BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඇමෙරිකාව සමග 'ඕනෑ ම ආකාරයක යුද්ධයකට' සූදානම් බව චීනය අනතුරු අඟවයි

T

The Leader Desk

March 7, 2025 • 2:24 PM

ඇමෙරිකාව සමග 'ඕනෑ ම ආකාරයක යුද්ධයකට' සූදානම් බව චීනය අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | ෂී ජින්පින්ගේ චීනය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමෙරිකාව සමග වෙළෙඳ යුද්ධයකට මුහුණ දී සිටී.
  • ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ක්ෂණිකව ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා 10-15% අතර ප්‍රමාණයකින් තීරු බදු පැනවීය.
  • එය ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසු චීනයෙන් මෙතෙක් එල්ල වූ ප්‍රබල ම ප්‍රතිචාරවලින් එකක් වන අතර, වාර්ෂික ජාතික මහජන සම්මේලනය සඳහා නායකයින් බීජිංහිදී රැස්වූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
  • චීන අගමැති ලී කියැං (Li Qiang) බදාදා නිවේදනය කළේ, චීනය මෙම වසරේදී සිය ආරක්ෂක වියදම් 7.2%කින් ඉහළ නංවන බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ භාණ්ඩ සඳහා වන තීරුබදු ඉහළ දැමීමට ප්‍රතිචාර දක්වමින්, ඕනෑ ම ආකාරයක යුද්ධයකට සූදානම් බව චීනය, ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

ට්‍රම්ප් සියලු චීන භාණ්ඩ සඳහා තීරු බදු වැඩි කිරීමෙන් පසු ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක වෙළෙඳ යුද්ධයකට සමීප වෙමින් පවතී. ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ක්ෂණිකව ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා 10-15% අතර ප්‍රමාණයකින් තීරු බදු පැනවීය.

''ඇමෙරිකාවට යුද්ධයක් අවශ්‍ය නම් එය තීරුබදු යුද්ධයක්, වෙළෙඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑ ම ආකාරයක යුද්ධයක් වේවා චීනය අවසානයක් දක්වා සටන් කිරීමට සූදානම්,'' යනුවෙන් චීන තානාපති කාර්යාලය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

එය ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසු චීනයෙන් මෙතෙක් එල්ල වූ ප්‍රබල ම ප්‍රතිචාරවලින් එකක් වන අතර, වාර්ෂික ජාතික මහජන සම්මේලනය සඳහා නායකයින් බීජිංහිදී රැස්වූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

චීන අගමැති ලී කියැං (Li Qiang) බදාදා නිවේදනය කළේ, චීනය මෙම වසරේදී සිය ආරක්ෂක වියදම් 7.2%කින් ඉහළ නංවන බව ය. "සියවසක් තුළ නොදුටු වෙනස්කම් ලොව පුරා වඩාත් වේගයකින් සිදුවෙමින් පවතිව," බවට ඔහු අනතුරු ඇඟවීය. චීනයේ මෙම වියදම් ඉහළ දැමීම අපේක්ෂා කළ අතර පසුගිය වසරේ ප්‍රකාශයට පත් කළ සංඛ්‍යාවට අනුරූප වේ.

වෙළෙඳ යුද්ධයක තර්ජනය මධ්‍යයේ වුව ද, රටේ ආර්ථිකය තවදුරටත් වර්ධනය විය හැකි බව බීජිං නායකයෝ චීන ජනතාවට සහතික කිරීමේ පණිවුඩය යැවීමට උත්සහ කරති.

ඇමෙරිකාව, මැද පෙරදිග හා යුක්‍රේනයේ යුද්ධවලට සම්බන්ධ බවට චීනය චෝදනා කරන අතර, චීනයට අවශ්‍ය වන්නේ ස්ථාවර, සාමකාමී රටක් ලෙස පෙනී සිටීමට ය.

තීරුබදුවලට මුහුණ දී ඇති කැනඩාව සහ මෙක්සිකෝව වැනි ඇමෙරිකානු මිත්‍ර පාර්ශවවලට එරෙහිව ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගවලින් ප්‍රයෝජන ගැනීමට චීනයට ද අවශ්‍ය විය හැකි ය. කෙසේ වෙතත්, නව ගෝලීය හවුල්කරුවන් බිය ගැන්විය හැකි රළු භාෂාවක් භාවිත කිරීමට අවශ්‍ය නොවනු ඇත.

බදාදා බීජිංහි පැවති සිය කතාවේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, චීනය ඕනෑ ම අයෙකුට විවෘත වන බවත්, වැඩි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අරමුණු කරන බවත් ය.

