BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

කාන්තාවන්ට අධ්‍යාපන ප්‍රවේශය ඉල්ලා සිටි ඇෆ්ගනිස්ථාන ඇමති රටින් පලා යයි!

T

The Leader Desk

February 8, 2025 • 11:47 AM

කාන්තාවන්ට අධ්‍යාපන ප්‍රවේශය ඉල්ලා සිටි ඇෆ්ගනිස්ථාන ඇමති රටින් පලා යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ මිලියන 22ක් වූ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා නොදීමේ තලිබාන් රජයේ ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කල නියෝජ්‍ය විදේශ අමාත්‍ය මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පලා ගොස් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.
  • අපි කාන්තාවන්ට ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් අහිමි කර ඇත්තෙමු.
  • ඔවුන්ට දේපල උරුමයට අයිතියක් නැත, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් කෙරෙහි කිසිදු අයිතියක් නැත, ඔවුන් බලහත්කාර විවාහ මගින් තම සමස්ථ ජීවිතයම පූජා කිරීමට ඔවුන්ට සිදු වී ඇත.
  • ඔවුන්ට පල්ලිවලට යාමට නොහැක, විශ්ව විද්‍යාල සහ පාසල් ඔවුන්ට තහනම්ය, ආගමික පාසල් පවා ඔවුන්ට තහනම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන් පසුගිය වකවානුව තුල ඇෆ්ගනිස්ථාන නව තලිබාන් රජය විසින් කාන්තාවන් ඉලක්ක කරමින් සිදුකරන ආගමික ප්‍රතිසංස්කරණ හෙළ දකිමින් ඒවා කුරානයේ ඉගැන්වීම් වලට එකඟ නොවන පැවසීම නිසා තලිබාන් රජය ඔහුට මරණ දඬුවම පවා නියම කිරීමට උත්සහ කර ඇති බව තවදුරටත් වාර්තා වේ.

මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි යනු තලිබාන් සංවිධානය තුල එයතිහාසික චරිතයක් වන අතර 2019-2021 කාලය තුලදී ඇමරිකාව සමග සටන් විරාම ගිවිසුමක් ඇතිකරගනිමින් සාමය උදා කර ගැනීම සඳහා විශාල කාර්යභාරයක්‌ සිදු කල දක්ෂ රාජතාන්ත්‍රිකයෙකි.

ඇෆ්ගනිස්ථාන කොස්ට් පළාතේ කුරාන පාසලක් වන මද්‍රසාවක පැවති උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර, අමාත්‍යවරයා ඉතා දැඩිව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටමින් කතාවක් පවත්වා ඇති අතර එමගින් ඔහු තලේබාන් රජය අනුගමනය කරන ස්ත්‍රී ප්‍රතිපත්තියට එරෙහිව මෙසේ පවසා සිටියේය.

“අද, මිලියන හතළිහක ජනගහනයෙන්, අපි මිලියන විස්සක ජනතාවට අසාධාරණකම් කරනවා. අපි කාන්තාවන්ට ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් අහිමි කර ඇත්තෙමු. ඔවුන්ට දේපල උරුමයට අයිතියක් නැත, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් කෙරෙහි කිසිදු අයිතියක් නැත, ඔවුන් බලහත්කාර විවාහ මගින් තම සමස්ථ ජීවිතයම පූජා කිරීමට ඔවුන්ට සිදු වී ඇත. ඔවුන්ට පල්ලිවලට යාමට නොහැක, විශ්ව විද්‍යාල සහ පාසල් ඔවුන්ට තහනම්ය, ආගමික පාසල් පවා ඔවුන්ට තහනම් කර ඇත. ඔවුන්ට අධ්‍යාපනය තහනම් කිරීම ෂරියා නීතියට අනුකූල නොවේ. මුහම්මද් නබිතුමාගේ කාලයේ, දැනුමේ දොරටු පිරිමින්ට සහ කාන්තාවන්ට විවෘතව තිබූ අතර, ඔවුන්ගේ දායකත්වයන් ගැන කතා කිරීමට මට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති තරම් වූ භාවිතාවන් සිදු කල විශිෂ්ට කාන්තාවන් සිටියහ” යයි ඔහු පවසා සිටියේය.

“කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කිරීම ෂරියා නීතියට පටහැනියි” යන්න පැවසීම තුල ඔහු පාලක තලිබාන් රජයේ වෛරයට භාජනය වීමට හේතු විණි.

කෙසේවෙතත් ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ ඔහුගේ ස්ථාවරය එය නව ස්ථාවරයක් නොව, ඔහු එය කිහිප වතාවක්ම ප්‍රසිද්ධියේ එසේ ප්‍රකාශ කර තිබේ.

එහෙත් මෙවර මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි තලේබාන් එමීර්වරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තියේ පැහැදිලිවම තලිබාන් රජයේ ආගමික නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරමින් – ස්වරයෙන් සහ හරයෙන් – තවත් ඉදිරියට යමින් අදහස් ඉදිරිපත් කරනු ලැබිණි:

iamge afga

“ඔවුන්ට අධ්‍යාපනය තහනම් කිරීම ෂරියා නීතියට අනුකූල නොවේ.” මුහම්මද් නබිතුමාගේ කාලයේ දී, දැනුමේ දොරටු පිරිමින්ට සහ කාන්තාවන්ට විවෘතව තිබුණි” යයි පැවසීම තුල ඔහු සතුරෙකු ලෙස දැකීමට පවා රජය තල්ලු වී ගොස් තිබිණි.

ඇෆ්ගන් මාධ්‍යවල උපුටා දක්වන ලද නිර්නාමික මූලාශ්‍රවලට අනුව, මෙම නවතම ස්ථාවරයට එරෙහිව ඔහු අත්අඩංගුවට ගැනීම දක්වා නියෝග කිරීමට පාලක එමීර් හයිබතුල්ලා අකුන්ඩ්සාඩාගේ කෝපය හේතු වී තිබිණි. මෙම තත්වය මත හා අබ්බාස් ගේ ස්ථාවරයන් හේතුවෙන් ඔහු ප්‍රසිද්ධ ස්ථාන වලට පැමිණීම සිමා වී තිබිණි.

පළිගැනීම්වලට බියෙන් ඩුබායි වෙත පලා ගිය බවට පලවූ වාර්තා රජය විසින් ප්‍රතික්ෂේප කළද, මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි පිළිබඳව රජය විසින් නිල වශයෙන් පසුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඔහු දින නියමයක් නොමැතිව “අසනීප නිවාඩු” මත සිටින බවය.

කෙසේ වෙතත්, මෙම සිදුවීම ඉස්ලාමීය රජය තුළ ඇති වැරදි රේඛා හෙළිදරව් කිරීමක් වන අතර එය තලේබාන් ව්‍යාපාරය යථාර්ථයේ දී දෙකට බෙදී ඇති බවක් ප්‍රචාරය වුවද ඒ සඳහා පැහැදිලි මුලාශ්‍ර මෙතෙක් හමු නොවේ.

නමුත් ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරනුයේ එක් පැත්තකින්, රටේ දෙවන නගරය සහ මූලධර්මවාදී ව්‍යාපාරයේ ඓතිහාසික තොටිල්ල වන කන්දහාර් හි තලිබාන් වාදීන් නියෝජනය කරන අතිශය දැඩි මුලධර්මවාදී කඳවුර හා වඩාත් “මධ්‍යස්ථ” කඳවුර, නියෝජනය කරමින් බහුතරය රජය පදනම් වී ඇති එය අගනුවර වන කාබුල්හි සංකේන්ද්‍රණය වී ඇත.

 

398BF5EE 2ECE 49EA B7C2 3C42A4F1B232 w1023 r1 s

එසේම මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායිගේ ආගමික ඉගැන්වීම් වෙත සහය දෙන මහජන මතය සමඟ වඩාත් අනුනාද වන කඳවුරක් ද රට තුල මේ අතර නිර්මාණය වෙමින් පවතින බවද වාර්තා වේ.

