BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

පරාජයෙන් අවසන් වූ දූෂණ විරෝධී සටන - දිල්ලි මැතිවරණය

T

The Leader Desk

February 11, 2025 • 5:53 AM

පරාජයෙන් අවසන් වූ දූෂණ විරෝධී සටන - දිල්ලි මැතිවරණය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා දූෂණ විරෝධී සටනකින් පසු ආම් ආද්මි (Aam Aadmi) පක්ෂය ඉන්දියාවේ අග නගරය වන දිල්ලි පළාතේ බලය අත්පත් කර ගත්තේ 2013 දෙසැම්බර් 04 වැනිදා පැවැති ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමගමය.
  •   දේශීය ආදායම් නිලධාරියෙකු වූ අරවින්ද් කෙජ්රවාල් ඔහු විසින් 1999 ආරම්භ කරන ලද දූෂණ විරෝධී වැඩපිළිවෙළ හේතුවෙන් 2006 වසරේ දී රාමන් මැග්සසේ ජාත්‍යන්තර සම්මානයෙන් ද පුද ලැබීය.
  •  ආම් ආද්මි පක්ෂයේ ඡන්ද ලකුණ වූයේ ඉදලයි,දුෂණය අතුගා දැමීම එයින් සංකේතවත් විය, 2022 වර්ෂයේ පන්ජාබ් ප්‍රාන්තයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ද  ඔවුන් සමත් විය.
  • භග්වත්  සිං මාන්  වන විට පන්ජාබයේ  මහ ඇමති ධුරයේ දරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඉන් පසුව 2015 සහ 2020 මැතිවරණවලදීද විශිෂ්ට ජයග්‍රහණ ලබා ගනිමින්  අඛන්ඩව වසර 11 එක කාලයක් රැකගත් පළාතේ බලය පෙබරවාරි මස පස් වැනිදා පැවති මැතිවරණයේදී ඔවුන්ට අහිමි විය. එමෙන්ම වසර විසිහයකට පසු භාරතීය ජනතා පක්ෂය සුවිශේෂ ජයග්‍රහණයක් දිල්ලියේ අත්පත් කරගැනීමට සමත් විය. ඒ සඳහා  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  සහ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ  අමිත් ෂා විශාල මෙහෙවරක් සිදු කළේය. 
2011 සහ 2012 වසර දෙකේ දී දිල්ලියේ පැවති මහා පරිමාණ දූෂණ විරෝධී් උද්ඝෝෂණ ව්‍යාපාර  ආම් ආද්මි පක්ෂය බලයට ඒමට ප්‍රධාන හේතුවක් විය. ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වූ අන්නා හසාරේ ගේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ  මහත්මා ගාන්ධි අනුගමනය කරමින් සිදු කරන ලද  උපවාසයත් එම ව්‍යාපාරය සමග එක්වුණු අරුන්දති රොයි එවැනි සමාජ ක්‍රියාකාරිකයන්ගේ බලපෑමත්  ආම් ආද්මි පක්ෂය සීග්‍රයෙන් වර්ධනය වීමට හේතු විය.
 
