BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

දකුණු කොරියානු නිළියක් අබිරහස් ලෙස මිය යයි

T

The Leader Desk

February 18, 2025 • 7:25 AM

දකුණු කොරියානු නිළියක් අබිරහස් ලෙස මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියාවේ ජනප්‍රිය නිළියක වන කිම් සායි රොන් අබිරහස් ලෙස මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • සෝල් පොලීසිය පවසන්නේ, මරණයේ සැබෑ හේතුව සොයමින් පවතින බවයි.
  • නීති බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.
  •   2000 ජූලි 31 වන දින උපත ලද කිම් සේ-රොන්, කුඩා කල සිටම රංගනයේ නියැළී සිටි අතර දකුණු කොරියාවේ දක්ෂතම තරුණ නිළියන්ගෙන් කෙනෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇගේ මෘත දේහය පෙබරවාරි 16 වන ඉරිදා සවස 4.55ට පමණ සෝල් නුවර සෙයොංසු-දොං ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී මිතුරියක විසින් සොයා ගෙන ඇත.

සෝල් පොලීසිය පවසන්නේ, මරණයේ සැබෑ හේතුව සොයමින් පවතින බවයි. නීති බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.

 

allkpop 1719886748 kim sae ron
2000 ජූලි 31 වන දින උපත ලද කිම් සේ-රොන්, කුඩා කල සිටම රංගනයේ නියැළී සිටි අතර දකුණු කොරියාවේ දක්ෂතම තරුණ නිළියන්ගෙන් කෙනෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූවාය.

ඇය 2009 වසරේ "ඒ බ්‍රෑන්ඩ් නිව් ලයිෆ්" චිත්‍රපටයෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් දිනා ගත්තාය. මෙම චිත්‍රපටය කාන්ස් චිත්‍රපට උළෙලේද ප්‍රදර්ශනය කෙරිණි.

 

ඉන්පසු ඇය "ද මෑන් ෆ්‍රොම් නෝවෙයා" (2010), "ද නේබර්" (2012), සහ "ඒ ගර්ල් ඇට් මයි ඩෝර්" (2014) වැනි සුප්‍රකට චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය. "ද මෑන් ෆ්‍රොම් නෝවෙයා" චිත්‍රපටයෙන් දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් 8 වන කොරියානු චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නවක නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.

2022 වසරේදී මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවට ලක්වීමත් සමඟ ඇගේ වෘත්තීය ජීවිතය බරපතල ලෙස බාධාවට ලක් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වොන් මිලියන 20ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 40ක්) දඩයකට යටත් විය.

 

80d9ea43 413c 4ab0 9abd 0396e2d35bbf
ඇගේ අවසාන රංගනය වූයේ නෙට්ෆ්ලික්ස් හි "බ්ලඩ්හවුන්ඩ්ස්" (2023) කතා මාලාවයි. එහෙත් රිය අනතුර හේතුවෙන් ඇගේ දර්ශන බොහොමයක් ඉවත් කර තිබිණි.

කිම්ගේ අභාවය පිළිබඳ පුවත සමඟ කොරියානු කලාකරුවන් රැසක් ශෝකය පළ කර තිබේ.

තරුණ කේපොප් ගායක ගායිකාවන් සහ කේඩ්‍රාමා නළු නිළියන්ගේ මෑත කාලීන මරණ, දකුණු කොරියානු විනෝදාස්වාද කර්මාන්තයේ මානසික සෞඛ්‍ය ගැටලු සහ පීඩනය පිළිබඳ අඛණ්ඩ ප්‍රශ්න මතු කර ඇත.


| gossiplankanews




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...