වේදනාකාරී වනු ඇති අතර, එම වේදනාව දැඩි අධිෂ්ඨානයකින් ගාසා තීරයේ ඉතිරිව සිටින්නන්ගේ කෙටි ජීවිත සමග බැඳී සිටිනු ඇත.

ඊශ්‍රායලය සමග එක්ව තමන්ගේ ම රාජ්‍යයක් ගැන සිහින දකින පලස්තීනුවන්ට, එහි කොටසක් අහිමි වීම අත් පා කපා දැමීමක් මෙන් දැනෙනු ඇත.

1948 සිට ගාසා තීරය බටහිර ඉවුරෙන් භෞතිකව වෙන් වී ඇත. පෙර සාකච්ඡා වටවලට මෙන් ම ට්‍රම්ප්ගේ 2020 "සාමය සඳහා වූ දැක්ම"ට ද ගාසා තීරය සහ බටහිර ඉවුර සම්බන්ධ කළ හැකි උමං මාර්ග හෝ දුම්රිය මාර්ග සඳහා සැලසුම් ඇතුළත් විය.

දැන් ට්‍රම්ප් මූලික වශයෙන් පලස්තීනුවන්ට පවසන්නේ, ගාසා තීරය සදහට ම අත්හරින ලෙස යි.

 

ගසා තීරයට තීරණාත්මක දින කිහිපයක්
ජාත්‍යන්තර නීතියට පටහැනිව, සිවිල් වැසියන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීමට පක්ෂව කතා කරන බවක් නොපෙනුණත්, ට්‍රම්ප් පැහැදිලිව ම පලස්තීනුවන්ට භූමියෙන් ඉවත්ව යාමට දිරිගන්වමින් සිටී.


වෙනත් තැන්වල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අතරතුර, ගාසා වැසියන්ට ගාසා තීරයේ අඩු හානියට පත් ප්‍රදේශවල රැඳී සිටීමට උපකාර කළ හැකි කැරවෑන් රථ දස දහස් ගණනක් සැපයීම අවහිර කිරීම සම්බන්ධයෙන් පලස්තීන බලධාරීන් ඊශ්‍රායලයට දැනටමත් චෝදනා කර තිබේ.

ගාසා සරණාගතයින් මිලියන 1.8ක් පමණ ප්‍රධාන වශයෙන් ඊජිප්තුව සහ ජෝර්දානය ඇතුළු අරාබි රටවල් භාර ගත යුතු බවට ට්‍රම්ප් කළ ප්‍රකාශ කෙරෙහි කෝපය පළ වී තිබේ.

එම රටවල් දෙකට මෙම අමතර ගැටලුවලට අමතරව තමන්ගේ ම ගැටලු ඇති තරම් තිබේ.

 

BBC gaza2
ගාසා තීරයේ වත්මන් තත්ත්වය කෙබඳු ද?

1967 වසරේ සිදුවූ සය දින යුද්ධයේදී ඊශ්‍රායලය විසින් අත්පත් කර ගැනීමට පෙර ගාසා තීරය වසර 19ක් තිස්සේ අත්පත් කරගෙන සිටියේ, ඊජිප්තුව යි.

ජාත්‍යන්තර නීතිය යටතේ තවමත් සලකනු ලබන්නේ, ඊශ්‍රායලය විසින් එය අත්පත් කරගෙන ඇති බව ය. ඊශ්‍රායලයට ඒ පිළිබඳව විරෝධතා තිබේ. 2005 දී ඒකපාර්ශ්විකව යුදෙව් ජනාවාස විසුරුවා හැර තම හමුදාව ඉවත් කර ගැනීමෙන් වාඩි ලා ගැනීම අවසන් වූ බව ඊශ්‍රායලය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්ගෙන් හතරෙන් තුනක් පමණ ගාසා තීරය පලස්තීනයේ ස්වෛරී රාජ්‍යයක කොටසක් ලෙස පිළිගන්නා නමුත් ඇමෙරිකාව එය පිළිගන්නේ නැත.