අතීතයේදී ද චීනය යුද්ධයකට සූදානම් බව පවසා තිබිණි. පසුගිය ඔක්තෝබර් මාසයේදී, තායිවානය අසල සිදු කළ යුද අභ්‍යාස අතරතුර යුද්ධයට සූදානම් වන ලෙස ජනාධිපති ෂී, හමුදාවෙන් ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, යුද්ධයට සූදානම් වීම ඇත්ත වශයෙන් ම යුද්ධයට යාමට සූදානම් වීමට වඩා වෙනස් ය.

trt55t| චීනය මේ වසරේ සිය ආරක්ෂක වියදම් 7%කට වඩා වැඩි කිරීමට නියමිත ය.
වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය පෙර දින (මාර්තු 04) විදේශ අමාත්‍යාංශයේ ඉංග්‍රීසි ප්‍රකාශයක් උපුටා දක්වමින්, ෆෙන්ටනයිල් මත්ද්‍රව්‍ය ගලා ඒම සම්බන්ධයෙන් චීනයට දොස් පවරන බවට ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කර තිබිණි.

"ෆෙන්ටනයිල් පිළිබඳ ගැටලුව චීන ආනයන සඳහා ඇමෙරිකා එක්සත් ජනපද තීරුබදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දුර්වල නිදහසට කරුණක්," චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

"මැදිහත්වීම්වලින් අපව බය ගන්වන්න බැහැ. හිරිහැර කිරීම්වලින් අපට රිදවන්න බැහැ. පීඩනය එල්ල කිරීම, බලහත්කාරකම් කිරීම හෝ තර්ජන කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිවැරදි ක්‍රමය නොවෙයි," ඔහු තවදුරටත් පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර සම්බන්ධතාව ලෝකයේ වඩාත් ම විවාදයට ලක්වන සම්බන්ධතාවලින් එකකි. X සමාජ මාධ්‍යයේ පළවූ මෙම සටහන පුළුල් ලෙස හුවමාරු වී ඇති අතර, ට්‍රම්ප්ගේ උපදේශකයින් විසින් චීනය, වොෂින්ටනයේ විශාලතම විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික තර්ජනය බවට සාක්ෂියක් ලෙස භාවිත කිරීමේ ඉඩකඩක් පවතී.

සිය පදවි ප්‍රාප්ති උත්සවයට චීන ජනාධිපතිට ආරාධනා කිරීමෙන් පසු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ දෙරට අතර, සබඳතා සුමටව ආරම්භ වනු ඇතැයි බීජිං නිලධාරීන් බලාපොරොත්තු විය. ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට දින කිහිපයකට පෙර චීන ජනාධිපති ෂී සමග "යහපත් දුරකතන සංවාදයක්" පැවැත්වූ බව ට්‍රම්ප් ද සඳහන් කළේ ය.

පසුගිය මාසයේ නායකයින් දෙදෙනා අතර තවත් දුරකතන ඇමතුමක් පැවැත්වීමට නියමිතව තිබූ බවට වාර්තා පළවූ නමුත් එය සිදු නොවී ය.

අඛණ්ඩව වාර්තා වන අවම පරිභෝජනය, දේපළ අර්බුද සහ විරැකියාව යන ගැටලු සමග චීන ජනාධිපතිවරයා පොරබදමින් සිටියි.

තම අරගලකාරී ආර්ථිකය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීමට චීනය පොරොන්දු වී තිබේ. මෙම සැලැස්ම හෙළිදරව් කරන ලද්දේ, දහස් ගණනක් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් රහස්‍ය අයුරින් පැවැත්වෙන සංකේතාත්මක පාර්ලිමේන්තුවක් ලෙස සැලකෙන ජාතික මහජන සම්මේලනයේදී ය.

චීනය ලෝකයේ දෙවන විශාලතම ආරක්ෂක අයවැය හිමි රට වන චීනය ඩොලර් බිලියන 245ක් වැය කරන අතර, එය ඇමෙරිකා එක්සත් ජනපද අයවැයට වඩා බෙහෙවින් කුඩා ය. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට අනුව, චීනය එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6%ක් හමුදාව සඳහා වැය කර යි. එය ඇමෙරිකා එක්සත් ජනපදයට හෝ රුසියාවට වඩා බෙහෙවින් අඩු ය.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් අනුමාන කරනුයේ චීනය ආරක්ෂාව සඳහා වැය කරන මුදල පහළ අගයකින් වාර්තා කරන බව ය.

(සටහන | ලෝරා බිකර්)
බීබීසී, බීජිං

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...