BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ට්‍රම්ප්-සෙලෙන්ස්කි හමුව රත්වෙයි: යුක්‍රේන ජනපති ධවල මන්දිරෙන් පිටකරයි !

T

The Leader Desk

March 1, 2025 • 9:08 AM

 ට්‍රම්ප්-සෙලෙන්ස්කි හමුව රත්වෙයි: යුක්‍රේන ජනපති ධවල මන්දිරෙන් පිටකරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්‍රේන ජනපති වොලොඩිමිර් සෙලෙන්ස්කි අතර සිකුරාදා (පෙබ. 28) ධවල මන්දිරයේ පැවැති සාකච්ඡාව වාග් සංග්‍රාමයක ට පෙරලී අමිහිරි අවසානයක් දුටුවා.
  • රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධය අවසානය කරා ගෙන යාමේ පියවරක් ලෙස “එකගතාවකට එන්න..
  • නමුත් රුසියානු ජනපති සමග “එකගතාවක් නොවිය යුතුයි” යන ස්ථාවරය සෙලෙන්ස්කි දන්වද්දී රුසියාව සමග සාම වැඩපිළිවෙලක ට යාම වෙනුවෙන් යුක්‍රේනය සහනශීලී විය යුතු බව ට්‍රම්ප් කීවා.
  • “මේ මෝඩ ජනාධිපතිවරයා (හිටපු ජනාධිපති ජෝ බයිඩන්) හරහා අපි ඔබ ට ඩොලර් බිලියන 350 ක යුද්ධෝපකරණ දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

හමුවෙන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ නායක දෙපළගේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව අවලංගු කෙරුණු අතර යුක්‍රේන නියෝජිත පිරිස ට ධවල මන්දිරයෙන් පිටව යන ලෙස අමෙරිකානු ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් හා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ දන්වා තිබෙනවා. මේ සිදුවීමත් සමග යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ධවල මන්දිරයෙන් පිටව ගියා.

රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධය අවසානය කරා ගෙන යාමේ පියවරක් ලෙස “එකගතාවකට එන්න.. නැතිනම් අප ඉවත් වෙනවා” යැයි ට්‍රම්ප් කීවේ මේ ක්‍රියාවලියේ සිය මැදහත්කරු භූමිකාව මතක් කරමින්.

නමුත් රුසියානු ජනපති සමග “එකගතාවක් නොවිය යුතුයි” යන ස්ථාවරය සෙලෙන්ස්කි දන්වද්දී රුසියාව සමග සාම වැඩපිළිවෙලක ට යාම වෙනුවෙන් යුක්‍රේනය සහනශීලී විය යුතු බව ට්‍රම්ප් කීවා.

කෙමෙන් සාකච්ඡාව උණුසුම් අතට හැරෙද්දී සෙලෙන්ස්කි අමෙරිකාව ට “ස්තුතිවන්ත විය යුතුයි” දැඩිව කී ට්‍රම්ප්, යුක්‍රේන නායකයා “තුන්වෙනි ලෝක යුද්ධය සමග සූදු කෙළිනවා” යි චෝදනා කළා.

මේ රත් වූ සංවාදය අතරේ යුක්‍රේන ජනාධිපතිවරයා ට ජනපති ට්‍රම්ප් කීවේ “ඔබේ රට තියෙන්නේ බරපතල ගැටලුව ක” කියා යි. “ඔබ ට මේක දිනන්න බැහැ.” යි කී ට්‍රම්ප් “අපි නිසා මේකෙන් ගොඩ ඒමේ හොද ම අවස්ථාව ක් තිබෙනවා” යි සදහන් කළා.

“මේ මෝඩ ජනාධිපතිවරයා (හිටපු ජනාධිපති ජෝ බයිඩන්) හරහා අපි ඔබ ට ඩොලර් බිලියන 350 ක යුද්ධෝපකරණ දුන්නා. ඔබ ට අපේ යුද්ධෝපකරණ නොලැබුණා නං මේ යුද්ධෙ සති දෙකෙන් ඉවර වෙන්න තිබුණා” යි ට්‍රම්ප් කී අවස්ථාවේ සෙලෙන්ස්කි ගේ පිලිතුර වුණේ “පුටින් කීවේ නං දවස් තුනකින් ඉවරයි කියලා” යි.

උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද මේ වාග් සංග්‍රමයේදී යුක්‍රේන නායකයා ට චෝදනා කරමින් කීවේ ඔහු “ගෞරවාන්විත නොවූ” බව යි. හමුව පුරාම සෙලෙන්ස්කි “ස්තුතියි කීවේ නැහැ” යි ද වෑන්ස් චෝදනා කළා.

 


මේ හමුව අනපේක්ෂිත හැරවුමක් ගත් නිසා රටවල් දෙක අතර එළැඹීම ට තිබූ ඛනිජ සම්පත් පිළිබද ගිවිසුව ද අත්සන් කෙරුණේ නැහැ.

මේ අර්බුදකාරී හමුව යෙදුණේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් හා ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවී පැය 24 ක් ඉක්මෙද්දී යි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා තමන් ගේ ‘Truth’ සමාජ මාධ්‍ය යේ සෙලෙන්ස්කි අමතා පණිවිඩය ක් තබමින් කීවේ “සාමය ට සූදානම් වූ විටෙක නැවත එන්න” කියා යි.

කොහොම වුණත් මේ උණුසුම් සාකච්ඡාවෙන් පසු තත්ත්වය වර්ධනය වෙමිනුයි තිබෙන්නේ. යුරෝපා නායකයින් බොහොමයකගේ විවේචනය එල්ලවන අතරේ ඇතැමෙක් යුක්‍රේනය ට ඔවුන්ගේ සහය පළකරනවා.

ජනපති සෙලෙන්ස්කි ගේ ස්ථාවරය ඇගයූ යුක්‍රේන විදේශ අමාත්‍යවරයා ඔහු “නිර්භීතව” ක්‍රියා කළ බව කීවා.

පෝලන්ත අගමැති හා යුරෝපා සංගමයේ හිටපු සභාපති ඩොනල්ඩ් ටස්ක් සෙලෙන්ස්කි අමතා X පණිවිඩයකින් කියා සිටියේ “ආදරණීය යුක්‍රේන මිතුරණි, ඔබ තනි වී නැහැ” කියා යි. එවැනි ම පණිවිඩය ක් යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා ෆන් ඩර් ලෙයන් ද නිකුත් කළා. ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් ද රුසියාව තවදුරට ත් දෝෂදර්ශනය ට ලක්කරමින් යුක්‍රේනය ට සහය පළකරන ආස්ථානය ක සිටිනවා.

මේ අතරේ ට්‍රම්ප් වෙනුවෙන් සහය පළ කරන්නාක් මෙන් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙන් ම රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන දිමිත්‍රි මෙද්වෙදෙෆ් X  පණිවිඩයක් තබමින් කීවේ සෙලෙන්ස්කි ට “අවසානයේදී නියම තරවටුවක් ඕවල් කාර්යාලයේ දී ලැබුණා. ජනාධිපති ට්‍රම්ප් නිවැරදි යි. කීව් ආණ්ඩුව තුන්වෙනි ලෝක යුද්ධය සූදු කෙළිනවා” කියා යි.

හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් එවැනි ම ආකාරයේ ප්‍රකාශය ක් කරමින් ජනපති ට්‍රම්ප් “සාමය වෙනුවෙන් නිර්භීත ව නැගී සිටියත් සමහරෙකු ට එය ග්‍රහණය කර ගැනීම ට දුෂ්කර වෙන්න පුලුවන්” යැයි කීවා.

මේ අනුව පෙනෙන්නේ සිදුවීම ආසන්නයේ ම යුරෝපා නායකයින් වෙනස් ස්ථාවරවල ට එළැඔ ඇති බව ක්. කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ දී මේ තත්ත්වය කොයි අත ට කරකැවේදැයි යන්න ගැන අවධානය යොමු කිරීම සමස්ත ලෝක දේශපාලනය ට ම වැදගත් වේවි.


(සංගීත් කළුබෝවිල)
නිදහස් මාධ්‍යවේදී
sangeeth.kalubowila@bbc.co.uk

Sangeeth Kalubowila ගේ ෆේස්බුක් පිටුවෙන්..
28. 02. 2025
(අන්තර්ජාල තොරතුරු ඇසුරින්)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...