BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්

T

The Leader Desk

March 4, 2025 • 8:37 AM

යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
  • 'ෆොක්ස්' පුවත් සේවය සඳහන් කළේ, මේ වනවිට යුක්‍රේනයේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය වන යුධ ආධාර ද මීට ඇතුළත් බවයි.
  •   යුක්‍රේනය ජනාධිපතිවරයාට රුසියාව සමග යුද්ධය අවසන් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවට මීට පැය කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකශ කළේ ය.
  • ඊට හේතුවී ඇත්තේ, අමෙරිකාවේ සහයෝගය යුක්‍රේනයට හිමිවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා තුළ ඇති විශ්වාසය බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි මීට ටික වෙලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

'ෆොක්ස්' පුවත් සේවය සඳහන් කළේ, මේ වනවිට යුක්‍රේනයේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය වන යුධ ආධාර ද මීට ඇතුළත් බවයි.

 

යුක්‍රේනය ජනාධිපතිවරයාට රුසියාව සමග යුද්ධය අවසන් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවට මීට පැය කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකශ කළේ ය.

ඊට හේතුවී ඇත්තේ, අමෙරිකාවේ සහයෝගය යුක්‍රේනයට හිමිවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා තුළ ඇති විශ්වාසය බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.

මේ අතර ඇමෙරිකා ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින්, කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වන, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඒකමතිකව තීරණය කර ඇත්තේ යුක්රේනයට හැකි පමණින් සහාය පළ කරන බවය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...