BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඇමෙරිකානු-යුක්‍රේන එකඟත්වයෙන් පෙනී යන්නේ ට්‍රම්ප් කිසිදු ගිවිසුමක් වල පල්ලට යාමට ඉඩ නොදෙන බව ද?

T

The Leader Desk

March 12, 2025 • 3:19 PM

ඇමෙරිකානු-යුක්‍රේන එකඟත්වයෙන් පෙනී යන්නේ ට්‍රම්ප් කිසිදු ගිවිසුමක් වල පල්ලට යාමට ඉඩ නොදෙන බව ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කල්පවත්නා සාමයක් කරා යාමට පෙර තවමත් බොහෝ දුරක් යා යුතු වුවත් රුසියාව සමග ක්‍රියාත්මක යුද්ධය සඳහා තාවකාලික සටන් විරාමයක්
  • ඇත්ත වශයෙන් ම, ඔහුගේ තද සහ අනෙකාට දැඩි පීඩනයක් එල්ල කිරීමේ ස්වභාවය බොහෝ විට ඔහු සාකච්ඡා සිදු කිරීමේදී දක්නට ලැබෙන අනිවාර්ය අංගයකි.
  • නමුත්, මෑතකදී කොටස් වෙළෙඳපොළේ ආයෝජන සිදු කළ ඇමරිකානුවන්ගෙන් 60%කට වඩා වැඩි පිරිසකට ඇති වූ ඍණාත්මක බලපෑම් මගින් පෙනෙන පරිදි, මහජන තර්ජන සහ සම්මුතීන් ඇති කිරීම ඇතුළත් සැලැස්මක් අවදානම්සහගත විය හැකි ය.
  • ඔහු නැවතත් පැවසුවේ කැනඩාව එක්සත් ජනපද රාජ්‍යයක් බවට පත්වීම "තේරුම් ගත හැකි එක ම දෙය" බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ යුක්‍රේනය අතර අඟහරුවාදා (මාර්තු 11) ඇති කරගත් ගිවිසුම, එම ගමන් මගෙහි කැපී පෙනෙන වෙනසක් නියෝජනය කරයි.

 | නරඹන්න: යුක්රේන සටන් විරාමයට පූටින් එකඟ වනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් බලාපොරොත්තු වේ


වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේදී පැවති අමිහිරි හමුවෙන් පසුව, එක්සත් ජනපදය යුක්‍රේනය වෙත හමුදා ආධාර ලබා දීම සහ සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සතියකට පෙර අත්හිටුවන ලදී.

ට්‍රම්ප්ගේ අවේගශීලී කතා විලාසය සහ නිර්දය ලෙස අනෙක් පාර්ශව විවේචනය කිරීමේ ඔහුගේ කැමැත්ත හමුවේ එක්සත් ජනපද සහ යුක්‍රේන රාජ්‍ය තාන්ත්‍රිකයින් සබඳතා වැඩිදියුණු කර ගැනීමට සහ ඉදිරි මාවතක් සකසා ගැනීමට සමත් වීම, ඔහු තවදුරටත් සාකච්ඡා සඳහා සැමවිට ම විවෘතව සිටින ආකාරය පෙන්වන තවත් නිදසුනකි.

ඇත්ත වශයෙන් ම, ඔහුගේ තද සහ අනෙකාට දැඩි පීඩනයක් එල්ල කිරීමේ ස්වභාවය බොහෝ විට ඔහු සාකච්ඡා සිදු කිරීමේදී දක්නට ලැබෙන අනිවාර්ය අංගයකි.

නමුත්, මෑතකදී කොටස් වෙළෙඳපොළේ ආයෝජන සිදු කළ ඇමරිකානුවන්ගෙන් 60%කට වඩා වැඩි පිරිසකට ඇති වූ ඍණාත්මක බලපෑම් මගින් පෙනෙන පරිදි, මහජන තර්ජන සහ සම්මුතීන් ඇති කිරීම ඇතුළත් සැලැස්මක් අවදානම්සහගත විය හැකි ය.

ට්‍රම්ප් ඇමෙරිකාවේ උතුරු අසල්වැසියා සහ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන කැනඩාව සමග වන වාග් යුද්ධය සහ තීරුබදු ඉහළ දැමීමෙන් පසු අඟහරුවාදා ප්‍රධාන කොටස් දර්ශක අඛණ්ඩව පහත වැටිණි.

තම Truth Social ගිණුමේ කෝපාවිෂ්ඨ සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, උතුරු ඇමෙරිකානු ප්‍රාන්ත සඳහා විදුලිය ලබා දීම වෙනුවෙන් අධිභාරයක් පැනවීමට කැනඩාවේ සැලසුමට ප්‍රතිචාර වශයෙන් කැනේඩියානු වානේ සහ ඇලුමිනියම් සඳහා ඉදිරියේදී පැනවීමට නියමිත තීරුබදු දෙගුණ කරන බව ය.

ඔහු නැවතත් පැවසුවේ කැනඩාව එක්සත් ජනපද රාජ්‍යයක් බවට පත්වීම "තේරුම් ගත හැකි එක ම දෙය" බව ය.

එම ආක්‍රමණශීලී විලාසය පැය කිහිපයක් ඇතුළත ප්‍රතිඵල ලබා දුන්නේ ය. එනම්, ඔන්ටාරියෝ මහාමාත්‍ය ඩග් ෆෝඩ් දැනට බලශක්ති අධිභාරය පැනවීමේ තීරණය හකුළා ගත් අතර පසුව ට්‍රම්ප් පැවසුවේ, බදාදා සිට බලාත්මක වන 25% තීරුබදු තවදුරටත් දෙගුණ නොකරන බව ය.

