BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

චීනයත් කැනඩාවට අතිරේක තීරුබදු පනවයි

T

The Leader Desk

March 9, 2025 • 10:51 AM

චීනයත් කැනඩාවට අතිරේක තීරුබදු පනවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනය කැනඩාවෙන් ආනයන කරන ලද රැප්සීඩ් තෙල් හා ධාන්‍ය වර්ග ආදී නිෂ්පාදන කිහිපයක් සඳහා 100% ක අතිරේක තීරු බදු මාර්තු 20 දින සිට පැනවීමට තීරණය කර තිබෙනවා.
  • චීන විදුලි වාහන සඳහා 100% ක අතිරේක තීරුබදු සහ චීන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බව කැනඩා රජය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රකාශ කළා.
  • කැනඩාවේ ඒකපාර්ශ්වික අතිරේක තීරුබදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නීති රීති නොසලකා හැරීමක් මෙන්ම වෙළඳ ආරක්ෂණවාදී පියවරක් බව සඳහන් කරමිනුයි චීනය මෙම ප්‍රතිපියවර ගෙන තිබෙන්නේ.
  •   කැනඩාව පැනවූ බදු නිසාවෙන් චීනයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වී ඇති අතර චීන-කැනඩා ආර්ථික හා වෙළඳ සබඳතාවලට හානි වී ඇතැයි ද චීනය පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. චීන විදුලි වාහන සඳහා 100% ක අතිරේක තීරුබදු සහ චීන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බව කැනඩා රජය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රකාශ කළා. කැනඩාවේ ඒකපාර්ශ්වික අතිරේක තීරුබදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නීති රීති නොසලකා හැරීමක් මෙන්ම වෙළඳ ආරක්ෂණවාදී පියවරක් බව සඳහන් කරමිනුයි චීනය මෙම ප්‍රතිපියවර ගෙන තිබෙන්නේ.

China factory

 

කැනඩාව පැනවූ බදු නිසාවෙන් චීනයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වී ඇති අතර චීන-කැනඩා ආර්ථික හා වෙළඳ සබඳතාවලට හානි වී ඇතැයි ද චීනය පවසනවා.


ඊට එරෙහිව ප්‍රතිචාර දක්වමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2025 මාර්තු 20 වන දින සිට කැනඩාවෙන් ආනයනය කරන රැප්සීඩ් තෙල් සහ තෝරාගත් ධාන්‍යවර්ග සඳහා 100% ක අතිරේක තීරුබදු පනවන බවත් කැනඩාවෙන් ආනයනය කරන ජලජ නිෂ්පාදන සහ ඌරු මස් සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීනයත් කැනඩාවට අතිරේක තීරුබදු පනවයි | The Leader