BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

'සමරිසි පුද්ගලයෙකු ලෙස පෙනී සිටි ලොව ප්‍රථම මුස්ලිම් පූජකයා', මුහ්සින් හෙන්ඩ්‍රික්ස් යනු කවුද?

T

The Leader Desk

February 20, 2025 • 1:49 PM

'සමරිසි පුද්ගලයෙකු ලෙස පෙනී සිටි ලොව ප්‍රථම මුස්ලිම් පූජකයා', මුහ්සින් හෙන්ඩ්‍රික්ස් යනු කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සති අන්තයේ දකුණු අප්‍රිකාවේදී වෙඩි තබා ඝාතනය කරන ලද මුහ්සින් හෙන්ඩ්‍රික්ස්ගේ ඉරණමේ ලියවී තිබුණේ, මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන
  • ඔහුගේ රට තුළ සහ අප්‍රිකානු මහාද්වීපය පුරා LGBTQ+ මුස්ලිම්වරුන්ගේ හඬ බවට පත්වීමට ඔහු අපේක්ෂා කළේ නැත.
  • ඔහු මෘදු ලෙස කතා කරන මිනිසෙකු වුවත්, 2019 දී අප කතා කරන විට ඔහුගේ කටහඬේ නිහඬ ශක්තියක් ද මට ඇසිණි.
  • ඔහු විශ්වාස කළේ, ඔහුගේ නිර්මාණකරු ඔහුගේ ලිංගිකත්වය ඇතුළුව ඔහුගේ සියල්ල පිළිගන්නා බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

යාම වන්නට ඇත.

කුඩා කාලයේදී, ඉමාම්වරයෙකුගේ (මුස්ලිම් පූජකවරයෙකුගේ) මුණුපුරෙකු වූ ඔහුට ඉස්ලාම් ආගම හැදෑරීමේ අවශ්‍යතාවක් දැනිණි.

ඔහුගේ රට තුළ සහ අප්‍රිකානු මහාද්වීපය පුරා LGBTQ+ මුස්ලිම්වරුන්ගේ හඬ බවට පත්වීමට ඔහු අපේක්ෂා කළේ නැත.

ඔහු මෘදු ලෙස කතා කරන මිනිසෙකු වුවත්, 2019 දී අප කතා කරන විට ඔහුගේ කටහඬේ නිහඬ ශක්තියක් ද මට ඇසිණි.

ඔහු විශ්වාස කළේ, ඔහුගේ නිර්මාණකරු ඔහුගේ ලිංගිකත්වය ඇතුළුව ඔහුගේ සියල්ල පිළිගන්නා බව ය. ඔහුගේ දෘෂ්ටිකෝණයට අනුව ඉස්ලාම් ධර්මය යනු මිනිසුන් ප්‍රතික්ෂේප කිරීමට වඩා පිළිගැනීම ය.

ඔහුගේ ලිංගික අනන්‍යතාව ඔහුගේ ම කොටසක් බව ඔහු මට පැවසීය. එසේ නම් ඔහු කවුරුන් ද යන කරුණ මත අල්ලා දෙවියන් ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

මට දුරකතනයෙන් කතා කරමින් හෙන්ඩ්‍රික්ස් තරයේ කියා සිටියේ, ඔහුගේ මහජන පල්ලිය (People's Mosque) සමරිසි පුද්ගලයින්ට පමණක් වෙන්වූ එකක් නොවන බව ය.

ඒ වෙනුවට, ලිංගික ශ්‍රමිකයන් වැනි මුළු ගැන්වුණු ප්‍රජාවන් ඇතුළු සියල්ලන්ට ම එය සාදරයෙන් පිළිගන්නා ස්ථානයක් ලෙස සිතීමට ඔහු කැමති විය.

එහි පිරිමින් සහ කාන්තාවන් එක්ව යාච්ඤා කළ අතර, ඇතැම් විට කාන්තාවෝ සිකුරාදා යාච්ඤාව මෙහෙය වූහ.

ඉස්ලාමීය ශුද්ධ ලියවිල්ල සෑම කෙනෙකුට ම සහජීවනයෙන් සිටීමට අවකාශයක් සලසන බව ඔහු විශ්වාස කළේ ය.

එහෙත්, අපගේ සංවාදය සිදුවන අවස්ථාවේ, ඔහුගේ නිවසේ මුලින් රැස්වූ පල්ලිය පැවැත්වීමට, ඇතැම් ප්‍රදේශවාසීන්ගේ එල්ල වූ විරෝධතාවන්ගෙන් පසුව නව ස්ථානයක් සොයමින් සිටි බව කියැවිණි.

ගතානුගතික මුස්ලිම් පවුලක් ලෙස ඔහු විසින් හඳුන්වන ලද පවුලක උපත ලැබූ හෙන්ඩ්‍රික්ස්, කුඩා කල සිට ම තමා අනෙක් පිරිමි ළමයින්ට වඩා වෙනස් බව දැන සිටියේ ය.