ඓතිහාසිකව, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිසා ඒ අනුව ප්‍රධාන අර්බුධයක් තලිබාන් ව්‍යාපාරය තුල නිර්මාණය වී ඇති බව නොරහසක් නොවේ. මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි එහි එක් ප්‍රතිමූර්තියකි. 1996 දී ඇමරිකානු නාලිකාවක් වන CNN විසින් විකාශනය කරන ලද වාර්තාවක, වයස අවුරුදු තිහක් පමණ වන වූ ඔහු මෙම කාන්තා ගැටලුව පිළිබඳව කතා කරනු ලැබිණි.

ඇෆ්ගනිස්ථානයේ අලුතින් බිහි වූ පළමු ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් පසු, තලේබාන්වරුන් කාබුල් අල්ලා ගැනීමෙන් මාසයකට පසු ඇමරිකානු මාධ්‍යවේදිනියක වන ක්‍රිස්ටියන් අමන්පූර්ට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය:

“බටහිර මාධ්‍ය පවසන්නේ අපි කාන්තාවන්ගේ අධ්‍යාපනයට විරුද්ධ බවයි. මෙය අසත්‍යයකි. මෙය නිවැරදි නොවේ. පිරිමින්ගෙන් වෙන් වූ අවකාශයක වැඩ කිරීමට සහ ඉගෙනීමට හැකි වන පරිදි විසඳුමක් සොයා ගන්නා තුරු, දැනට ඔවුන්ට කාර්යාලයට හෝ පාසලට යා නොහැකි බව මම පිලිගන්නවා. නමුත් එම අවකාශය ඉක්මනින් අපි විසඳනවා යයි ඔහු පවසා සිටියේය.

ඊයේ මෙන්ම අදත්, මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායිගේ ප්‍රවේශය ක්‍රියාත්මක නොවූ බව පැහැදිලිය. කාන්තාවන්ගේ ජීවිත යම් තලේබාන් ෂරියා දැක්මකට අනුව හෝ “නැවත සකස් කර” නොමැත. එහෙත් සිදු වූයේ ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට, වැඩ කිරීමට, එහා මෙහා යාමට තිබූ නිදහස ද නව රජය විසින් අහිමි කර දැමීම වේ. මෙම නිසා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඇනහිටීමෙන් අද වන විට ඇෆ්ගනිස්ථානය සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර සබඳතා ඇණහිට තිබේ.

පිටුවහල් කරන ලද අමාත්‍ය මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි, ඇෆ්ගනිස්ථානයේ සාමය ගෙන ඒමට නියමිත ගිවිසුමක් ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ 2019-2021 සාකච්ඡා වලදී තලේබාන් සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාකරු වූ අතර, ඒ අනුව බටහිර හමුදා ඉවත් වීමෙන් පසු නිත්‍ය ඇෆ්ගන් හමුදාව රටේ පාලනය නැවත ලබා ගැනීමට එමගින් එකඟ වී තිබිණි.

 

 127642711 trump5 gettyඩොනල්ඩ් ට්‍රම්ප්

නමුත් දෝහා (කටාර්) හි පැවති දුෂ්කර සාකච්ඡා ක්‍රියාවලිය කිහිප වතාවක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බාධා කරන ලදී. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේම මුහුණට මුහුණලා හැරී 2019 සැප්තැම්බර් මාසයේදී සාකච්ඡා අවසන් කරන ලදී.

සමහර නිරීක්ෂකයින්ට අනුව, මෙම හැරීම වඩාත් “මධ්‍යස්ථ” කන්ඩායම විසින් යෝජනා කරන ලද රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයට වඩා ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වයේ උපාය මාර්ගයේ ඵලදායීතාවය නීත්‍යානුකූල කිරීමෙන් දැඩි මත වාදී කඳවුර ශක්තිමත් කිරීමට බලපා තිබිණි: ඇත්ත වශයෙන්ම, සාකච්ඡා පැවැත්වෙන ගිම්හානයේදී, ඇෆ්ගනිස්ථානය සාමය ලබා ගැනීම සඳහා ලේවැකි ප්‍රහාර මාලාවක් තලේබාන් සටන්කරුවන් විසින් සිදු කරන ලදී.

