BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව වේගයෙන් ඔස්ට්‍රේලියාවට ළඟාවෙයි

T

The Leader Desk

March 8, 2025 • 5:41 AM

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව වේගයෙන් ඔස්ට්‍රේලියාවට ළඟාවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ඇතුළු නැගෙනහිර වෙරළබඩ කලාපයට අද (08) දිනයේ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඇතුළුවන බවට කාලගුණ අනාවැකි පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • ඒ අනුව අදාළ කළාපයේ පාසල් 280කට වැඩි සංඛ්‍යාවක් ඊයේ වසාදැමුණු අතර භාණ්ඩ ගැනීම සඳහා දිගු පෝලිම් ද නිර්මාණය වුණි.
  •   ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් පුරෝකථනය කරන්නේ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙස්වලට 'ඇල්ෆ්‍රඩ්' නිවර්තන සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවනු ඇති බවටය.
  • මේ වනවිට පළවී ඇති කාලගුණ අනාවැකිවලට අනුව, පැයට කිලෝමීටර 120ක් දක්වා වූ සුළඟේ වේගයක් වාර්තා කරමින් 'ඇල්ෆ්‍රඩ්' සුළි කුණාටුව බ්‍රිස්බේන් නගරයෙන් රට තුළට ඇතුළුවීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් ශ්‍රී ලාංකිකයින් ද 7000කට අධික පිරිසක් වාසය කරන බ්‍රිස්බේන් නගරයට වැඩි බලපෑමක් එල්ලවීමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ කළාපයේ පාසල් 280කට වැඩි සංඛ්‍යාවක් ඊයේ වසාදැමුණු අතර භාණ්ඩ ගැනීම සඳහා දිගු පෝලිම් ද නිර්මාණය වුණි.

මේ අතර බ්‍රිස්බේන් ගුවන්තොටුපළ මෙහෙයුම් ද තාවකාලිකව නවතා දැමුණි.

 

2025 03 05T042852Z 1579845185 RC2L6DAJ0VRU RTRMADP 3 AUSTRALIA WEATHER 1741152321

ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් පුරෝකථනය කරන්නේ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙස්වලට 'ඇල්ෆ්‍රඩ්' නිවර්තන සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවනු ඇති බවටය.

මේ වනවිට පළවී ඇති කාලගුණ අනාවැකිවලට අනුව, පැයට කිලෝමීටර 120ක් දක්වා වූ සුළඟේ වේගයක් වාර්තා කරමින් 'ඇල්ෆ්‍රඩ්' සුළි කුණාටුව බ්‍රිස්බේන් නගරයෙන් රට තුළට ඇතුළුවීමට නියමිතය.

ඒ අනුව සුළිකුණාටුවේ වැඩිම බලපෑම ක්වීන්ස්ලන්ඩ් හි බ්‍රිස්බේන් නගරයට එල්ල වනු ඇති.

ඊයේ පස්වරුව වනවිට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව බ්‍රිස්බේන් නගරයට කිලෝමීටර 105ක් නැගෙනහිර දෙසින් ස්ථාන ගතවුණි.

 

file 20250306 56 ccl3x3
එය රට තුළට ඇතුළු වනු ඇතැයි කාලගුණ බලධාරීන් පුරෝකථනය කර තිබුනේ එරට වේලාවෙන් අද පෙරවරුවේදී ය.

Heavy flooding expected after Cyclone downgraded in Australia

Australians told to ‘prepare for worst’ as Cyclone Alfred nears landfall

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...