aap 621x414
දේශීය ආදායම් නිලධාරියෙකු වූ අරවින්ද් කෙජ්රවාල් ඔහු විසින් 1999 ආරම්භ කරන ලද දූෂණ විරෝධී වැඩපිළිවෙළ හේතුවෙන් 2006 වසරේ දී රාමන් මැග්සසේ ජාත්‍යන්තර සම්මානයෙන් ද පුද ලැබීය.  ආම් ආද්මි පක්ෂයේ ඡන්ද ලකුණ වූයේ ඉදලයි,දුෂණය අතුගා දැමීම එයින් සංකේතවත් විය, 2022 වර්ෂයේ පන්ජාබ් ප්‍රාන්තයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ද  ඔවුන් සමත් විය. භග්වත්  සිං මාන්  වන විට පන්ජාබයේ  මහ ඇමති ධුරයේ දරයි.
දූෂණ විරෝධයට ජනතා ආකර්ෂණය ලබා ගනිමින් සීග්‍ර ජයග්‍රහණ අත් කර ගත්  ආම් ආද්මි පක්ෂයට  අඳුරු දසාවක් උදාවන්නේ  දිල්ලි ප්‍රාන්තයේ මත්පැන් බලපත් පිළිබඳ තිබුණු රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරමින් පෞද්ගලික අංශයටද ඉඩ ලබාදීමේදී සිදුවූ මහා දූෂණය මත  පක්ෂයේ ප්‍රබල නායකයන් රැසක් අත්අඩංගුවට පත්වීම හේතුවෙනි, ප්‍රධාන අමාත්‍ය අරවින්ද කෙජ්රිවාල් , නියෝජ්‍ය  ප්‍රධාන අමාත්‍ය මනේෂ් සිසොඩියා ඇතුළු ප්‍රධාන නායකයන් පස් දෙනෙකුම අත්අඩංගුවට පත් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඇප  ලබා ගන්නා තුරු මාස කිහිපයක් ඔවුනට බන්ධනාගාරගත වී සිටීමට ද සිදුවිය, Central Bereau  of Investigation(CBI) ආයතනය යොදාගෙන මධ්‍යම ආණ්ඩුව  දේශපාලන පළිගැනීම් සිදු කරනවා යන්න ඡන්දදායකයා පිළිගන්නේ නැති බව පෙනී යන්නේ  ප්‍රධාන  අමාත්‍ය කෙජ්රවාල් තමන්ගේ මැතිවරණ බල ප්‍රදේශයෙන් ද පරාජය වීම හේතුවෙනි. 
 
 133220616 arvindkejriwalඅරවින්ද් කෙජ්රවාල්
 ආම් ආද්මි පක්ෂයේ 2013 වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී  ජල හා විදුලි බිල් පත් අඩු කිරීම, ත්‍රිරෝද රථවල වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඉඩ දීම වැනි ආකර්ශනීය සටන් පාඨ ඉදිරිපත් කොට  බලයට පැමිණියත් එම පොරොන්දු ඡන්දදායකයාට  ඉටු කළේ නැත. දූෂණ විරෝධය හැරුණු  ආම් ආද්මි පක්ෂයට දේශපාලන මතවාදයක් නොවීය.  ජනකාන්තවාදය හා කාලීනව ආකර්ෂණීය සටන් පාඨ ඔවුන් ඉතාම සූක්ෂමව යොදාගත්තේය.

නමුත් නව දිල්ලි නගරය පෙලෙන වායු දුෂණය, ජල ගැටලුව විසඳීමට ඔවුන්ගේ පාලන කාලය සමත් වූයේ නැත. ඔවුන්ගෙන් මධ්‍යම පංතියේ ඈත් වූ අතර අනෙකුත් පක්ෂ සමග විශේෂයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂය අයත් INDIA සන්ධානය සමඟ සන්ධාන ගතවීමට හැකි වූයේ නම් මෙවරද ඔවුන්ට බලය රැක ගැනීමට හැකියාව තිබිණි,
 
Delhi election BJP hnnrtf2k
භාරතීය ජනතා පක්ෂය අයත් සන්ධානය ජන්ද 4473899 (47.15%) ලබාගෙන ආසන 48 ක් හිමි කරගන්නා විට  ආම් ආද්මි පක්‍ෂය 4138899(43.57%) ලබාගෙන ආසන 22ක්  හිමිකර ගත්තේය, කිසිදු ආසනයක් හිමිකර නොගත් ඉන්දීය කොංග්‍රස් පක්ෂය ජන්ද 601922 (6.34%) හිමි කරගත් නමුත් කිසිදු ආසනයක් ජයග්‍රහණය කිරීමට සමත් නොවීය. යම් හෙයකින් ඒකාබද්ධව ම තරග කළේ නම් වෙනස් වීමට තිබූ මෙම ප්‍රතිඵලය ලංකාවේ විපක්ෂයටද ආදර්ශයකි,

Rasanga
(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
විධායක අධ්‍යක්ෂ
ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය

prasadrharischandra@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...