වැටවල් සහ ඊශ්‍රායල් සමුද්‍ර බාධක මගින් බාහිර ලෝකයෙන් වෙන් වී ඇති එය, සැබවින් ම ස්වාධීන ස්ථානයක් ලෙස කිසිවෙකුට හැඟී නැත.

ඊශ්‍රායලයේ අවසරයකින් තොරව කිසිවක් හෝ කිසිවෙකු ඇතුළට හෝ පිටතට නොයන අතර, 1998 දී මහත් ඝෝෂාවක් මධ්‍යයේ විවෘත කරන ලද ජාත්‍යන්තර ගුවන් තොටුපළක් 2001 දී දෙවන පලස්තීන නැගිටීම අතරතුර ඊශ්‍රායලය විසින් විනාශ කරන ලදී.

2006 වසරේදී හමාස් සංවිධානය පලස්තීන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව සහ ඊළඟ වසරේ දැඩි සටන්වලින් පසු තම ප්‍රතිවාදීන් එම ප්‍රදේශයෙන් නෙරපා හැරීමෙන් පසුව, ආරක්ෂක හේතු මත ඊශ්‍රායලය සහ ඊජිප්තුව ගාසා තීරයට අවහිරයක් පැනවීය.

 

ගාසා තත්වය බරපතලයි !
මෑතකදී සිදුවූ යුද්ධයට බොහෝ කලකට පෙර සිට ම පලස්තීනුවන් ගාසා තීරය විවෘත බන්ධනාගාරයක් ලෙස සැලකීමට පටන් ගෙන තිබිණි.

ට්‍රම්ප්ට අවශ්‍ය නම් ගාසා තීරය අත්පත් කර ගත හැකි ද?

එක්සත් ජනපදයට එම භූමිය සම්බන්ධයෙන් නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්, ට්‍රම්ප් ඇමෙරිකානු පාලනය පැනවීමට අදහස් කරන්නේ කෙසේ ද යන්න කිසිසේත් ම පැහැදිලි නැති බවත් නොකියා ම බැරි ය.

ග්‍රීන්ලන්තය හෝ පැනමා ඇළ සම්බන්ධ ඇමෙරිකානු පාලනය පිළිබඳ ඔහුගේ ශුභවාදී ප්‍රකාශයන් සමග මෙන්, ට්‍රම්ප් එය සැබවින් ම අදහස් කරන්නේ ද නැතහොත් ගාසා තීරයේ අනාගතය පිළිබඳ කටුක සාකච්ඡා මාලාවකට පෙර විවෘත, අමුතු කේවල් කිරීමේ ස්ථාවරයක් නියෝජනය කරන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත.

 

ඊශ්‍රායල් ගාසා යුද්ධය:'අපට අවශ්‍ය ඔබේ ජයග්‍රහණය'බ්‍රිතාන්‍ය අගමැති  ඊශ්‍රායල් අගමැතිට කියයි - BBC News සිංහල
ගාසා තීරයේ පශ්චාත් යුද්ධ සමයේ පාලන කටයුතු සඳහා විවිධ සැලසුම් සාකච්ඡා කර තිබේ.

දෙසැම්බර් මාසයේදී, ප්‍රධාන පලස්තීන කණ්ඩායම් දෙක වන හමාස් සහ ෆාටා, එහි පරිපාලනය අධීක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට එකඟ විය - එය මෙතෙක් අසාර්ථක වූ ගිවිසුමකි.

තවත් විටෙක, සාකච්ඡාවලින් අවධානය යොමු කර ඇත්තේ, ජාත්‍යන්තර සාම සාධක හමුදාවක් නිර්මාණය කිරීම කෙරෙහි වන අතර, එය සමහර විට අරාබි රටවලින් පැමිණි හමුදාවලින් සමන්විත විය හැකි ය.