අවසානයේ සංවාදය නැවත ආරම්භ වූ නමුත්, පකිස්ථානයේ හිටපු එක්සත් ජනපද තානාපති සහ හඩ්සන් ආයතනයේ මධ්‍යම ආසියාවේ අධ්‍යක්ෂ හුසේන් හකානිට අනුව, “එය සාම ගිවිසුමකට නොව අවසානයේ ඇමරිකාව යටත් වීමකට හේතු විය.” යයි ඔහු පවසා සිටි. ඉවත්ව යාමේ කඩිමුඩිය මත එක්සත් ජනපදය ඒ අනුව අවම සහතිකය ලබා ගෙන එරටින් තම හමුදාව සමගින් පලා ගියේ වියට්නාමයේ දී ලබා ගත් අමිහිරි අත්දැකීමද යලි යලිත් ලොවට ප්‍රදර්ශණය කරමිනි.

2021 දී ඇෆ්ගනිස්ථානයේ නව ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි තලේබාන් පාලනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගත යුතු බව යන කොන්දේසිය මත, නව බලධාරීන්ට ලෝකයේ සෙසු රටවල් සමඟ මිත්‍ර සබඳතා ඇති කර ගැනීමට අවශ්‍ය බව නිතර නිතර ප්‍රකාශ කරනු ලැබුවේය.

ඔහු ඇමරිකා එක්සත් ජනපදය, නේටෝව සහ ඉන්දියාව වෙත ළඟා වෙමින් සංවාදය ත්‍රිව කළේය. නමුත් තලිබාන් පාලනය පිලිබඳ අවිශ්වාසය විශාල වූ අතර කාන්තා අයිතිවාසිකම් සඳහා වන සටනේ නාමයෙන් බටහිර රටවල් එම රට හුදකලා කර සම්බාධක පැනවීමට තීරණය කරනු ලැබුවේය. නමුත් ඔවුන් සිරියාවේ වර්තමාන ඉස්ලාමීය අල්කයිඩා පාලනය සමග ඍජුවම සම්බන්ධතා පැවැත්වීම ගැටළු සහගත වනුයේ තලිබාන් පාලනය ඇෆ්ගනිස්ථානය තුල අල්කයිඩා ත්‍රස්තයන්ට විරුද්ධව තවමත් සටන් කරන තත්වයක් තුලය.

0d32f746700f4e2ca14ba3f33cbd0158 18

එහෙත් ඛණිජ තෙල්, ගෑස්, රත්‍රං, ඊයම්, මැණික්, කොබෝල්ට්, බොලිවියාවට සමාන ඇති ලිතියුම් සංචිත ඇතුළු ඩොලර් බිලියන 1000ක ආර්ථික සම්පත් හිමිකමක් ඇති ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් සංවිධානයට එල්ල කරන ලද පීඩනය සාර්ථක වී නැත.

කිසිදු රටක් කාබුල් පාලනය නිල වශයෙන් පිළිගෙන නොමැති වුවද, ආසියානු රටවල් කිහිපයක් – ඉන්දියාව, ඉරානය, පකිස්ථානය, කසකස්තානය – පමණක් නොව රුසියාව සහ ගල්ෆ් රටවල් ද ද්විපාර්ශ්වික වෙළඳ හෝ වාණිජ ගිවිසුම් හරහා ඇෆ්ගනිස්ථානය සමඟ ඔවුන්ගේ සබඳතා “සාමාන්‍යකරණය” කිරීමට පටන් ගෙන තිබේ. එසේම තලේබාන් සංවිධානය විසින් පත් කරන ලද නව තානාපතිවරයා චීනය පිළිගත්තේය.

එහෙත් එරට ජනගහනයෙන් 85% ක් ජීවත්වනුයේ දිනකට ඩොලරයකටත් අඩු ආදායමක් ලබන රටක වන අතර එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක් ද තලේබාන් සංවිධානය සමඟ නැවත සංවාදයක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන බවද ඇතැම් ජාත්‍යන්තර සම්බන්ධතා මුලාශ්‍ර මේ අතර පෙන්වා දෙයි.

| lankatruth

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාන්තාවන්ට අධ්‍යාපන ප්‍රවේශය ඉල්ලා සිටි ඇෆ්ගනිස්ථාන ඇමති රටින් පලා යයි! | The Leader