හෙතෙම මේ බව ප්‍රකාශ කළේ යුක්‍රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (17) පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමින්.
එහිදී Fu Cong වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව සාකච්ඡා මාර්ගයෙන් ගෝලීය ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට චීනය අඛණ්ඩව පෙනී සිටින බවයි.
අර්බුදය ආරම්භයේ සිටම චීනය සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමක් ඉල්ලා සිටි බව ද හෙතෙම ප්‍රකාශ කළා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි ආරක්ෂක මණ්ඩලයේ රාමුව යටතේ මෙම ප්‍රශ්නයේදී චීනය පුළුල් සහභාගීත්වයක් ලබා දී ඇති අතර සටන් විරාමය සහ දේශපාලන විසඳුම් මාර්ගය ප්‍රවර්ධනය කිරීමට ඵලදායී කාර්යභාරයක් ඉටු කර ඇති බව ද Fu Cong වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
දිනුෂි ධීරසිංහ



