BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

යකඩ හදවතකට පණ දුන් ඔස්ට්‍රේලියා වෛද්‍යවරුන්ගේ අරුම පුදුම සැත්කම

T

The Leader Desk

March 17, 2025 • 4:47 AM

යකඩ හදවතකට පණ දුන් ඔස්ට්‍රේලියා වෛද්‍යවරුන්ගේ අරුම පුදුම සැත්කම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්පූර්ණ කෘත්‍රිම හදවතක් බද්ධ කර දින 100ක කාලයක් සාර්ථකව ජීවත් වූ පුද්ගලයෙකුට, ඔහු ප්‍රතිකාර ලැබූ රෝහලින් පිටව යාමට හැකිවූ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.
  • ඔහු දරුණු හෘදයාබාධයකින් පෙළෙමින් සිටියදී, සිඩ්නි අගනුවර ශාන්ත වින්සන්ට් රෝහලේදී පසුගිය වසරේ නොවැම්බර් 22 වැනිදා මෙම සැත්කම සිදු කර තිබෙනවා.
  • පැය 6ක ක්‍රියා පටිපාටියකින් යුතු මෙම සැත්කම පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය ජෑන්ස් පවසා ඇත්තේ, එවැනි ඓතිහාසික හා පුරෝගාමී ඕස්ට්‍රේලියානු වෛද්‍ය සන්ධිස්ථානයක කොටස්කරුවකු වීමට ලැබීම භාග්‍යයක් බවයි.
  • ''අපි වසර ගණනාවක් තිස්සේ මේ වෙනුවෙන් කටයුතු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්ට්‍රේලියානු , නිව් සවුත් වේල්ස්හි පදිංචි මොහු අවුරුදු 40 ක් වයසැති පුද්ගලයෙක්.

ඔහු දරුණු හෘදයාබාධයකින් පෙළෙමින් සිටියදී, සිඩ්නි අගනුවර ශාන්ත වින්සන්ට් රෝහලේදී පසුගිය වසරේ නොවැම්බර් 22 වැනිදා මෙම සැත්කම සිදු කර තිබෙනවා.

ඒ,  හෘද උරස් හා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය පෝල් ජෑන්ස්ගේ මූලිකත්වයෙන්.

පැය 6ක ක්‍රියා පටිපාටියකින් යුතු මෙම සැත්කම පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය ජෑන්ස් පවසා ඇත්තේ, එවැනි ඓතිහාසික හා පුරෝගාමී ඕස්ට්‍රේලියානු වෛද්‍ය සන්ධිස්ථානයක කොටස්කරුවකු වීමට ලැබීම භාග්‍යයක් බවයි.

''අපි වසර ගණනාවක් තිස්සේ මේ වෙනුවෙන් කටයුතු කළා. මෙය සිදු කළ ඕස්ට්‍රේලියාවේ පළමු කණ්ඩායම වීම ගැන අපි අතිශයින් ආඩම්බරයි''

BiVACOR (බයිවකෝර්) නම් මෙම සම්පූර්ණ කෘතිම හදවත, ක්වීන්ස්ලන්තයේ උපත ලබා ඇති වෛද්‍ය ඩැනියෙල් ටිම්ස් ( Daniel Timms ) විසින් සොයා ගන්නා ලද්දක්.

නිරෝගී හදවතක ස්වාභාවික රුධිර ප්‍රවාහය අනුකරණය කිරීම සඳහා චුම්භක තාක්ෂණය භාවිත කරමින් මිනිස් හදවතක් සඳහා සම්පූර්ණ ආදේශකයක් ලෙස ක්‍රියා කළ හැකි ලොව පළමු බද්ධ කළ හැකි භ්‍රමණ රුධිර පොම්පය ලෙස මෙය සැලකෙනවා.

( newsfirst | Chathurika Jayasundara)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යකඩ හදවතකට පණ දුන් ඔස්ට්‍රේලියා වෛද්‍යවරුන්ගේ අරුම පුදුම සැත්කම | The Leader