BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඇමෙරිකා යුක්රේන ගැටුමට යුරෝපා සංගමයත් මැදිහත් වෙයි

T

The Leader Desk

March 2, 2025 • 4:29 PM

ඇමෙරිකා යුක්රේන ගැටුමට යුරෝපා සංගමයත් මැදිහත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාව වෙනුවට අනාගත ජර්මන් චාන්සලර් ගෝලීය බලවතා ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයෙන් ඉගියක්
  • යුරෝපා සංගමයේ ප්‍රබලයෙකු වන එහි විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් ප්‍රකාශ කළේ චීනය උතුරු කොරියාව ඉරානය වැනි රුසියාවේ හිතෛශීයෙකු බවට පත්ව ඇති ඇමෙරිකාව ගෝලීය බලවතා ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයේ රටවල් 27 ට මින් පසු අසීරු වන බවය.
  • ඒ තුළ අනාගත ජර්මන් චාන්සලර් පෙඩ්රික් මර්ස් ගෝලීය නායකයා ලෙස පත්වීම සුදුසු බවට ද ඔහු ඉගි කර තිබිණ.
  • තවද කොන්දේසි විරහිතව යුක්රේනය වෙනුවෙන් පෙනී සිටීම යුරෝපා සංගමයේ වගකීමක් ලෙස සලකන බව ද ඔහු කියා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ට්‍රම්ප් හා යුක්රේන ජනපති සෙලෙන්ස්කි අතර ගැටුමෙන් පසු යුරෝපා සංගමය සෘජුවම ඊට අත තබන පසුබිමක් නිර්මාණයවී තිබේ.

යුරෝපා සංගමයේ ප්‍රබලයෙකු වන එහි විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් ප්‍රකාශ කළේ චීනය උතුරු කොරියාව ඉරානය වැනි රුසියාවේ හිතෛශීයෙකු බවට පත්ව ඇති ඇමෙරිකාව ගෝලීය බලවතා ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයේ රටවල් 27 ට මින් පසු අසීරු වන බවය.

ඒ තුළ අනාගත ජර්මන් චාන්සලර් පෙඩ්රික් මර්ස් ගෝලීය නායකයා ලෙස පත්වීම සුදුසු බවට ද ඔහු ඉගි කර තිබිණ.

තවද කොන්දේසි විරහිතව යුක්රේනය වෙනුවෙන් පෙනී සිටීම යුරෝපා සංගමයේ වගකීමක් ලෙස සලකන බව ද ඔහු කියා තිබිණ.

ට්‍රම්ප් හා සෙලෙන්ස්කි ගේ මත ගැටුම ගැන අදහස් පළකල කලාස් කියා තිබුණේ තම රට වෙනුවෙන් පෙනී සිටි අදීන නායකයෙකු හා රුසියාව වෙනුවෙන් පෙනී සිටින බියගුල්ලෙකු අතර හමුවක් ධවල මන්දිරයේදී සිදුචු බවය.

යුක්රේනයට නේටෝ සාමාජිකත්වය දෙනවා නම් ඉල්ලා අස්වෙනවා - සෙලෙන්ස්කි කියයි

ser344

ඇමෙරිකානු විදේශ ලේකම් මාර්කෝ රුබියෝ CNN වෙත කියා තිබුණේ සෙලෙන්ස්කි ජනපති ට්‍රම්ප් ගෙන් සමාව ගත යුතු බවය. ඊට යුක්රේනය ප්‍රතිචාර දක්වා තිබුණේ තම රටට නේටෝ වේ සාමාජිකත්වය ලබා දෙන්නේ නම්, සාමය වෙනුවෙන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව යුක්රේන සංසද 2025 සමුළුවේදී සෙලෙන්ස්කි ප්‍රකාශ කල බවය.

ඇමෙරිකානුවන්ගේ බදු මුදලින් යුරෝපය රැකීමට ඇමෙරිකාවට ඇති රුදාව ගැන ප්‍රශ්න කරන ඇමෙරිකාව කියනුයේ යුරෝපා රටවල් ඇමෙරිකානු භාණ්ඩ මිලට නොගැනීම තුළ වසරකට ඩො බිලි 300 ක වෙළෙද පරතරයක්ද පවත්වාගෙන යන බව හා ඉන් ඇමෙරිකාවට අධික පාඩුවක් යුරෝපය විසින් සිදුකරන බවය.

තවද යුරෝපා රටවල් සිය අයවැයෙන් මීට වඩා වැඩි මුදලක් නේටෝවට වෙන් කිරීමේ දැඩි අවශ්‍යතාව ද ඇමෙරිකාව අවධාරණය කොට තිබේ.

''යුද්ධයට වැයකල මුදලේ හිලව්වට යුක්රේන ඛනිජ වලින් 50%ක් ඇමෙරිකාවට ඕනැ''

dfrt546

එමෙන්ම යුක්රේනය වෙනුවෙන් යුද්ධයට වැයකල අති විශාල මුදලට සරිලන ලෙස යුක්රේනයේ ඛනිජ සම්පත් වලින් 50%ක් ඇමෙරිකාවට ලබා දෙන ගිවිසුම ඉක්මන් කළයුතු බවටද ඇමෙරිකාව බලකර සිටී.

එම ගිවිසුම රැගෙන ට්‍රම්ප් නියෝජිතයෙකු යුක්රේනයට ගියද සෙලෙන්ස්කි ඔහු හරවා එවා තිබිණ.

යුක්රේනයේ ආරක්ෂාව හා රුසියාව පරාජය කිරීමේ ස්ථාවරය සමග අමෙරිකාව සිට ගන්නා තෙක් එවැනි ගිවිසුමක් ගැන අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සෙලෙන්ස්කිගේ ස්ථාවරයවී තිබිණ.

පුටින් ලැබූ විජයග්‍රහණයක්.. 

dfty56

දැනට වර්ධනය වන පසුබිම තුළ ඇමෙරිකාවේ සාම්ප්‍රදායික සතුරා වන රුසියාව සිය මිතුරා කරගෙන තම සාම්පුධායික මිතුරා වන යුරෝපා සංගමය සතුරා කරගැනීමට ඇමෙරිකාවේ ට්‍රම්ප් පාළනය උත්සාහ කරන බවට ද ගැඹුරු විග්‍රහ පවතී.

තවද වසර 80 ක ඇමෙරිකාවේ හා යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ නේටෝ සංවිධානයේ හා ඇමෙරිකානු සබදතාව ද සීග්‍රයෙන් පලුදු වන ලක්ෂණ පෙන්නුම් කරන අතර එහි වැඩි අවාසිය යුරෝපයට බව ද කියවේ.

පවතින තත්වය තුළ ඇමෙරිකාව තනිවෙන ලකුණු පහළවී තිබෙන අතර පුටින් සිය වසර 25 ක දේශපාලන අත්දැකීම් තුළ ලොව සිටි ප්‍රධානතම එදිරිවාදයා තම මතවාද වලට ගොනු කරගැනීමට සමත්වීම ඔහු ලැබූ විජයග්‍රහණයකි.

 එම තත්ත්වය ගෝලීය දේශපාලන හා ආර්ථක පසුබිමට කවර බලපෑම් කරාවිද යන්න කීමට තවම කල් මදිය.

Ashoka Jayathunga(සටහන | අශෝක ජයතුංග)
නිදහස් මාධ්‍යවේදී
වොෂින්ටන් DC සිට..

Ashoka Jayatunga ගේ ෆේස්බුක් පිටුවෙන්..


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...