 

trumpbbc4

ට්‍රම්ප් ගාසා පිළිබඳව අදහස් පළ කළේ අඟහරුවාදා වොෂිංටන්හිදී පැවති මාධ්‍ය හමුවකදී ය.

 

පසුගිය මාසයේ රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, බටහිර ඉවුරේ සමහර ප්‍රදේශවල දැනටමත් පාලනය දරන ප්‍රතිසංස්කරණය කරන ලද පලස්තීන අධිකාරිය (PA) ගාසා තීරය අත්පත් කර ගැනීමට සූදානම් වන තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගාසා තීරයේ තාවකාලික පරිපාලනයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කළ බව ය.

කෙසේ වෙතත්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මීට පෙර ප්‍රසිද්ධියේ අවධාරණය කර තිබුණේ, පශ්චාත් යුද්ධ සමයේ ගාසා තීරය පාලනය කිරීමේදී පලස්තීන අධිකාරියට කිසිදු කාර්යභාරයක් නොමැති බව ය.

සීමිත අර්ථයකින් ගත් කල, ඇමෙරිකාව දැනටමත් භූමිය පය තබා තිබේ. ගාසා නගරයට දකුණින් පිහිටි වැදගත් මුරපොළක් පාලනය කිරීමට සහ උතුරට ආපසු යන පලස්තීනුවන්ගේ වාහන ආයුධ සඳහා පරීක්ෂා කිරීමට ඇමෙරිකානු ආරක්ෂක සමාගමක් හිටපු ඇමරිකානු විශේෂ බළකා සාමාජිකයින් 100ක් පමණ යොදවා ඇත.

එම මුරපොළේ ම ඊජිප්තු ආරක්ෂක භටයෙකු ද දැකිය හැකි විය.

මේවා ගාසා තීරයේ පුළුල් වූ ජාත්‍යන්තර - සහ සමහර විට එක්සත් ජනපදය ප්‍රමුඛ - පැවැත්මක පළමු, තාවකාලික සලකුණු විය හැකි ය.

නමුත්, එය කිසිසේත් ම මැද පෙරදිග මහා පරිමාණ මිලිටරි මැදිහත්වීමක් අවශ්‍ය වන ඇමරිකානු අත්පත් කර ගැනීමක් නොවේ.

ඊශ්‍රායල්-හමාස් සටන් විරාමයට නැඹුරුවක් තිබිය හැකි ද?

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සති දෙකක් පුරා පැවති සටන් විරාමයේ දෙවන අදියර පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇතත්, ට්‍රම්ප්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ එම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට උපකාරී වන්නේ කෙසේ දැයි සිතා ගැනීමට අපහසු ය.

 

ඊශ්‍රායලය ගාසා හි ජනාකීර්ණ කඳවුරට පහර දී හමාස් සෙන්පතියෙක් මැරූ බව කියයි
මෙම සමස්ත ක්‍රියාවලියේ ම අවසාන ප්‍රතිඵලය ජනශුන්‍ය ගාසා තීරයක් බව හමාස් සංවිධානයට හැඟෙන්නේ නම් - හමාස්වරුන්ගෙන් පමණක් නොව, සියලු ම පලස්තීනුවන්ගෙන් තොර - 2023 ඔක්තෝබර් 7 වන දින තමන් අල්ලා ගත් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් අල්ලාගෙන කතා කිරීමට කිසිවක් නොමැති බව නිගමනය කළ හැකි ය.

සාකච්ඡා කඩාකප්පල් කිරීමට සහ යුද්ධය නැවත ආරම්භ කිරීමට නිදහසට කරුණු සොයන බවට නෙතන්යාහුගේ විවේචකයින් ඔහුට චෝදනා කර තිබේ. මෙම අදහස්වලට ට්‍රම්ප් කැමැත්තෙන් හවුල්කරුවෙකු වන බව ඔවුන් නිගමනය කිරීමට ඉඩ තිබේ.

