BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

කැනඩාවේ ටොරොන්ටෝ ආ යානයක් උඩු යටිකුරු වෙයි

T

The Leader Desk

February 18, 2025 • 6:42 AM

කැනඩාවේ ටොරොන්ටෝ ආ යානයක් උඩු යටිකුරු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගී ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට පහත් කරද්දී, තද සුළඟට හසුවී, උඩු යටිකුරු විය.
  •   යානයේ 80 දෙනකු සිටි අතර, ඔවුන්ගෙන් 19 දෙනකු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ.
  • එම 19 දෙනා අතර කුඩා දරුවෙක් ද සිටී.
  • යානය ගුවන් තොටුපොළට ගොඩබෑමට පාත් කරද්දී, හිම කුණාටුවක් හමා යමින් තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



උඩු යටිකුරු වුණු යානය, ගුවන් පථයේ ලිස්සා ගොස් නතර  වූයේ නියමුවන්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් මහත් සේ බියට පත් කරමිණි.

 

යානයේ 80 දෙනකු සිටි අතර, ඔවුන්ගෙන් 19 දෙනකු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ. එම 19 දෙනා අතර කුඩා දරුවෙක් ද සිටී. මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ ඇමෙරිකාවේ ‘ඩෙල්ටා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකි.

 

යානය කැනඩාව බලා පැමිණියේ ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නගරයේ සිටය. ගුවන් යානයේ කැනේඩියානු ජාතිකයන් විසි දෙදෙනකු සිටි අතර සෙසු පිරිස ඇමෙරිකාවුවන් සහ විදේශිකයන්ය.

යානය ගුවන් තොටුපොළට ගොඩබෑමට පාත් කරද්දී, හිම කුණාටුවක් හමා යමින් තිබුණි. ඒ වනවිටත් ගුවන් තොටුපොළ සෙන්ටි මීටර් 22 ක හිම තට්ටුවකින් වැසී පැවැතිණි.

කෙසේ නමුත් යානය උඩු යටිකුරු වූයේ කෙසේදැයි යන්න සොයා බැලීමට කඩිනමින් විමර්ශන ආරම්භ කළ බව කැනඩා ගුවන් ගමන් බලධාරීහු මාධ්‍ය හමුවේ පැහැදිලි කළහ.

 

2025 02 17t212218z 1301638379 rc2kwca950ex rtrmadp 3 canada crash 20250217215536067
අනතුරත් සමඟ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු අතර, පිටත්වීමට නියමිත ගුවන් යානා ප්‍රමාද කෙරුණි.

උඩු යටිකුරු වුණු ගුවන් යානය ලිස්සා ගොස් නගර වුණු සැණින්, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ගිනි නිවන හමුදා භටයන් වහා ක්‍රියාත්මක වූ බවත්, මගින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් යානයෙන් පිටතට ගැනීමට වෙහෙසුණු බවත් පැවැසෙයි.


(මුලාශ්‍රය | Daily Mail)

උපුටා ගැනීම - lankadeepa





The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කැනඩාවේ ටොරොන්ටෝ ආ යානයක් උඩු යටිකුරු වෙයි | The Leader