BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

දුතර්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට

T

The Leader Desk

March 12, 2025 • 8:02 AM

දුතර්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිලිපීන ජනාධිපති කනිෂ්ට මාකෝස් විසින් 2016 සිට 2022 දක්වා එරට ජනාධිපති ධුරය දැරූ හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පාවා දී තිබෙනවා.
  • මෙකී ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේදී’ 12,000 – 30,000 අතර පිරිසක් ඝාතනයට ලක් වූ බවත්, ඒ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මෙන්ම ඒවාට සම්බන්ධ නොවූ අය ද සිටි බවත් මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.
  • මුලදී මෙමගින් මත්ද්‍රව්‍ය පාලනයක් සිදු වුවද, පිලිපීනය තවමත් දරුණු අන්දමින් මත්ද්‍රව්‍ය බලපෑමට ලක්ව තිබෙනවා.
  • පිලිපීනය 2011දී රෝම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


තම පාලන කාලය තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන ලද පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් නීති විරෝධී අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුතර්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුවට ලක්වී සිටියා. එය ඔහු විසින් ඉටු කරන ලද මැතිවරණ පොරොන්දුවක්.

මෙකී ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේදී’ 12,000 – 30,000 අතර පිරිසක් ඝාතනයට ලක් වූ බවත්, ඒ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මෙන්ම ඒවාට සම්බන්ධ නොවූ අය ද සිටි බවත් මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.

 

duterte war on drugs

දුතර්තේගේ ක්‍රමවේදය අනුව මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය වෙනුවට ඔවුන්ට දඬුවම් කිරීම කෙරෙහි අවධානය යොමු කළා. ඒ සඳහා පොලිසියේ, ආරක්ෂක හමුදාවල මෙන්ම වෙනත් අංශවල ද සහාය ලබාගත්තා.

මුලදී මෙමගින් මත්ද්‍රව්‍ය පාලනයක් සිදු වුවද, පිලිපීනය තවමත් දරුණු අන්දමින් මත්ද්‍රව්‍ය බලපෑමට ලක්ව තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එහි සාමාජික රටවල නීතිය ක්‍රියාත්මක නොවූ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් අධිකරණ බලය තිබෙනවා.

2019 01 16T095715Z 119791082 RC17B5968800 RTRMADP 3 WARCRIMES IVORYCOAST 768x512

පිලිපීනය 2011දී රෝම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළා. 2019දී දුතර්තේ යටතේ පිලිපීනය එම ප්‍රඥප්තියෙන් ඉවත් වුවත්, දුතර්තේ එරට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක්ව පැවති සමයේ කළ වැරදිවලට වගකිව යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තිය 2000දී අත්සන් කළත්, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ එය අපරානුමත කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ නීතියට ඇතුළත් කිරීම කළේ නැහැ.

Ajith parakum jaya
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

සබැඳි ලිපියක් :

පිලිපීනයේ දහස් ගණනක් ඝාතනය කල හිටපු ජනපති දුතර්තේ හෙග් නුවර යුද අධිකරණයට ගෙන යයි!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දුතර්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට | The Leader