BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍යය අභිබවා චීනය ලොව දෙවන තැනට

T

The Leader Desk

February 21, 2025 • 9:47 AM

බ්‍රිතාන්‍යය අභිබවා චීනය ලොව දෙවන තැනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනය බ්‍රිතාන්‍යය අභිබවා වඩාත් බලවත් මෘදු බලය සහිත රට ලෙස ලොව දෙවන ස්ථානය හිමි කර ගනී. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය ඊයේ(20) හයවන වාර්ෂික ගෝලීය මෘදු බල දර්ශකය නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත. එම දර්ශකයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ඇමරිකාවටයි.
  • මෙම දර්ශකයේදී සලකා බැලෙන මූලික කරුණු 8න් 6කදී සහ මිනුම්ගත ලක්ෂණ තුනෙන් දෙකකදී සැලකිය යුතු වර්ධනයක් ද චීනය සටහන් කර ඇත.
  •  “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ තුළ තිරසාරත්වය ප්‍රමුඛ කොට සැලකීම සහ දේශීය වෙළඳ නාම ප්‍රවර්ධනය යන කරුණු මෙම සාර්ථකත්වයට හේතු වූ බවද සඳහන් වේ.
  •   ඇමරිකාව 79.5 ක ලකුණු ප්‍රමාණයක් හිමි කර ගනිමින් පළමු ස්ථානය හිමි කර ගත්ත ද, ගෝලීය කීර්තිනාමය ශ්‍රේණිගත කිරීමේදී මෙවර ස්ථාන හතරක් පහතට වැටී 15 වන ස්ථානයට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එම වාර්තාවට අනුව, චීනය සමස්ත ලකුණු 100 න් 72.8 ක වාර්තාගත ශ්‍රේණිගත කිරීමක් ද පෙන්නුම් කරයි. මෙම දර්ශකයේදී සලකා බැලෙන මූලික කරුණු 8න් 6කදී සහ මිනුම්ගත ලක්ෂණ තුනෙන් දෙකකදී සැලකිය යුතු වර්ධනයක් ද චීනය සටහන් කර ඇත.  “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ තුළ තිරසාරත්වය ප්‍රමුඛ කොට සැලකීම සහ දේශීය වෙළඳ නාම ප්‍රවර්ධනය යන කරුණු මෙම සාර්ථකත්වයට හේතු වූ බවද සඳහන් වේ.
 
ඇමරිකාව 79.5 ක ලකුණු ප්‍රමාණයක් හිමි කර ගනිමින් පළමු ස්ථානය හිමි කර ගත්ත ද, ගෝලීය කීර්තිනාමය ශ්‍රේණිගත කිරීමේදී මෙවර ස්ථාන හතරක් පහතට වැටී 15 වන ස්ථානයට පත්විය. තවද එරට පාලන දර්ශකය ස්ථාන හතරකින් පසුපසට ගොස් 10 වන ස්ථානය‍ට පත්ව ඇත.
DSC03937 scaled
 
මේ අතර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ සභාපති David Haigh ප්‍රකාශ කළේ 2025 ශ්‍රේණිගත කිරීම චීනයේ ආර්ථික ආකර්ෂණය වැඩි දියුණු කිරීමට, එරටට අනන්‍ය සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම සුරක්ෂිත සහ මනා පාලනයක් සහිත රාජ්‍යයක් ලෙස එරට කීර්තිනාමය ඉහළ නැංවීමට දරන තිරසාර උත්සාහයන් පෙන්නුම් කරන බවයි.
 
දිනුෂි ධීරසිංහ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බ්‍රිතාන්‍යය අභිබවා චීනය ලොව දෙවන තැනට | The Leader