2022 දී තිරගත වූ The Radical නම් වාර්තා චිත්‍රපටයේ, ඔහු වැනි අය නිරයට යන බවට තම සීයා දේශනා කරන ආකාරය ඔහු විස්තර කළේ ය.

කාන්තාවක් විවාහ කර ගැනීම වැනි ඔහුගෙන් අපේක්ෂා කළ මාර්ගය අනුගමනය කිරීමට ඔහු උත්සහ කළේය. එම සම්බන්ධතාව වසර හයක් පැවති අතර, ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටි අතර, පසුව ඔවුහු දික්කසාද වූහ.

fgervf| අප්‍රිකානු මහාද්වීපය පුරා සිටින සමරිසි මුස්ලිම් වැසියන් අතරින්, මුහ්සින් හෙන්ඩ්‍රික්ස් පුරෝගාමියෙකු ලෙස සිහිපත් කරනු ඇත - නමුත් සෑම කෙනෙක් ම ඔහුගේ දෘෂ්ටිකෝණයට එකඟ නොවූහ.

1996 දී සමරිසි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වූ පසු, ඔහු මුලින් ම සමරිසි මුස්ලිම්වරුන් සඳහා වූ අප්‍රකට ආධාරක කණ්ඩායමක් "ද ඉනර් සර්කල්" නමින් ආරම්භ කළේ ය.

සමලිංගිකත්වය හෙළා දකින දේශනයක් ඇසීමෙන් පසු, ඔහු තමාගේ ම නමස්කාර ස්ථානයක් පිහිටුවීමට තීරණය කළේ ය.

හෙන්ඩ්‍රික්ස් ඉස්ලාම් ධර්මය ඉගෙන ගත්, පකිස්ථානයේ පදිංචියට ගියේ වයස අවුරුදු 21දී ය.

ඔහුගේ අභිප්‍රේරණයේ කොටසක් වූයේ, තමාට සහය විය නොහැකි දෙයක්, එනම් ඔහුගේ ලිංගිකත්වය පදනම් කරගෙන අල්ලාහ් ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ මන්දැයි තේරුම් ගැනීමට උත්සහ කිරීම යි.

ඔහු පසුකාලීන ජීවිතයේදී ඔහුගේ ඇදහිල්ල සහ සමරිසි පුද්ගලයෙකු වීම අතර සම්බන්ධයක් ඇති කළ ද, සෑම කෙනෙකු ම ඔහුගේ දර්ශනයට එකඟ වූයේ නැත.

2022 වසරේදී දකුණු අප්‍රිකාවේ මුස්ලිම් අධිකරණ කවුන්සිලය (MJC) පැවසුවේ, සමරිසි සබඳතා පවත්වන මුස්ලිම්වරුන් "ඉස්ලාම් ධර්මයෙන් ඉවත් වූවන්" බව ය.

හෙන්ඩ්‍රික්ස් තර්ක කළේ, ෂරියා නීතියෙහි (ඉස්ලාමීය නීතිය) අරමුණ, "ජීවිතය, මානව හිමිකම්, මානව ගරුත්වය සහ සමාජයක් සෑදෙන සියලු ම ඒකක ආරක්ෂා කිරීම" බව ය.

ඔහුගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන්, මුස්ලිම් අධිකරණ කවුන්සිලය පවසා ඇත්තේ, "මුහ්සින්ගේ ස්ථාවරය ඉස්ලාමීය ඉගැන්වීම්වලට නොගැලපෙන බව නිරන්තරයෙන් ම කියා සිටිය ද, ඔහුගේ ඝාතනය සහ LGBTQ ප්‍රජාවේ සාමාජිකයින් ඉලක්ක කර ගත් ඕනෑ ම ප්‍රචණ්ඩ ක්‍රියාවක් නිසැකව ම හෙළා දකින," බව ය.

"ප්‍රජාතන්ත්‍රවාදී, බහුත්වවාදී සමාජයක සාමාජිකයන් ලෙස, විවිධ අදහස් මධ්‍යයේ වුව ද, සාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය වෙනුවෙන් පෙනී සිටීමේදී මුස්ලිම් අධිකරණ කවුන්සිලය නොසැලී සිටින" බව කවුන්සිලය තවදුරටත් පැවසීය.

අප්‍රිකානු මහද්වීපය පුරා සිටින සමරිසි මුස්ලිම් වැසියන්, මුහ්සින් හෙන්ඩ්‍රික්ස් යනු දයානුකම්පාව කේන්ද්‍ර කර ගත් ඉස්ලාමය පිළිබඳ පණිවිඩයක් දේශනා කළ පුරෝගාමියෙකු ලෙස සිහිපත් කරනු ඇත.

ඔවුන් කාට ආදරය කළත්, කවුරුන් වුවත් දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රේම කළ බව පවසන ප්‍රවේශයක් එහි පැවතිණි.

(සටහන | ලීබෝ ඩිසෙකෝ)
ගෝලීය ආගමික වාර්තාකරු, බීබීසී

උපුටා ගැනීම - BBC සිංහල සේවය

Even in his final seconds of life, first gay imam pushed boundaries

World's 'first openly gay imam' shot dead in South Africa

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...