අනෙක් අතට, ඊශ්‍රායල් අගමැතිගේ දක්ෂිණාංශික ආධාරකරුවන් ඇමෙරිකාවේ අත්පත් කර ගැනීමේ සැලැස්ම ගැන සෑහීමකට පත්ව ඇති අතර, එමගින් කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමේ අවදානම අඩු කර ගත හැකි අතර නෙතන්යාහුගේ ආසන්න දේශපාලන අනාගතය වඩාත් සුරක්ෂිත බව පෙනේ.

ඒ අර්ථයෙන් ගත් කල, සටන් විරාමය දිගට ම කරගෙන යාම සඳහා ට්‍රම්ප් නෙතන්යාහුට බලවත් දිරිගැන්වීමක් කර තිබේ.

 

gazabbc7

සටන් විරාමයකට එකඟ වීමෙන් පසු ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් නතර වී ඇතත් ඊශ්‍රායල් හමුදා තවමත් ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වී නොමැත.

 

බටහිර ඉවුර ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ කුමක් ද?

අත්පත් කරගෙන සිටින බටහිර ඉවුර කෙරෙහි ඊශ්‍රායලයේ ස්වෛරීභාවය පිළිගත යුතු බවට එක්සත් ජනපදය එකඟ වන්නේ දැයි විමසූ විට, ට්‍රම්ප් පැවසුවේ තමා තවමත් ස්ථාවරයක් ගෙන නොමැති නමුත් සති හතරකින් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ය.

එම ප්‍රකාශය පලස්තීනුවන් අතර කනස්සල්ලක් ඇති කර ඇති අතර, එවැනි නිවේදනයක් අනිවාර්යයෙන් ම ද්විත්ව-රාජ්‍ය විසඳුමක් වළ දමන මිනී පෙට්ටියට ගසන තවත් ඇණයක් ලෙස සලකනු ඇත.

බටහිර ඉවුරේ ඊශ්‍රායල් ජනාවාසවල නීත්‍යනුකූලභාවය පිළිගැනීම අතිශයින් ම ප්‍රතිවිපාක සහිත පියවරක් වනු ඇත. ලෝකයේ සෙසු බොහෝ රටවල් ඒවා ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී ලෙස සලකන නමුත් ඊශ්‍රායලය මෙය ප්‍රතික්ෂේප කරයි.

පෙර සාම සාකච්ඡා වටවලදී, ඊශ්‍රායල් භූමියේ කුඩා කොටස් වෙනුවට බොහෝවිට අවසාන ගිවිසුමක කොටසක් ලෙස ඊශ්‍රායලයට විශාල ජනාවාස කණ්ඩායම් අල්ලා ගැනීමට හැකි වනු ඇතැයි සාකච්ඡාකරුවෝ හඳුනා ගත්හ.

2020 දී, ට්‍රම්ප් ඒබ්‍රහම් ගිවිසුම් සඳහා මැදිහත් වූ අතර, එමගින් ඊශ්‍රායලය සහ අරාබි රටවල් දෙකක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) සහ බහරේනය අතර සබඳතා සම්බන්ධයෙන් ඓතිහාසික සාමාන්‍යකරණයක් ඇති කිරීම සහතික විය.

ඊශ්‍රායලය බටහිර ඉවුරේ කොටස් ඈඳා නොගන්නා බවට ඇති අවබෝධය පිළිබඳ ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අත්සන් තැබීය - එම අවබෝධය දැන් අනතුරේ වැටිය හැකි ය.

(සටහන | පෝල් ඇඩම්ස්)
BBC රාජ්‍යතාන්ත්‍රික වාර්තාකරු

උපුටා ගැනීම - BBC සිංහල සේවය 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගාසා තීරය අත්පත් කර ගැනීමට ට්‍රම්ප්ට අවශ්‍ය ඇයි? ඔහුට එය කළ හැකි ද? | The Leader