නමුත් පවතින මෙම වෙළෙඳ ආරවුල ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ ධනයෙන් ඩොලර් ට්‍රිලියන ගණනක් අහිමි කර ඇත. එළෙඹෙන මාසයේදී කැනඩාව සහ අනෙකුත් එක්සත් ජනපද වෙළෙඳ හවුල්කරුවන් මත තවත් තීරුබදු පැනවීමේ අපේක්ෂාව තවමත් පවතී.

xfgtye546r| පෙබරවාරි 28 වන දින ඕවල් කාර්යාලයේදී සෙලෙන්ස්කි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ අසාමාන්‍ය ගැටුමෙන් පසු දෙරට අතර පැවති පළමු නිල හමුව අඟහරුවාදා (මාර්තු 11) ජෙඩාහි පැවති සාකච්ඡා විය.

 

මේ අතර, රුසියාව තම කාර්යභාරය ඉටු කරන්නේ නම්, යුක්‍රේනය සීමිත කාලයක් සඳහා සටන් විරාමයක් පිළිගත්ත ද අනාගත යුක්‍රේන පතල් ආදායමෙන් එක්සත් ජනපදයට කොටසක් ලබා දෙන ඛනිජ අයිතිවාසිකම් ගිවිසුම පිළිබඳ කිසිදු සලකුණක් තවමත් නොමැත.

ට්‍රම්ප් මෙය කෙතරම් අවශ්‍ය ද යන්න පැහැදිලි කර ඇති අතර, එය අනාගතයේදී බාධාවක් විය හැකි ය.

රුසියාව දින 30ක සටන් විරාම යෝජනාව පිළිගන්නේ ද යන්න පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. ව්ලැදිමීර් පුටින්ගෙන් 'ඔව්' වචනය ලබා ගැනීමට ට්‍රම්ප් කණ්ඩායම කුමක් කිරීමට අපේක්ෂා කරන්නේ යන්න ද පැහැදිලි නැත.

එක ම පිටපත ක්‍රියාත්මක වේවි ද? නැතහොත් ට්‍රම්ප්ට ඔහුගේ සාකච්ඡා කට්ටලයේ වෙනත් මෙවලමක් සොයා ගැනීමට සිදුවේවි ද ?

කෙසේ වෙතත්, පසුගිය වසරේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පුරා ම පුනරාවර්තනය වූ ට්‍රම්ප්ගේ පොරොන්දුව වන, වසර තුනකට පසු යුද්ධය අවසන් කළ හැක්කේ තමාට බව යන්න පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරයි.

සාර්ථක වුවහොත් සාමය සහ සමෘද්ධිය ගෙන දිය හැකි අතුරේ යාම වැනි අවදානම්සගත මාර්ගයක් ඔහු තෝරා ගෙන තිබේ. කෙසේ වෙතත්, අසාර්ථකත්වයේ ප්‍රතිවිපාක මනිනු ලබන්නේ අහිමි වන ජීවිතවලිනි.


සටන් විරාමය පිළිගැනීමට සූදානම් බව යුක්‍රේනය කියයි

සෞදි අරාබියේ පැවති ඇමෙරිකානු-යුක්‍රේන සාකච්ඡාවලින් පසු, එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලද රුසියාව සමග දින 30ක ක්ෂණික සටන් විරාමය පිළිගැනීමට සූදානම් බව යුක්‍රේනය පවසා තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැවසුවේ, මෙම යෝජනාව රුසියාවට ඉදිරිපත් කරන බවත් "පන්දුව ඔවුන්ගේ පිටියේ ඇති" බව ත් ය. කෙසේ වෙතත් රුසියානු රජය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.

"ධනාත්මක" යෝජනාවට එකඟ වන ලෙස රුසියාවට ඒත්තු ගැන්වීම දැන් ඇමෙරිකා එක්සත් ජනපදය සතු බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.

පෙබරවාරි 28 වන දින ඕවල් කාර්යාලයේදී සෙලෙන්ස්කි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ අසාමාන්‍ය ගැටුමෙන් පසු දෙරට අතර පැවති පළමු නිල හමුව අඟහරුවාදා (මාර්තු 11) ජෙඩාහි පැවති සාකච්ඡා විය.

ධවල මන්දිරයේ ඇතිවූ පෙර නොවූ විරූ ආරවුලින් පසුව එක්සත් ජනපද රජය අත්හිටුවා තිබූ යුක්‍රේනය සමග බුද්ධි තොරතුරු බෙදාගැනීම සහ යුක්‍රේනය වෙත හමුදා ආධාර ලබා දීම වහා ම නැවත ආරම්භ කරන බව ඒකාබද්ධ ප්‍රකාශයකින් එක්සත් ජනපදය ද පැවසීය.

(සටහන | ඇන්තනි සර්කර්)
බී.බී.සී. - උතුරු ඇමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ වාර්තාකරු
Twitter, @awzurcher

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමෙරිකානු-යුක්‍රේන එකඟත්වයෙන් පෙනී යන්නේ ට්‍රම්ප් කිසිදු ගිවිසුමක් වල පල්ලට යාමට ඉඩ නොදෙන බව ද? | The Leader